Tuesday, May 9, 2017

~ ආන්කා මම උඹට.. ~



උඹත් ආසයි මුහුදට

මාත් ආසයි මුහුදට

අපේ කැමති අකමැති දේවල්

එදා ඉදලම ගැලපුණා හරි අපූරුවට

ඇලෙක්සෙයි ගොඩක් ස්තූතියි ඔයාට

දිලිසෙන ඇස් දෙක කිව්වා එක කලාවකට

හීනියට හිනාවෙනව ඇරෙන්න

මට දෙන්න වෙන උත්තරයක් නැතිකොට

හැරුණා උඹ ආයෙමත් ඈත ක්ෂිතිජය දිහාවට

රතුපාට අහස

මූදත් එක්ක දොඩමළුවෙන අපූරුව

හුස්මක් ගන්නැතිවම බලන් ඉද්දි උඹ

මං බලාන උන්නේ

දකුණින් හමන කං අගුල් වැටෙන හුළඟත් එක්ක

දඟ කරන පොර බදින

කැරලි කෙස් රොදවල් අතරින් පේන

උඹේ පිං පාට මූණ 

රූප රාජිණියෙක් නොවුණත් උඹ

සත්තයි ආන්කා

මගේ හිත ගෑණියෙක්ගෙන් ඉල්ලපු

හැම දේම තිවුණා

අඩුවක් නැතිවම උඹට

මහ මුහුද රතු පාට ඉර ගිලගෙන

සාතන්ගෙ හෝරාව ආවම

වෙලාව එනවා උඹටත් යන්න

උඹේ ඔලුවෙන් හමන

අදුර ගන්න බැරි මොකද්දෝ මල් පුසුඹ විතරක්

හැමදාමත් වගේ 

ඉතිරිවේවි මට...


- සේසත් -