Friday, February 1, 2019

කුඩු හටන

"මොනවම හරි කරන්න වෙනවා අයිසෙ. අරූ නං යුද්ධයක් හරි කරා. මං ඇට පෙන්නලද ලැජ්ජ නැතුව දෙවනි පාරක් ඉල්ලන්නේ හිටං?.  "

"අපෝ එපා සර්"

"ගොනෙක් නොවී කරන්න දෙයක් කියපං"

"කරනවනං දෙයක් තියෙනවා සර්. අපි කුඩු වලට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කරමු. අර කොහෙද රටක එකෙක් ජාත්‍යන්තරයට ගියේ ඒක කරලා. සර්ට බැරි වෙන එකක් නෑ"

"ඕයි මෙහෙට කුඩු  බස්සන කීප දෙනා අපි නොදන්නවද අමුතුවෙන් හොයන්න. අනික අපිට පුළුවන්ද ඕයි උන්ට යුද්ධ ප්‍රකාශ කරන්න හිටං ?"

"උන් නෙවෙයි සර්. උන්ගෙන් බඩු අරං විකුණන කීප දෙනෙක් අල්ලලා. කුඩු ගහන කොල්ලො කුරුට්ටො කීප දෙනෙක් අයූධ පෙන්නන්න ටුවර් එක්කන් ගියා නම් ඒ ඇති"

"වැලේ සාරි උස්සලා කුඩු ගහන උන්ට කොයින්ද ඕයි ආයුධ?"

"ඒවා අපේ මිනිස්සුන්ට වැඩක් නෑ සර්. මිනිස්සුන්ට ඕනෙ හෙඩ්ලයින්. අරුං කොහොමත් ඊළඟට ජනාධිපතිවරණයක් ගේන්න දත කන එකේ සර් දිගටම පඹයා වෙලා ඉඳලා නම් හරියන්නෑ."

"ඒකත් ඇත්ත ඕයි. අපි අරූගෙ රටට ටුවර් එකක් දාගෙනම කැම්පේන් එක පටං ගමු. මෙහෙට වරෙං උම්මා එකක් දෙන්න හිටං"

"සර්...ආර්‍යාව"