Wednesday, May 20, 2015

සත්‍යමෙව් ජයතේ ! හිටං


සියල්ල පරයා සත්‍ය ජය ගනියි. මේ රටේ විශාල ප්‍රමාණයකට දැනුණු, තවත් පිරිසකට දැනුනද නොතේරුණු යම් සත්‍යයක් විය. මැතිවරණයකට පෙර සහ මැතිවරණය ප්‍රකාශ කළ දින සිට ඇරඹුනේ එම සත්‍ය ඔවුන්ට තේරුම් කිරීමේ සටනයි.
සමුදුරේ නොගිලෙන තරුව ටයිටැනික් ගිලුනේය. සදාකල් රජයමියි උදම් ඇනූ ඒකාධිපති පාලනය ද බිඳ වැටුණි.
බලයේ රැදී සිටින්නට මහින්ද නොකළ දෙයක් නැත. ලැස්තුගත කළහොත් ඒ අගය කිලෝමීටරයක් තුළ ඇති මහින්ද පුවරු ගණනට වඩා වැඩි වනු ඇත. මහින්දට බලයේ සිටීමට නොයෙකුත් හේතු තිබුණි. අපට ඔහු එලවන්නටත් ඒ තරම් ම හේතු තිබුණි.
කාරණා කෙසේ වුවත් දූෂිතයා පරාජය කොට අවසන් ය. නමුත් මින් ඔබගේ කාර්ය අවසන් නොවේ. තවත් හොර රැලක් දියවන්නාවේ සිටියි. එළැඹෙන මහමැතිවරණයකදී ඔවුන් පන්නා දමා ඔබේ සැබෑ නියෝජිතයින් පත් කර ගැනීම ඔබේ අයිතියයි යුතුකමයි.
පාලකයා වෙනස් කිරීමෙන් සියලු දේ වෙනස් වන්නේ නැත. කේතුමතීන් පහළ වන්නේ නැත.
බලයේ සිටින්නේ කුමන පාළකයා වුවත් ජනතාව සැමදා සිටිය යුත්තේ විපක්ෂයේය.
ඒකාධිපතින් බිහි වීමට ඉඩ නොදීමේ සමීකරණය එයයි.
කරුණාකර ජනතාවට කොටි ලේබල් ඇලවීම නතර කරන්න.
වෙනසක්ද විනාසයක්ද ඔබම බලා ගන්න
මඩ බලය තාවකාලිකය
ජනබලය උතුම්ය
ඔබට ජය..හිටං



No comments:

Post a Comment