Wednesday, May 20, 2015

Stand Against Racism

අපේ ප්‍රොෆයිල් පික්චරේ ගොඩක් උන්දැලට ප්‍රශ්නයක් වෙලා තියෙන හැඩයි.
විශේෂෙන් රංග උන්නැහෙට.
සැක තැන් දුරු කිරීම උදෙසා ලියමි
පළමුව මෙය පින්තූරයක් නෙවෙයි. කන්සෙප්ට් එකක්. ලොව වටා වැඩිම ජනප්‍රියතාවක් ලබා ගන්නේ Rabia චතුරස්‍ර විරෝධතාව විසුරුවා හැරීමෙන් පසු දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් Rabia sign ලෙස හැඳින්වෙන කහ පසුබිමක ඇඟිලි 4ක් එසවුනු පින්තූරයක් (දකුණුපස පින්තූරය) භාවිතා කිරීමෙන් පසු.
ඉන්පසු ලොව පුරාම තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමට විවිධාකරයෙන් මෙය තමන්ට ගලප ගන්නවා. නැතුව රංග ජයවර්ධන උන්නැගෙ මනස්ගාත සංකල්පෙට අනුව නෙවෙයි මේක බිහිවෙන්නේ.
ඒ එක්කම මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. කහපාට බෞද්ධ පාටය ඒ නිසා  මේක අපිම බෞද්ධ අපිට ජාතිවාදයෙන් අයින් වෙන්නය කියලා කියන්න හදපු එකක්ය කියලා මවන කතාව ගැන.
කතරගම දෙවියො රතු පාටයි, පත්තිනි ගම්බාර කහ පාටයි, විෂ්ණු දෙවියන් නිල් පාටයි.
බුදුන් කහපාට උනේ කවදා ඉදන් ද?
පඬු පෙවූ චීවරය කහපාට නිසා ද ?
බුදුන් දවස අල්පේච්ඡ ජීවිත ගත කල භික්ෂූන් ඇන්දේ සොහොන් වලින් එකතු කර ගත් සුදු පැහැති රෙදි පඬු පොවලා (දැන්වගේ ඩිෆෙන්ඩරෙන් බැහැලා අයිපෑඩ් එක අතේ තියන් කුණුහරප වදාරන භික්ෂූන් හිටියෙ නෑ ඒ කාලෙ මිනිස්සුන්ගෙ වාසනාවට)
පඬු පෙවීමේ ප්‍රධාන බලාපොරොත්තුව විෂබීජ නැසීම. 
එහිදි සිවුරට කහපැහැයක් (පඬු පැහැයක්) ලැබෙනවා.
ඒත් වැදගත්ම දේ තමයි මේක බුදුන් විසින් ආරම්භ කළ දෙයක් නොවීම.
සිද්ධාර්ත උප්පත්තියට පෙර සිටම පඬු සිවුරු දැරූ හිස මුඩු කර ගත් "සමණ" (ශ්‍රමණ) නම් කොටස හිටියා. බුදු පිරිසත් ඒ කොටසට එකතු වෙන්නේ බාහිර ස්වරූපෙන් වර්ග කළාම.
අවසානෙදි කියන්නෙ මේකයි. මේ පින්තූරය දරන ඇත්තො නිරාගමිකයො, සර්වාගමික පූට්ටුවෝ කියන රංග අදහස සමාජයට ගෙනියන්නෝනි නම් ගෙනියන්න.
ඒත් මේකත් ඔලුවෙ තියාගෙන.
මේක දරන්නෙ හැම දේටම වඩා මනුස්සකම අගයන,
මේ මහ පොළව ලෙයින් තෙත් උණා ඇතිය හිතන මිනිස්සු.
එච්චරයි.
ඔබ සැමට අබ සරණයි!



No comments:

Post a Comment