Wednesday, May 20, 2015

අපි කොච්චර විවෘත මිනිස්සු උනත් අපි කවදාවත් 100%ක් විවෘත වෙන්නෙ නෑ.
විවිධ මිනිස්සු දන්නේ අපේ ජීවිතයෙන් විවිධ සිරස්කඩවල් පැතිකඩවල් ගැන.
අපිට කොහොමත් පරිපූර්ණව විවෘත වෙන්න බෑ මොකද අපේ ජීවිතේ මොකක්ම හරි පැත්තක් කොයිම හරි කෙනෙක්ට ඇලජික් වෙන්න පුලුවන් නිසා.
අපි ජීවත් වෙන්නේ ඒ ඒ කෙනාගෙන් ඒ ඒ පැති ආවරණය කරගෙන.
ඒත් අපි හැමෝටම දවසක් එනවා 

අපේ මහ බර පොදියෙ බර ඉවසන්න අමාරු වෙන..
අහසින් පාත්වෙලා හරි අපිව 100%ක් තේරුම් ගන්න එකෙක් ඉස්සරහා මල්ල බිම තියන්න, අපිව කනපිට ගහන්න හිතෙන..
ඒත් ඇත්ත තමයි අපි කාටවත් එහෙම දෙයක් නොලැබෙන බව.
මේ මල්ල අපි අපේ වල වෙනකල් ගෙනියනවා.
කරන්න බැරි වෙච්ච දේවල්, කිරීම නිසා පසුතැවෙන දේවල් වලින් පටන් ගත්තම කාලය ආපහු හරවන්න හිතෙන දේවල් දක්වා පරාසයක දේවල්,
අපිත් එක්කම පස් වෙනවා.
සුපිරි මිනිස්සු අපි. ගොඩක් දේවල් කරන්න පුළුවන් උනාට ඕනම දේවල් කරන්න බැරි


1 February 



No comments:

Post a Comment