Wednesday, May 20, 2015

෴තියපං පැත්තකින් උඹෙ වැඩ හොරිකඩ දීපං මචං ඇය හට ඈට හිමි ඇගෙ ඉඩ෴

෴තියපං පැත්තකින් උඹෙ වැඩ හොරිකඩදීපං මචං ඇය හට ඈට හිමි ඇගෙ ඉඩ෴

ප්‍රස්තුතය

ටික දොහොකට කළින් එකතරා මිතුරියක් එක්ක කතා කර කර ඉද්දි ඇය කිව්වා හදිසියේම ඇය කාලයක් ෆේස් බුක් එකෙන් ඉවත්ව හිටි හේතුව.
ඇය දිගින් දිගටම 'ජාතියේ පිනට පහළ වෙච්ච්' අයියලගේ ක්රියාකාරකම් විවේචනය කළ කෙනෙක්.
ඔවුන් අන්තිමේදි කළේ ඇයට දූෂණ තර්ජන එල්ල කළ එක
මට ඒ වෙලේ ඇයට මුකුත් කියා ගන්න බැරි උණා. 
"එහෙම නොකර ඉන්නයි තිවුණෙ..කොච්චර කාලයක් ඔය සෙවළයින්ට බයෙන් ඉන්න ද..උඹට වඩා වෙනස් ලින්ගික අවයවයක් එක්ක ඉපදුනු පලියටම උන් ලොකු ද..උන්ට ඕන දේ නෙවෙයි ද ඔහොම පරාජය බාර අර ගියාම වෙන්නේ?"
මට ඒ ටික එදා කියා ගන්න බැරි උනා..
ඒ, මොක උනත් ඕක ගෑණු ළමයෙක්ගෙ දුර්වල තැනක් නිසා..
ඔතන "වට් ඉෆ්" ජාතියේ ප්රායෝගික අභියෝගයක් තියෙන නිසා.
ඒත් ඊයෙ ඔවුන් තවත් කෙනෙක්ට තර්ජනය කරලා
නැවැත්තුවෙ නැතිනම් ඇයට හා පවුලට අබ සරණයි ලු.
මේ ලියමන නොලිය බැරි බව තේරුණේ එතකොට.

මචං හෙනම සත්ත්ව කරුණාවෙන් කියන්නේ
බොලාට ඕනම මතයක් දරපං..ඒ එක්කම අනෙක් එකාට වෙනස් මතයක් දරන්න තියෙන අයිතියත් මතකෙ තියන් හිටපං
විවේචන කරපං...ඒත් ඒ එක්කම අනිත් එකාටත් විවේචනය කරන්න තියෙන අයිතිය ඔලුවෙ තියන් හිටපං
බොලාට උපතින් ලැබිච්චි පිරිමිකම පාවිච්චි කරන්නේ ගෑනියෙක්ට ජීවිත තර්ජන, ලිංගික හිංසන කරන්න තර්ජන කරන්න නම්, මචං උඹ පිරිමියෙක් නෙවෙයි පොන්ටියෙක්
ඒක කරන්නෙත් ෆේක් ප්‍රොෆයිල් එකකට මුවා වෙලානම් උඹ රජ පොන්ටියෙක්
රජ ගෙදර උන්ට නීතිය ක්‍රියාත්මක නොවුණු පළියට බොලා වගේ සොකඩයොන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්නෑ කියලා බොලාගෙ ළපටි මොළේට හිතෙනවා නම්,
මචං 'අබ සරණ' බොලාට නෙවෙයි බොලාට මහ උලු ගෙදට්ට බත් අදින්න වෙන බොලාලැයි අසරණ අම්මට.

සමාජ පිළිලයක් වෙච්චි 'සිංහල බුඩිස්ට්' එක වැටුණු වෙලේ හිතට සතුටක් මෝදු උනාට ඒක වැටුනේ විදේශ බලපෑමකින් කියලා දැන ගත්තම ඒ සතුට නැති උනා.
ඒත් මට ආයෙමත් සතුටුයි
උඹලා වගේ වටපිටාව නොපෙනෙන පට්ටි හරක් හදන්නේ ඒ වගේ පොලිටිකල් ඇජෙන්ඩා පිට දුවන පේජ් වලින්.
උඹලගෙ ලෝකෙ ඒක.
එතනින් එහා ප්‍රායෝගික ලෝකෙ උඹලට හරියට ඇහැට නොපෙනෙන සමාන්තර විශ්වයක් වගේ
ප්‍රායෝගික ලෝකෙ උඹලට තියෙන්නේ සිව් වෙනි මානෙක
එතකොට උඹලට පාර්ලිමේන්තු සභා ගර්භෙදි මරාගෙන කැන්ටිමේදි කරට අත දාන් ඉන්න දේශපාලන යතාර්ථය අදෘෂ්යමානයි
බොලාට දේශපාලනේ අයනු ආයනු කියවන්න වෙලා තියෙන්නෙත් අබ සරණ නානසාරගෙන් වීම ජාතියේම ඛේදවාචකයක්
අදහස් වලින් මත ගැටුම් තියෙන ගොඩක් දෙනෙක් මට උපන්දින සුභපැතුමක් එකතු කරන්න අමතක නොකළ බව දැක්කම එතන සුභ පැතුමකට එහා වටින කමක් තිවුණා.
ජාතික දේශපාලනික මත පැත්තකින් තිව්වම අපිට 'මනුෂ්යත්වය' කියන සම බිමේ කැත නැතිව එකට හිට ගන්න පුළුවනි
අන්ධයො වගේ මොකාද්දෝ මන්දා ගමනක් යන උඹලා දැක්කම දැනෙන්නෙ දුකක්

අන්තිමට මේකත් මතක් කරළා දෙන්නම් මචං
ගොං කමට හරි කුපාඩි කමට හරි උඹලට ගැහැණියව දේශපාලන ලෝකෙ කුණු මුල්ලටයි එතනින් කුස්සියටයි තල්ලු කරන්නෝනි ඇති බන්
ඒත් සොරි..බොලාගෙ පඩ ගඳට හැම ගෑනියෙක්ම බය නෑ
උඹලා කුස්සියට තල්ලු කරපු ගෑනු දවසක එලිටට ඇවිත් කඩ ගිනිතියන්න බිත්තර ගහන්න යන්න හදන උඹේ කනෙන් අල්ලලා "ගිහින් වත්ත සුද්ද කරලා දාපං මිනිහෝ" කියන දවස ළඟදිම පැමිණේවා!
ආමේන්

to all the women who dare to raise their voice #respect

· 22 June 2014



No comments:

Post a Comment