Wednesday, May 20, 2015

෴සිරි සාර බුලත් විට කාලා බලන්෴


හොරෙක් උස්සලා දිල්ලියෙදි විකුණපු රිමෝට් එක හොයන් යද්දි පීකේට එයාගෙ රිමෝට් එක හම්බවෙන්නෙ තපස්වි මහරාජ් කියන ආගමික ඩිල්කාරයා ළඟ තිබිලා.
තපස්වි මහරාජ් ඒක අනුගාමිකයොන්ට පෙන්නලා කියන්නේ එයා හිමාලෙ ඉන්නකොට හම්බුණ ශිව දමාරු කොටසක් කියලා.
ඒ වෙලේ ආගමික සුරාන්තයට පත්වෙලා "බොලො බෝලේ බෝලේ බං බං බෝලේ" කියන මිනිස්සුන්ගෙයි පිටිදූවේ උන්නන්සෙගෙ ධර්ම මාකටිං වලට " සාදු සාදු සාආආආ" කියන මිනිස්සුන්ගෙයි වෙනසක් නැති තරම්.

පිටිදූවෙ උන්නන්සෙගෙන් තියෙන අනතුර ඇහැ කන තියෙන මිනිස්සු දැක්කෙ උන්නාංසෙගෙ කැමරාවෙ තිබිලා පිරිමි ළමයෙක් එක්ක ගත්ත ෆොටෝස් හම්බෙන්නත්, සමන්තභද්‍ර වෙලා පිස්සු නටන්න පටන් ගන්නත් ගොඩක් කලින්.
ඉන්දියාව කියන්නෙ ආගම ලස්සනට තොග වශයෙන් මාකට් කරන, ආගමෙන් සල්ලි උල්පතවල් හොයන රටක්.
අපේ මිනිස්සු කරේ ඉන්දියාවෙ එකම එහෙම්පිටින් අරන් දෙවියො මාකට් කරලා කීය කීය හරි හොයා ගත්තු එක.
බුදු දහම හරියට වෙළඳ භාණ්ඩයක් කරගෙන දක්ෂ විදිහට තොග වශයෙන් විකුණන්න පුලුවන් වෙළෙන්දෙක් පහළ උනේම නැති තරම්. පිටිදූවේ උන්නාන්සෙ කියන්නෙ ඒ වෙළඳපොල හිඩැස දක්ෂ විදිහට දැකපු, ඒ වෙනුවෙන් මේක බුදු දහමද නැද්ද කියලා නොතේරෙන ගානට තමන්ගෙම ප්‍රඩක්ට් එකක් හදපු සහ සේල්ස් අවස්ථාව වෙනකල් වෙනකල් පැහැදිලි මාකටිං ස්ට්‍රැටජි එකක් තමන්ම හදා ගත්තු දක්ෂ වෙළෙන්දෙක්.

හැබැයි මුලදි, බණ කියන්න යන බණ ගෙවල් වලදි තමන්ගෙ වාහනේ පිටිපස්සෙ දොර ඇරලා පොත් - සීඩී විකුණපු වෙලේ දී, මොන්ටෙරෝ එකට තෙල් ගහන්න බණ ගෙදර මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලපු, මේ මොකද කියලා මිනිස්සු පුදුම උනොත් අඩි පොලේ ගහලා කෑ ගහපු, උන්නන්සෙ මෙච්චර දුරක් තමන්ගෙ බිස්නස් එක ගෙනෙයි කියලා නොහිතපු බවත් පිළිගන්නෝනි.

ඔය දැන් උනත් කරන මස් මාලු දාන වලින් වෙන්නේ තමන්ට අවාසියක් නේද, එහෙමත් නැත්තම් මේ ඇටෙන්ෂන් හෝ අවධානය හොයන කෙනෙක් වෙන්න හදනවද කියලා කෙනෙක් වෙන්න පුලුවන්, ඒත් නෙගටිව් රෙපයුටේෂන් කියන්නේ අතිෂයින්ම කාර්යක්ෂම මාකටිං මෙතඩ් එකක්.

කොහොම හරි, "මේ අපේ ඩර්මය හු**" කියලා රකින ධර්මාරක්ෂක අයියලාට අවශ්‍ය නම් දැන්ම රැක ගන්ඩ. මොකද අද කිව්වා කියලා මතක තියා ගන්න ඉස්සරහට මේ අඩිපාරෙ යන ධර්ම ඩීල්කාරයො තව 4ක් 5ක් ඇති උනත් ඇති බුදුදහම වෙනම විකෘතියක් බවට පත් වෙන්න.
අපි වගේ ස්පැගටි රාක්ෂතුමා අදහන පැස්ටෆේරියානුවන්ට නම් දක්ෂ ව්යාපාරික ගලායාම දිහා බලං ඉන්නවා ඇරෙන්න ඕවා වැඩක් නෑනේ.

ඔබට අවශ්යනම් කරදමුංගු කරාබුනැටි, සාදික්කා, වසාවාසි එහෙම යහමින් දාපු පිටිදූවේ සිරිධම්ම..අහ් සොරි සමන්තබද්‍ර හිමිගෙ සාර බුලත් විට කාලා බලන්න.

ස්පැගටි රාක්ෂ සරණයි!
රාමේන්!!


2 comments:

  1. සල්ලි හොයන්න මිනිස්සුන්ගෙ දුර්වලකම් අල්ලගන්න මිනිස්සු ඕනෑ තරං. මෙයත් එයින් එක්කෙනෙක් විතරයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒත් අර පුරුද්දට වගේ හැමෝටම සෙනසුරු අපලයක් තියෙනවය කියලා බිස්නස් කරන බිස්නස් ඩෑල් වලට වඩා මෙයා මාර ඇඩ්වාන්ස් :)

      Delete