෴ආදරෙයි බඩ රිදෙන තරම්෴
තමන් බඳින්න යන අංජලී ගෙයි රාහුල් ගෙයි ආදරේ අමන් දැන ගන්නවා.
ඊට පස්සෙ අමන් ඒ දෙන්නගෙ අත් එකතු කරලා සතුටින් පැත්තකට වෙනවා
ඒ කුච් කුච් හෝතා හේ
දෙන්නා අතර බහින් බස් වීම් වෙනවා. පෙම්වතිය රස්සාවට යන එක පෙම්වතාට ප්රශ්නයක් වෙනවා. පෙම්වතියව සැකකරනවා අවසාන ප්රතිපලය විදිහට රූපවාහිනියේ ප්රවෘතියක් යනවා "සරසවි සිසුවියක් කපා කොටා ඝාතනය කෙරේ"
කොහෙ ද කොතන ද අවුල?
ආදරය පරාර්ථකාමියි කියන එක කවදාවත් විශ්වාස කළ දෙයක් නෙවෙයි. ආත්මාර්ථකාමී ලෝකෙක ආත්මාර්ථකාමී මිනිස්සුන්ගෙ හිතේ පරාර්ථකාමී ආදරයක්..? ඒක එක අතකින් විහිලුවක්.
" මම ඔයාට පණටත් වඩා ආදරෙයි"
මේ වචන ටික කාගෙන්ම හරි අහල නැති කෙනෙක් නැති බවට මම ඔට්ටුවක් අල්ලනවා.
මේක කියෝන කවුරු උනත් අඩුම තරමෙ එක පාරක්..එක පාරක් හරි මේ වචන ටික අහලා ඇති.
ඒ වචන පිටිපස්සෙ තියෙන මායාකාරී යථාර්ථය තවම නොතේරුනා නම් මහා සුපතල කරුණාවෙන් කියන්නේ..
මචං ඒක ගං කෙබරයක්.!
අපි හැමෝටම වෙලාවක් එනවා..අපි හැමෝටම තීරණයක් ගන්න වෙලාවක් එනවා. ඒ වෙලාව ආවම අපිට අපෙන් එපිට ලෝකෙ ගැන වෙනුවට අපිට "අපි" ගැන හිතන්න වෙනවා.
පණට වඩා ආදරෙයි කිව් මිනිස්සු ආත්මාර්ථකාමී විදිහට තමන් ගැන හිතද්දි උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව මඥ්ඥං වෙනවා.
කාගෙද වැරැද්ද?
ඇත්තක් නොවෙන දෙයක් කිව් කෙනාගෙද?
ඇත්තක් නොවන දෙයක් පිළිගත් කෙනාගෙද?
ආත්මාර්ථකාමී ආදරේ අහිමි උනාමත් ඉතිරි වෙන්නෙ ආත්මාථකාමී හිඩැසක්.
කතා කරන එක.. දුක සැප බෙදා ගන්න එකෙන් පටන් ගත්තම සිප වැළඳ ගැනීමේ ඉදන් ඒ කෙනත් එක්ක බෙදා ගත්තු හැම ලොකු පොඩි දේකම අඩු පාඩුව දැනෙනවා.
පුද්ගලයටත් වඩා අහිමි වෙච්ච "දේවල්" වල හිස් තැන දැනෙනවා
බොක්කෙන්, කේතු දේහයෙන්, උණ්ඩුක පුච්ඡෙන්, යාකෘතික ප්රතිහාර ශිරාවෙන් ආදරේ කළත් කොයි ආදරේටත් එක්ස්පයරි ඩේට් එකක් තියෙන බව මතක තියා ගන්න. සමහර කතාවලදි ආදරේ එක්ස්පයරි ඩේට් එකට කලින් ජීවිතේ එක්ස්පයර් වෙනවා. එහෙම තමයි. ජීවිතේ පූර්ව නිගමන වලට එන්න බැරි දෙයක්.
ඒත්
"ආරම්භ කළ යමක් වේද ඒකාන්තයෙන්ම යම් මොහොතක අවසානයට පැමිණේ"
කියන දේ විතරක් අනිවාර්ය නියමයක්.
අපි හැමෝටම එක කතාවක් තියෙනවා, අනිත් හැම කතාවකටම වඩා වෙනස්.
කොයි වීරයටත් තියෙනවා කතාවක්, නැති උන දවසට ඔලුව මඥ්ඥං වෙන ..කරකුට්ටං වෙන
ඒත් ඉවසන්න..
දත කාගෙන නහය විකාගෙන ඉවසන්න.
විශ්වාස කරන්න, ඉවසීමට ප්රතිඵල ලැබෙයි..
අවසානයක් විදිහට ගුරු ගීතය උපුටා ගන්නවා
..ඔව්, ශීත කාලය පැමිණේවී
තද ශීත කුණාටු හමාවි
හිම කැටි සහිත මහා නපුරු සුළි සුලං හමාවි
එහෙත්..
වසන්තය එනවා සත්තයි.
24 May 2014
No comments:
Post a Comment