Monday, May 30, 2016

෴යෙන්ඩ තම්බි යෙන්ඩ තම්බි නැගිටලා ෴ (අන්තවාදය හා ඊසොප්ගෙ වෙනත් කතා)



¤පළවෙනි කොට්ඨාශය -
" සිංහල දරුවෙක් මුසල්මානුවන් විසින් නිරුවත් කරයි..! සිංහලයිනි නැගිටිව් !! ඒ හෙට ඔබේ දරුවා විය හැකියි"

¤දෙවන කොට්ඨාශය -
"කඩේක හොරකමක්වත් දෑන් අපිට අල්ලන්න බෑ. මේක අපෙත් රට තමයි ! සිංහලයිනි අපේ ඉවසීම නිවටකමක් විදිහට ගන්න එපා!!"

¤ඒ කොට්ඨාශයත් මේ කොට්ඨාශයත් ඇරුනම තුන් වෙනි කොට්ඨාශය -
"ඔන්න බේබදු නානසාරට තවත් පොටක්...."

ලයින් එකක් ඇදලා අපි පළවෙනි දෙවනි කොට්ට්ඨාශ දෙක අන්තවාදීන් කියලා හදුනගන්නවා. එතකොට කවුද මේ තුන් වෙනි සැට් එක.?

තුන් වෙනි පෙළ හැදෙන්නේ අන්තවාදය ප්රතික්ෂේප කරන පිරිස් වල එකතුවෙන්.
ඒත් විශේෂම ලක්ෂණය තුන් වෙනි පෙළේ ප්රධාන ඉලක්කය පළමු පෙළ මිස දෙවන පෙළ නොවීම.

'බුදුන්ගේ දේශය' සංකල්පය, 'අල්ලාගේ රාජ්ය' සංකල්පය තරමටම ගෝත්රිකයි.
දෙවන පෙළේ අන්තවාදය සූක්ෂමයි සැලසුම් සහගතයි.
ඒ වෙනුවෙන් පළමු පෙළේ ප්රතිචාර බොහෝ දුරට ප්රාථමිකයි..හාස්යෝත්පාදකයි.

වහාබි, බුර්කා, සේනා, බලකා, උලමා, රාව, සතකුප්පා, ජිහාඩ්, මිනීමස්, හරක් මස් ,...
කටේ කෙළ ගානට කටට හුරු වෙන්නෙ ඒකෙ ප්රතිඵලයක් විදිහට..
තෙවන පෙළ හිනා වෙන්නෙ ඒවට. තෙවන පෙලේ 'බයිට' ඒක..

ඒත් ප්රශ්නෙ මේකයි..

එතකොට හරි ද?

පළවෙනි, දෙවනි පෙළවල් එක්කම ඇති වෙන එකක් තමයි ඔවුන් මත යැපෙන පාලක පන්තියක් සහ පූජක පක්ෂයක්.
ඔවුන්ව පෝශනය කරන්නෙත් එම පාලක පන්තිය සහ පූජක පක්ෂය.
හිඟන්නට තුවාලයක අවශ්යතාවය වගේ එම පාලක/පූජක කොටස් වලට පවතින්න පළමු දෙවන පෙළවල් දෙකේම පැවැත්ම අත්යවශ්යයි.

හතරවන පෙළක් අවශ්ය වෙන්නෙ එය පැහැදිළිව හදුන ගත්තම.
හතර වෙනි පෙළේ අවධානය තිබිය යුත්තේ එතන.
හතරවෙනි පෙළේ ඉලක්කය
"වහාබි, බුර්කා, සේනා, බලකා, උලමා, රාව, සතකුප්පා, ජිහාඩ්, මිනීමස්, හරක් මස්..."
සමාජයෙන් අතුගාන එක.
පළමු දෙවන පෙළ දෙකම විවේචනය කරන එක.
එකක් පවතිනතාක් කල් අනික පවතින කොටස් දෙකකින් එකක් විතරක් වෙන්  කර නැති කිරීම සිද්ධ නොවෙන දෙයක්. එක කොනක් පමණක් විවේචනය කිරීමමත් අන්තවාදයක්.
සිව් වන පෙළේ අරමුණ අන්තවාද ප්රූෆ් සමාජයක් හදන එක.

කොටින්ම හිඟන්නගෙ තුවාලෙ නැති කරන එක.

-පිසාචයා-


Friday, May 27, 2016

ආගමික පාසල් සහ වෙනත් හුටපට (අසම්පූර්ණ සටහනකි)



 බෞද්ධ ඔන්ලි, හිංදු ඔන්ලි, කතෝලික ඔන්ලි, ඉස්ලාම් ඔන්ලි ලෙස පාසල් බෙදීම දීර්ඝකාලීනව රටට බලපාන පිළිලයක් පෝෂණයකළ හැකි බව අකමැත්තෙන් වුවද පිළිගත යුතු දෙයකි.

තමන්ට නොතේරෙන දෙය සැක කිරීම හා ඊට බිය විම මනුෂ්‍යයන් ඇතුළු සියලුම සත්ත්වයන්ට පොදු ලක්ෂණයකි. කල්ලි බෙදීමත් සාමූහික ප්‍රචණ්ඩත්වයත් මේ හරහා මතුවීම වීම සුලබ ය. පාලකයන්ගේ පහසුවට 'බෙදා පාලනය කිරීම' එදා පටන් සිදු කළත් අප සදාකාලිකවම තුන්වන ලෝකයේ රටක්ව පැවතීම පසුපස මෙහි අඳුරු සෙවණැලි පවතින බව බැහැර කළ නොහැකි සත්‍යයකි. දරුවෙකුට තමන්ගෙ ආගමට අදාල වටපිටාවක ආගමික අධ්‍යාපනයක් ලබාදීමට කැමති දෙමව්පියන් බොහෝ දෙනෙක් සිටින අතර එය සාධාරණ සිතුවිල්ලකි. මෙහිදී ඇතිවන අර්බුධකාරී තත්ත්වයට පිළිතුරු සැපයීමේදී රජයකින් විය යුත්තේ දහම්පාසල් පද්ධතිය දියුණු කිරීම, රටේ අධ්‍යාපන ක්‍රමය ක්‍රමවත් කිරීම හා අධ්‍යාපනයය වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන ඉහළ දැමීම මගින් මතුවී ඇති අනවශ්‍ය තරඟකාරීත්වය නැතිකිරීමත් ඒ හරහා දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට (හා අනෙක් බාහිර ක්‍රියාකාරකම් වල යෙදීමට) දරුවන් පෙළඹවීම ය.

නමුත් අවාසනාවකට අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වන මුදල ඉහළ දැමීමට කරන ඉල්ලීම් සිනහවෙන් ඉවතදැමීමත් පාලකයන්ගේ සුඛවිහරණයට වෙන් වන මුදල් ඉහළ යාමත් සිදුවන අතර අප අහවල් ජාතියේ අහවල් එක ගැන බලමින් විරිත්තමින් සිටින්නෙමු.


Thursday, May 26, 2016

ලංකාවට ආණ්ඩුවක් ඕන ද?




මං හිතන විදිහට ලෝකෙ වැදගත්ම දේවල් දෙකම පටන් ගන්නේ 'හි'යන්නෙන්. ඒකෙන් එකක් 'හිතීම'.

'ලංකාවට ආණ්ඩුවක් ඕන ද?' කියන ප්‍රශ්නය මතු කරපු පුද්ගලයා අදහස් කළේ "අවශ්‍ය නෑ" කියන එක වෙන්න පුළුවන්. නමුත් වචනාර්ථයෙන් ඒක ප්‍රශ්නයක්. පුරුද්දට පාලනය වෙනවා වෙනුවට තමන් පාලනය වෙන්නේ ඇයි? කොහොමද? කියන දේ ගැන පොඩ්ඩක් නැවතිලා බලන්න එක පුද්ගලයෙක් හරි පෙළඹුණා නම් ඒක නරක දෙයක් ද?

කොයි හැටි වෙතත්, පහළින් තියෙන්නේ මකුළුවා සහ අඟුටුමිට්ටා අතර ඇතිවෙච්ච සංවාදයක්. (ඒ කවුද කියලා Game of Thrones බලන අය දන්නවා :D )



“Three great men sit in a room, a king, a priest and the rich man. Between them stands a common sellsword. Each great man bids the sellsword kill the other two. Who lives? Who dies?”

“Depends on the sellsword”

 “Does it? He has neither the crown, nor gold, nor favor with the gods”

 “He’s has a sword, the power of life and death”

“But if it is the swordsman who rules, why do we pretend kings hold all the power? When Ned Stark lost his head, who was truly responsible? Joffrey, the executioner, or something else?”

 “I have decided I don’t like riddles”

“Power resides where men believe it resides, it’s a trick, a shadow on the wall, and a very small man can cast a very large shadow”





Wednesday, May 18, 2016

~සිංහ ලේ | දෙම ලේ~



යුද්ධය තෝරාගැනීමක් නොව ඓතිහාසික මානව දායාදයකි. ඔබට යුද්ධයක් අනවශ්යයි නම් ඔබට කළ හැකි දේවල් අතුරින් ප්‍රධානම දෙයක් තමයි යුධයකට සූදානම් වීම.
ඒ ඇයි?
වට පිට බලන්න,
මේ ලෝකෙ මිනිස්සු කොච්චර ලේසියෙන් රැවටෙනවද යන්න තේරුම් ගන්න මදක් වටපිට බැලීම උනත් සෑහෙනවා.
කුපාඩි මිනිස්සු අතරිනුත් පහළ වෙච්ච අම්බ කුපාඩි (ඇතැම් දේශපාලුවෝ වේවා ආගමික නායකයෝ වේවා පූජකවරු වේවා වෘත්තීය සමිති නායකයින් වේවා page ඇඩ්මින්ලා වේවා) ප්‍රයෝජනයට ගන්න දේවල් තුනක් තියෙනවා.
මිනිසාගේ උපන්ගෙයි බල තණ්හාව,කුපාඩිකම,  අසල්වැසියා ගැන ඇති බිය.
ඔය කියන තෝන් ලණු වලින් හැමදාමත් සමාජ කණ්ඩායම් මූව් කලා. එහෙම උන් තමන්ගෙ වාසිතකා අවුලන ගිණි පුපුරු මහා ලැව් ගින්නක් වෙන්න පුලුවන්. එදාට කැති ගාන්න පණ පිටින් ගිණිතියන්න කලින් හොයලා බලන්නේ හරියට දෙමළ කතා කරන්න පුලුවන් ද බාල්දියට පාල්දිය නොකිය සිංහල කතා කරන්න පුළුවන් ද වගේ දේවල් විතරයි.
ඒ නිසයි යුද්ධය ඇති වෙමින් නැතිවෙන නැති වෙමින් මතුවෙන ඓතිහාසික මානව දායාදයක් වෙන්නේ.
සාමය කියන්නේ නොනිමි අරගලයකට හම්බෙන පොඩි බ්‍රේක් එකක් විතරයි.

ඒ නිසයි යුද්ධයකට සූදානම් වීම අතින් වගේම සාමය දීර්ඝ කර ගැනීම ගැනත් හිතන්න ඕනෙ. දෙවනි එක අතින් අපි පට්ට ෆේල්. යුද්ධයකින් පස්සෙ කරන්න ඕන විදිහෙ නිවැරදි පසු විමසුමක් හරි පොළවක ඉඳන් උනේ නෑ. ආයෙ මේ දේවල් කාලාන්තරයකට නොවෙන්න කළයුතු දේවල් කලේ නෑ. විමසුමෙන් ඉන්න ගමන් වුවත් ඒ මිනිස්සු වැටිච්ච වලෙන් ගොඩ එන්න සහෝදරත්වයේ අත දික් කරේ නෑ.
ඒ වෙනුවට අපි කරේ හැම චන්දයක් ළඟදිම කොටියා වලෙන් නැගිට්ටවපු එක විතරමයි. අවුරුදු ගාණක් තිස්සේ පොළවට හලපු ලේ වලින් තමන් පෝෂණය වීම විතරයි. ඒ ලේ සිංහලද දෙමළද වෙනසක් නැතුව පොළවට උනා ගත්තා. ඒත් අපි දැන් කොතනද?


Tuesday, May 17, 2016

රිලව්

5 වසරෙ විතර ඉද්දි අපිට අඳුන්නලා දුන්නා පොත් හුවමාරු කරන සිස්ටම් එකක්. ඒක හරියට හැම පංතියකටම තියෙන පුංචි පුස්තකාලයක් වගේ. ළමයි තමන්ට කැමති පොත් ගානක් ගෙනත් දුන්නම ඒවා එකතු කරලා කබඩ් එකේ දානවා. හැමදාම එතනින් පොතක් අරගෙන කියවන්න වෙලාවක් දෙනවා.
ඔහොමකියෝපු පොතක තිබ්බ කතාවක් මතක් උනා අද. ඊසොප් ගෙ එකක් වෙන්නෝනි
 සරලව කතාව මේකයි

ඔන්න එකෝමත් එක කැලෑවක කොනක ඇතිවෙනවා ලැව් ගින්නක්. ඔය ළඟ බෙනේක ජීවත් වුණු බකමූණෙක් මේක දැක්කම තේරුම් ගන්නවා වැඩි කාලයක් යන්න කලින් මේ පොඩි ගින්න ලොකු වෙලා ලොකු විනාශයක් කරන්න පුළුවන් බව. බකමූණා ළඟම ගුහාවක ජීවත් වෙන හිවලා ළඟට පියාඹගෙන ගිහින් කියනවා ඉක්මනින් දෙයක් නොකරොත් සිද්ධවෙන විනාශය ගැන. ඒකට නරියා දෙන්නේ " ඇයි අනිත් හැමදාම වගේ ගිහින් නිදා ගන්නෙ නැතුව මට වද දෙන්නේ" වගේ උත්තරයක්. තමන්ට පුළුවන් දෙයක් කරන්න හිතාගත්තු බකමූණා ශිය කඩිත්තෙන් තමන්ගෙ පිහාටු පොඟවගෙන ඇවිත් ගින්නට ඉහිනවා.  හිවලා මේ තේරුමක් නැති වැඩේ දිහා දිහා හිනාවෙවී බලන් ඉන්නවා.

නමුත් කාලෙත් එක්කම ගින්නත් මේ ආරංචියත් පැතිරෙනවා. සත්තු එතනට එකතු වෙනවා. කුරුල්ලෝ පිහාටු සලලා ගින්න කැලේ ඇතුලට පැතිරෙන එක වලක්වනවා. අලියා දිය කඩිත්තෙන් වතුර ගෙනත් විදිනවා. යම් වෙලාවකට පස්සේ කට්ටියට පුළුවන් වෙනවා එකතුවෙලා මේ ගින්න නවත්තගන්න. 


මිනිස්සු රටට ලෝකෙට යහපතක් කරන්න හදන හැමවෙලාවකම ඒක වඩාත්ම ඵලෝත්පාදක ක්‍රමය නෙවෙයි කියලා තමන්ට හිතෙන්න පුළුවන්. තමන්ට එහෙම හිතෙන ඕනම වෙලාවක තමන්ට පුළුවන් තමන්ට හිතෙන වඩාත්ම ඵලෝත්පාදක ක්‍රමයට ඒ වැඩය පටන් ගන්න. නමුත් එහෙම නොකර කකුලෙන් අදින හිනාවෙන හැම පාරම  අපි හැසිරෙන්නේ අර ඉනිමඟ සහ කෙසෙල් කැන පරීක්ෂණයේ වඳුරො වගේ බව අමතක කරන්න එපා.

ස්තූතියි.


Thursday, May 5, 2016

~ ඇලෙක්සෙයිගේ~ ඇලෙක්සෙයිගේ සටහන ~



තෝර්ගෙ කුළුගෙඩි පාර

කණ ලඟින්ම ඇදිලා යද්දි

උඹ එල්ලුණා මගේ දකුණු අතේ..

බට කොළ ආච්චිගෙ වගේ

දික් උල් නියපොතු

මගෙ අත
හිල් කරන් යද්දි

හිතට දැනුණු සනීපයට අතට නොරිදුනත්,

කොන්ඩේ දිගේ නලලට බේරුණු වතුර බිංදු

ඇහි පිල්ලම් අගින් බිමට වැටෙද්දි,

තෙත බරිත උඹෙ මූණ

වෙව්ලන හීනි තොල් දෙක

දකින්න දුකයි මට

ඔව් ආන්කා උඹ පව්!

මේ වගේම නා කපන වැහි වැටුණු දවසක

ඔලු ගෙඩි උඩිං පියෑඹුව

එපිට දේශෙ උත්තමයගෙ යකඩ කුරුල්ලෝ

ගිණි බින්දෙ අපි හැදුණු වැඩුණු ගෙවල් දොරවල් වලට නෙවෙයි

අපේ ආත්මෙට..

රැක ගන්න කියලා පණ විතරක් ඉතිරි උනාම

ඇදං හිටි ගවුම් කොටේ පිටිං දිව් උඹ

කණා මැදිරි එළියටත් බය ඇති

ඔව් ආන්කා උඹ පව්!!

ඒත්..

හිත රිදෙයි කියලා නොකීවට

බය උනාමත් ලස්සනයි උඹ..

මඩ තලන්න ආසවක් නැති නිසා නොදිව්වට

හුස්ම පවා ඇහෙන්න උඹ ලඟින් ඉද්දි

දැන් නම් කොහෙවත් යන්න හිතෙන්නෑ මට. සටහන ~

තෝර්ගෙ කුළුගෙඩි පාර

කණ ලඟින්ම ඇදිලා යද්දි

උඹ එල්ලුණා මගේ දකුණු අතේ..

බට කොළ ආච්චිගෙ වගේ

දික් උල් නියපොතු

මගෙ අත හිල් කරන් යද්දි

හිතට දැනුණු සනීපයට අතට නොරිදුනත්,

කොන්ඩේ දිගේ නලලට බේරුණු වතුර බිංදු

ඇහි පිල්ලම් අගින් බිමට වැටෙද්දි,

තෙත බරිත උඹෙ මූණ

වෙව්ලන හීනි තොල් දෙක

දකින්න දුකයි මට

ඔව් ආන්කා උඹ පව්!

මේ වගේම නා කපන වැහි වැටුණු දවසක

ඔලු ගෙඩි උඩිං පියෑඹුව

එපිට දේශෙ උත්තමයගෙ යකඩ කුරුල්ලෝ

ගිණි බින්දෙ අපි හැදුණු වැඩුණු ගෙවල් දොරවල් වලට නෙවෙයි

අපේ ආත්මෙට..

රැක ගන්න කියලා පණ විතරක් ඉතිරි උනාම

ඇදං හිටි ගවුම් කොටේ පිටිං දිව් උඹ

කණා මැදිරි එළියටත් බය ඇති

ඔව් ආන්කා උඹ පව්!!

ඒත්..

හිත රිදෙයි කියලා නොකීවට

බය උනාමත් ලස්සනයි උඹ..

මඩ තලන්න ආසවක් නැති නිසා නොදිව්වට

හුස්ම පවා ඇහෙන්න උඹ ලඟින් ඉද්දි

දැන් නම් කොහෙවත් යන්න හිතෙන්නෑ මට.