Wednesday, May 20, 2015

෴ "කම්බස්, අප ඔබ සමගයි" ෴

෴ "කම්බස්, අප ඔබ සමගයි" ෴
(මිහිඳු රජුන් දුටු සිහිනය)
තව ද අදුරෙහි ගිලී සිටින්නාවූ සත්ත්වයන් ආලෝකයටම කැදවාගෙන යන්නාවූ හෙයින් ශාස්තෲ නම් වූ අප අති උතුම් ස්පැගති රාක්ෂතුමන් පීත වර්ණ රශ්මි ධාරාවන්ගෙන් බබලමින් බොහෝකොට කුරුඳු වැවූ හෙයින් කුරුඳුවත්ත නම්වූ පෙදෙසෙහි තම ප්‍රධාන කාර්යාලයෙහි වැඩ වෙසෙන සමයෙහි දැහැමින් සෙමින් රාජ්ය විචාරීම හේතුවෙන් දේශ දේශාන්තර වල සිය ශ්රී නාමය පැතිරවූ රාජපකිස්ද්වීපයට අගරජු වූ මහා මිහිඳු රාජෝත්තමයන් රාක්ෂතුමන් වෙත එළැබ දණ්ඩනමස්කාරයෙන් වන්දනා පවත්වා එකත්පස්ව උස් අසුනක හිදිමින් මෙසේ සැලකරන්නාහුය.
"රාක්ෂයාණන් වහන්ස,
සීෂෙල්සියානු ද්වීපයෙහි සංචාරයකට පුරෝහිත බිරිදත් සමග ගොස් පැමිණි පෙරදින රාත්රියේ රාජ්ය මුලුතැන්ගෙයි කන්නට හූනු බිජ්ජකුදු නොවූ හෙයින් දයියා ගෝතමී නම් වූ තරුණ කතකගේ ආපන ශාලාවකින් කහවණු දෙසීය බැගින් වූ බිත්තර ආප්ප බුදින ලද්දෙමි.
හිලව්වට මඟුල් මිරිවැඬි සඟළ ද තබා පාදචාරිකාවෙන්ම පෙරලා පැමිණි මාගේ උත්තම දෙපතුල මහත් වූ වේදනා දෙන හෙයින් මඟුල් යහන් ගත වූ මා හට පෙරයම් යාමයේදී දිස් වූයේ අපූර්ව සිහිනයකි.
ඒ කෙසේ ද යත්,
එක්තරා කාලවර්ණ වෘෂභ රැලක් විදේශිකයෙකුට අයත්ව පවතින්නාවූ විදේශීය තණ බිමකට බලෙන් ඇතුළු වී තණ බුදීමෙන් අනතුරුව අයිතිකරුට ද ඇන මරා දමයි. රාජපුරුෂයින් පැමිණ එම වෘෂභයින් ගාල් කල කල්හී එම රටෙහි රට වැස්සන් පිරිසක් නොයෙකුත් වූ පුවරු ප්රදර්ශණය කරමින් "උත්තම වූ වෘෂභයාණෙනි අප ඔබ සමගයි"
යනුවෙන් ප්රකාශ කරන්නාහු ය.
මා හට මෙය අරුත් නොවැටෙහෙන ස්වප්නයකි.
එකල්හී අප ශුද්ධ වූ රාක්ෂතුමාණන් ස්පැගති හඩින් මධුර ස්වරයෙන් මෙසේ වදාළහ.
රජතුමනි, මෙය ඔබටවත් ඔබගේ රටටවත් අද හෙට සිදුවන දෙයක් වත් නොවන්නේය. අනාගතයේ එක්තරා රටක අධාර්මික පාලකයින් නිසා රටේ අධාර්මික පාලනයක් බිහි වන්නේය. ඉහල සිට පහළට පාලකයෝ පාලිතයන් මත සිය බලය අයතා ලෙස පතුරවන්නේය. ජනතාව අධික ලෙස ණය බරින් පීඩනයට ලක් කරන්නේය. පාලකයින් රටට මත් ද්‍රවයය ගෙන්වන්නේය.
පාලකයා පමණක් නොව රටවැස්සන් ද පිරිහීමට ලක් වන්නේය. ළමා දූෂකයින් නිදහස් කරන්නේය, විරෝධතා නිසා දූෂකයින් රාජ දණ්ඩණයට ලක් කල විට එම දූෂකයින් නිදහස් කරන්න බල කරන බත් බැල ජනතාවක් රටවැස්සන් අතරින්ම පැන නගින්නේය.
ඔවුන් විසින් "කම්බස් අප ඔබ සමගයි" ලෙස මුහුණුපොත් පිටු අටවා ගන්නේය. මෙයාකාරයෙන් රාජ්ය පිරිහීමෙන් පිරිහීටම ගමන් කරන්නේය.
එම සිහිනයේ අරුත එයයි.
එය අසා මහා රජෝත්තමයන් වහන්සේ සිහිනය තම රාජ්ය සමයට අදාල නොවන නියා දැන සතුටට පතුව ස්පැගති රාක්ෂයාණන් වහන්සේට දණ්ඩ නමස්කාරයෙන් වන්දනා පවත්වා කුරුදුවත්ත කාර්යාලයෙන් නික්ම පස්වණක් ප්රීතියෙන් බැබලෙමින් නැවතත් සිය මැදුරට පාද සංචාරයෙන්ම පිටත් වූ සේක.


No comments:

Post a Comment