Wednesday, May 20, 2015

෴අම්මා ජීවන උයන්තෙරේ෴

෴අම්මා ජීවන උයන්තෙරේ෴

අපිට හිතුනොත් ටැටූ ගහනවා..කකුල බස්සගන්නත් අමාරු ඩෙනිම් අදිනවා ශෝට් ගහන් ක්ලාස් යන එක පට්ට වගේ නම් ඒක කරනවා. කොන්ඩෙ හිතුනොත් වවනවා නැත්තම් කොටටම කපනවා...අපේ වට පිටාවෙ ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන එද්දි ඒක කරනවා. ඒ වයස එහෙම තමයි. 
අපි එහෙම කරද්දි අපිට බයක් තිබුනෙ නෑ කෙල්ලෙක් අපේ පස්සෙන් ඇවිත් පස්සෙ ෆොටෝ ගහයි කියල වත් කෙල්ලො සෙට් එකක් දූෂණේ කරයි කියල වත්.
අවුල කොතන ද?
සබ්ජෙක්ට් එක ගෑනියෙක්ට මාරු වෙද්දි එකතු වෙන වහල් අදහස් වලයි අවුල තියෙන්නේ.
පිරිමියෙක්ට වඩා වැඩි තීව්‍රතාවෙකින් ගැහැනියක් සංවේදියි විලාසිතා වලට.
මම හවසට ක්ලාස් යන්න කලිසම අදිද්දි පස්සෙ ෆොටෝස් දූෂණ අතවර ගැන හිතන්නැත්තම්, මගේ වයසෙම කෙල්ලෙක්ට ඒ ගැන හිතන්න උනොත්, කාගෙද වරද?

දරුවා>කෙල්ල>අම්මා කියන ගලා යාමෙන් ඔප්පු කරන්න යන්නෙ කෙල්ලෙක් අම්මෙක් වෙනව කියන එක නම් දරුවා>කොල්ලා>තාත්තා කියන ගලා යාමකුත් තියෙන බව මතක තියා ගත යුතුයි. ''පිරිමියෙක්ගෙ වැඩ ඔක්කොම අදෙන් අහවරය බඩ වීම, බඩ දැරීම, වැදීම හා එතනින් එහා එව්ව ගෑනියගේ වැඩය..''මොන තරම් වහල් මානසිකත්වයල්ද?
මාතෲ පදවිය උතුම් තමයි. ඒත් ඒත් ඒ උතුම් කම ගැන පිරිමි කටකින් කියවෙද්දි එතන යටින් තියෙන්නේ හෙන කුප්ප කමක්.
උතුම් කම කියන වචනෙ ඇතුලත සිර ගත කිරීමක් සහ ස්ත්‍රී ජීවිතය පිරිමියට අවශ්‍ය විදිහට යාමනය කර ගැනීමට ලැබෙන බලපත්‍රයක්.
මාතෲ පදවිය ලැබෙන්න ඉන්න කෙල්ල, මාතෲ පදවිය හම්බුණම බස් එකේ යනවා. දරුවා අඬන කොට අර හංග ගන්න කියන එක දෙනෝ දාහක් ඉස්සරහ එලියට අරන් කිරි දෙනවා.
දැන් ෆොටෝ ගහනවා නම්, ළමයා විසි කරලා අම්ම දූෂණේ කරනවා නම් අවුල කාගෙද?
ඒක එහෙම වෙන්නෙ, වෙලා නෑනේ එතකොට පිරිමියෙක්ගෙ තියෙන. සංවරය ඇයි හැම තැනම නැත්තෙ?
"මේ ඉන්නෙ මාතෲ පදවිය ලබන්න ඉන්න කෙනෙක්" කියන එක හිතන්නෝනි පිරිමියෙක් නෙවෙයි ද? එහෙම හිතලා සංවර වෙන්නෝනි පිරිමියෙක් නෙවෙයි ද?
මතක තියා ගන්න ගැහැණියක් තමන්ගෙ මුලු ජීවිත කාලෙම ඒ සංවරයෙන් ජීවත් වෙනවා. ඒ නිසයි පස්ස එලියෙ දාන් ගොවිතැන් කරන ගොයිරාළලා අදටත් නිදහසේ ගොයිතැන් බත් කරන්නේ.

නව යොවුන් වයසෙ දරුවෙක්ගෙ ජීවිතේ ගෙවෙන්නෙ පාසලට ක්ලාස් වලට සහ පාරට.
"මළ
ගෙවල් වලට අඳින විදිහ වෙනයි මගුල් ගෙවල් ගෙවල් වලට අඳින විදිහ වෙනයි" ලොජික් ඉන්වැලිඩ් වෙන්නෙ ඒ නිසා.

ඒ වයසෙ දරුවෙක්ට තමන් අවට දකින විලාසිතා කරන්න තියෙන එකම තැන ටියුෂන් ක්ලාස් එක බවට පත් වෙලා තියෙන නිසා.
ඇරත් මඟුල් ගෙවල් කෙසේ වෙතත් ලඟම නෑයෙක්ගෙ මළ ගේකටවත් යන්න පුළුවන් කමක් තිවුණෙ නෑ අපිට වර්කින්ග් ලෝඩ් එකත් එක්ක.

අපි කැමති උණත් නැතත් ලෝකෙ වෙනස් වෙනවා. සමාජෙ වෙනස් වෙනවා. පාර දිගේ අතුල්ල අතුල්ල කව්බෝයි කලිසම් කාලෙක කොල්ලො අදිද්දි දැන් එකාල කකුලත් දාන්න බැරි පෙන්සිල් කට් අදිනවා.
තවත් පස්සට ගියොත් කාලයක් ඉනට රෙද්දකුත් ගමනක් යද්දි විතරක් සලුවකින් විතරකුත් ශරීරය වහගත්තු කාන්තාව දැන් ඊට වඩා වෙනස් ඇදුම් අදිනවා.
සමාජ සදාචාරය තියෙන්නෙ රෙදි යාර ගනනෙවත් ඒ රෙදි යාර ගනනෙන් මහපු ඇදුම් වලවත් නෙවෙයි.
ඒ එක්කම පිරිමියාගෙ මනෝරාජික සදාචාර ලෝකෙ සුරකීමේ හෙන මෙව්වා සහගත වගකීමකුත් ගැහැනියට නෑ.
අපි හැමෝටම පුද්ගලයන් විදිහට ලෝකෙ මෙහෙම පැවතුනොත් හොදය, පට්ටය, මනරම්ය කියලා අදහස් ඇති.
ඒත් ලෝකය පවතින්නෙ ඒ විදිහට නෙවෙයි කියන කටුක යතාර්ථයට මූණ දෙන්නෝනි..
අපේ මිණුම් දඬු වලට වැරදි ඇති, අවුල් ඇති.. ඒත් මේ දැන් ලෝකය පවතින්නෙ මේ දැන් ලෝකය පවතින්න පුලුවන් හොඳම සමතුලිතතාවයේ.


ස්තූතියි


· 22 May 2014



No comments:

Post a Comment