Wednesday, May 20, 2015

෴පී.කේ සහ අබ සරණ෴


මගේ පොඩි කාලෙ ගෙවුනෙත් ගාසා තීරය ගැන කතා අහ අහා.
මං ඒක අඳුන ගත්තේ අංකල් ලට ෂොට් එකක් දා ගන්න ගමන් කතා කරන්න තියෙන ලෝක ප්‍රශ්නයක් විදිහට.
ඒකම ආයෙ නැගලා එද්දි මං ඒ ගැන සංවේදී නැත්තෙත් ඒ නිසාම වෙන්නැති.
මගේ චුට්ටන් කාලෙ ගෙවිලත් එවරයි ඒත් මේකලා තාම එක ඇඳුම බෙදා ගන්න රණ්ඩු කරන අක්ක නගෝ වගේ ගහ ගන්නවා.
ගොදුරු බිම වෙනුවෙන් සටන් කරන තිරිසන්නු වගේ මරා ගන්නවා.
"මිනිසා" නියැන්ඩර්තාල් ලා ගෙ බුද්ධිය ඉක්මවමින් මහ පොළව ජයගන්න උදව් උනු එක දෙයක් ලු දියුණු සන්නිවේදන හැකියාව.
මං දන්නෑ එහෙමයි කියන්නේ.
එහෙව් කොට අවුරුදු ගානක් තිස්සෙ මේ බුද්ධිමත් ජීවියා මරා ගන්නෙ ඇයි තිරිසන්නු වගේ? ප්‍රශ්න සාකච්ඡාවෙන් විසඳ ගන්නැතිව?
ඒකට හෙන සංකීර්ණ උත්තර දෙතෑකි..
මගේ උත්තරේ සරලයි
මං ඒකට කියන්නේ පඩත්තල කම (පී.කේ.)
ගහෙන් බැස්සම නැට්ට හැලුනට පඩත්තල කම හලා ගන්න බැරි උනා
ඒක නිසා කටින් ප්‍රශ්න විසඳන්න හිතෙන්නෑ..පොඩි මෝටාර් කෑල්ලක් ගහන්නම ඕනෙ..ෂෙල් වෙඩිල්ලක් තියන්නම ඕනි.
නැත්තම් සයිඩ් ඉෆෙක්ට්ස් විදිහට එන කැසිල්ලටම නින්ද යන්නෑ.
හොඳම සීන් එක තමයි පී.කේ. වලට බෙහෙත් නෑ.
පීකේ, ජාතිවාද ජාතිකවාද අන්තවාද ත්‍රස්තවාද අධිරාජ්යවාද ආදී ඕනම විදිහකින් පිට දාන්න පුළුවන්.
පීකේ රක්තපාත, කම්පන තත්ව වලට ගියොත් ඉලක්ක වෙන එවුන්ට අබ සරණයි තමයි.
ගහෙන් නැට්ට හලලා ඇවිත් දැන් ස්ක්‍රීන් එකකට මූණ ඔබන් ඉන්න ඔබත් පඩත්තල කම (පී.කේ.) ආසාදිතයෙක් ද?
මං හිතන්නේ අපි හැමෝම එහෙමයි



No comments:

Post a Comment