Wednesday, May 20, 2015

නොදනිම්

නැවත නොඑන නියාව දනිම්
නමුත් ඒබව සිතට ඒත්තු ගන්වන්නට නොදනිම්

මෙළොව ඇත්තේ යාම් ඊම් පමණක් බැව් දනිම්
නමුත් අංශුමාත්‍රික කාලපරතර අනන්තයක ඇති,
මූසල නිහැඬියාවට පිළියම් නොදනිම්

සියක් ඇස් අග කඳුළු වියැලේදැයි නොදනිම්
නමුත් හිත්වල ඇඳුණු මනෝරූපය,
කාලයේ වැලි ධූලි වලින් යට නොවන නියාවද දනිම්

නැවත නොඑන නියාව දනිම්
නමුත් ඒබව සිතට ඒත්තු ගන්වන්නට නොදනිම්

ඉන්න තැනක හොඳින් ඉඳපන් අයියේ


5 May ·



3 comments:

  1. මතක අතර වේදනාත්මක වන මතකයක් බව හැඟී ගියා

    ReplyDelete
  2. නැවත එන්නෙ නෑ කියල මැසේජ් එකක් දැ්ම්ම නම් හරි නේද?

    ReplyDelete
  3. Lucky Tiger Casino | NJT Hub
    Lucky Tiger Casino offers a wide range of 강릉 출장샵 gaming, from 김포 출장마사지 video slots and specialty table games to live dealer games and progressive jackpots, License Agreement: 888 Holdings 양주 출장마사지 LimitedAddress: 영주 출장안마 777 Ln 충주 출장샵 Las Vegas, NV 89109Phone: 1-888-226-7777

    ReplyDelete