ජාතික ගීය දෙමළෙන් ගැයීමේ අනභිභවනීය මෙව්වා එක ගැන වගේම ඒකෙන් සිංහලබෞද්ධ මෙව්වා එකට මෙව්වා වෙන ආකාරය ගැන ඕනවටත් වඩා විචාර බුකියෙ ඇලවිලා තියන නිසා ඒ දේවල් වෙනුවෙන් කාලය වැය නොකර ඉතිහාසය පොඩ්ඩක් මතක් කරදෙන්න හිතුවා.
කෙනෙක් පිලිගත්තත් නැතත් දේශපාලනය කියන්නෙම ඉතිහාසය.
හර්තාලයෙන් පසු කාලයේදී අගමැති ඩඩ්ලි අසනීපව ඉල්ලා අස් වීම නිසා සර් ජෝන් කොතලාවල අගමැති බවට පත්විය.
අගමැති කොතලාවල 54 යාපනයේ කළ සංචාරයකදී රැස්වීමකදී සිංහල දමිළ භාෂා ද්විත්වයටම රාජ්‍යය භාෂා තත්ත්වයක් ලැබෙන ආකාරයට ඉක්මනින් නීති සම්පාදනය කරන බවට සර් කොතලාවල කල ප්‍රකාශය ඒ සමයේ දේශ්ප්රේමී අයියලාගේ දැඩි විරෝධයට ලක්විය.

අවස්ථාවෙන් ප්රයෝජනය ගත් ශ්රී.ලං.නි.ප. ය 'සිංහල භාෂාව පමණක්' යන්න තම තේමා පාඨය කර ගත්හ.
ඒ අනුව වඩාත් ගෝත්‍රික ස්වරූපයක් ගන්නා 56 මැතිවරණයේ ප්‍රධාන තේමාව වන්නේ රටේ අන් කිසි ගැටලුවක් නොව රාජ්‍ය භාෂාව කර ගන්නේ මොකක්ද යන්නයි.
ඒ අනුව පැහැදිලි ජයක් ලබන බණ්ඩාරණායකටද ක්‍රමක්‍රමයෙන් පීඩනය යොමු වන්නට විය.
ඒ අනුව පැහැදිලි ජයක් ලබන බණ්ඩාරණායකටද ක්‍රමක්‍රමයෙන් පීඩනය යොමු වන්නට විය.
මැතිවරණ වේදිකාවෙදි දුන් 'සිංහල පමණක්' පොරොන්දුවෙහි ප්‍රායෝගිකව නොහැකියාව සහ භයානක කම 'දේශ්ප්‍රේමීන්ට' වටහා දිය හැකි දෙයක් නොවීය.
ආණ්ඩුවේ ප්‍රධාන ආධාරකරුවෙකු සිදුකළ උපවාසයක් නැවැත්වීම උදෙසා සුලුජාතීන්ට සහන සලසන සියලු උපවගන්ති ඉවත් කිරීමට රජයට සිදු විය.
කතන්දරය එයින් නවතින්නේ නැත. එම රාජ්‍ය භාෂා පණතට එරෙහිව ෆෙඩරල් පක්ෂයේ (දැන් ටී.එන්.ඒ.) චෙල්වනායගම් සත්‍යග්‍රහයක් පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ අතර එම විරෝධයට විරෝධය පළ කිරීමට තවත් විරෝධතාවයක් (දැන් සිදුවන්නාක් මෙන්ම) සංවිධානය වී දිබුණි.
මුහුණට මුහුණ බලන් පැවති මෙම විරෝධතාවය අවසන් වූයේ ගුටිකෙළියකිනි.
මුහුණට මුහුණ බලන් පැවති මෙම විරෝධතාවය අවසන් වූයේ ගුටිකෙළියකිනි.
ෆෙඩරල් පක්ෂය විසින් දසවෙනි නිදහස ඉලක්ක කරමින් දියත් කළ විරෝධතා නිසා සිවිල් පාලනය බිද වැටුණි.
භාෂා පණතටත් එහා ගිය උතුරු නැගෙනහිර පදිංචිකිරීම් නැවැත්වීම වැනි බලකිරීම් ද ඔවුන්ගේ ඉල්ලීම් අතරට ඔවුන් එකතු කර තිබුණි.
ඉල්ලීම් ඉටු නොකළොත් සිවිල් නීතිය කඩන බවට කරන ලද ඉල්ලීම් හමුවේ බණ්ඩාරනායකට චෙල්වනායගම් සමග ගිවිසුම් එකඟතාවයකට එකඟවීමට විය.

ඊට විරුද්ධව රොස්මිඩ් පෙදෙසේ අගමැති නිවස වැටලූ එවකට බොදු සේනා සතුටු කෙරුමට නැවතත් එම ගිවිසුම අත්හිටුවීමට පොරොන්දු විය
ඉන් පසුව උතුරේ සිවිල් නීතිය කැඩීම් ආදියෙන් ඇරඹුණු දේශපාලන සාපය වසර දිහක් දක්වා සන්නද්ධවද අදටත් සන්නද්ධ නොවන ආකාරයටද පැසවමින් පවතී.
අහක ඇති දෙබර වලට ගල් ගැසීම දේශපාලුවන්ට ලෙහෙසියෙන්ම කළ හැකි නමුත් ඊට ජීවිත වලින් වන්දි ගෙවන්නෝ ඔවුන් නොවෙත්.
ජාතික සංහිදියාවට අමුඩෙ ගහමුද?
ජාතික සංහිදියාවට අමුඩෙ ගහමුද?
මෛත්‍රී, අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා පලයන් හිටන්
No comments:
Post a Comment