Tuesday, May 19, 2015

අකිල, ඔබ කරුමක්කාරයෙකි..!

අකිල,ඔබ කරුමක්කාරයෙකි..!

ඔබ මිය ගියේ මස් කඩ කඩන්න ගොස් නොව ජීවත් වීමට අයිතිය ඉල්ලද්දිය...

එබැවින් ඔබ වීරයෙක් නොව කරුමක්කාරයෙකි...!

ඔබ මිය ගියේ මරක්කලයන් තැලීමට ගොස් නොව බොන්න වතුර ටිකක් ඉල්ලීමට ගොස් ය...
එබැවින් ඔබ වීරයෙක් නොව කරුමක්කාරයෙකි..!

ඔබ ඉල්ලුවෙ කතිරය දුන් ජනතාවට සත්තු සර්පයින්ට මෙන් නොසලකන්න යන ඉල්ලීමයි..
එබැවින් ඔබ වීරයෙක් නොව කරුමක්කාරයෙකි..!

මිය යද්දි ඔබ පාසල් දරුවෙක්..
එබැවින් ඔබ කරුමක්කාරයෙකි...!

ඔබ මිය ගියේ පිටට වෙඩි වදී මහ මගයි..
එබැවින් ඔබ කරුමක්කාරයෙකි...!

ඔබ මියගියේ දෙමළෙකුගේ අතින් නොව, සිහළෙකුගේ අතින්ය...
එබැවින් ඔබ කරුමක්කාරයෙකි...!

ඔබ මියෑදුනේ කොටින්ගෙ අතින් නොව 'රණවිරු අයියෙක්' ගෙ අතින්ය...
එබැවින් ඔබ කරුමක්කාරයෙකි..!

ඔබ වෙනුවෙන් හඩ නගන්න බල සේනා නොමැත...
එබැවින් ඔබ කරුමක්කාරයෙකි...!

ඔබ ඉපදුනේ සකල සිරින් පිරි සිරිලන්කාවේය..
එබැවින් ඔබ කරුමක්කාරයෙකි..!

ඔබ ආයේ දෑස් අරින්නේ නැත..
එබැවින් ඔබ කරුමක්කාරයෙකි...!

මියෑදුණු අහ් නෑ ඝාතනය උනු ඔබේ සිතල සිරුරට පණ නැත...
එබැවින් ඔබ කරුමක්කාරයෙකි...!

ඔබ ඉපදුනේ ඔබ මිය ගිය එකමයි හොද කියන සහෝදර ජනතාවක් සිටින රටකය...
එබැවින් ඔබ කරුමක්කාරයෙකි...!

ඔබට සමාදානයේ සැතපෙන්න නොහැකි බව ස්ථිරයි...
එබැවින් ඔබ කරුමක්කාරයෙකි....!

ප.ලි
ඔබව අපට දින 7කින් අමතක වනු ඇත..
එබැවින් ඔබ කරුමක්කාරයෙකි...!


No comments:

Post a Comment