Monday, September 25, 2017

දුම්රිය මොහොතක් නතර උනේ

උසස් පෙළ කේවල ව්‍යාපෘතිය වෙනුවෙන් මාතෘකාවක් තෝර ගන්න වෙද්දි මට ඕන උනේ එක්කෝ කොළඹ කුණු ප්‍රශ්නය ගැන කරන්න. නැත්තම් තරුණ පරපුර සහ සියදිවිහරණය ගැන කරන්න. ඒකෙන් මම තෝර ගත්තේ දෙවනි එක. 

කොයි ජීවිතයත් වටිනවා උනාට තරුණ ජීවිතයක් නැතිවෙනවා කියන එක ගැන මොකක්දෝ හේතුවක් මත මං ගොඩක් සංවේදියි. තරුණ හිත් ඇතුලෙ තියෙන්නේ එක හීනයක් බලාපොරොත්තුවක් නෙවෙයි. ඒක හැම තරුණයෙක්ටම පොදුයි. .

අපි හිතන පතන හැමදේම, හැම හීනයක්ම ඒ විහිහට වෙන්නේ නෑ තමයි..ඒත් ඒ වෙනුවෙන් බාහිර සමාජය එක්ක..තමන් එක්කම කරන සටන මාරම අවංකයි.
ජීවිතය කියන්නේ අවසානයක් නැති අරගලයක්. ඒ අරගලය මගදි සටන අත ඇරලා දාන්න මනුස්සයෙක්ට හිතෙන මානසික තත්වය සරල නෑ. ජීවිතයේ දුක සතුට අතර තියන සියුම් දෝලනය තේරුම් ගන්න එක ලේසි දෙයක් නෙවෙයි. ඒත් තමන්ගෙ ජීවිතය අවසානෙදි වැඩියෙන්ම වටින්න ඕන තමන්ට..

මහකණුමුල්ලේ වජිර හිමි වෙරලියැද්ද වෙනුවෙන් ලියපු ලස්සන සිංදුවක ජීවිතයේ සතුට දුක අතර තියෙන ක්ෂුද්‍ර බෙදීම දරා ගන්න බැරුව දුම්රියට බිළිවෙන තරුණයන්ගෙන් අහනවා වගේ "කවුරුද හැඬුවේ..කාටද රිදුනේ..දුම්රියමොහොතක් නතර උනේ"
උඹම උඹේ ජීවිතය නැතිකර ගත්තත්..කවුරු හරි ඒක කළා කියලා පොලිස් පරීක්ශන හොයා ගත්තත්. නිවන් සුව 

පලි:
වෙරලියැද්දගේ පෙරුම් පුරාගෙන ගීතය මෙතනින්