Tuesday, May 19, 2015

පැකර්ට කැසිනෝ - ජනතාවට කාසි නෝ

පැකර්ට කැසිනෝ - ජනතාවට කාසි නෝ

පැකර් ගෙ 'Crown Colombo' ගැන කතාවෙන දේවල් වලින් මට ඇහිච්ච ලොකුම විහිලුව තමයි 'ෆොරිනර්ස් ඔන්ලි' කතන්දරේ.
සමාර මිනිස්සු සිරාවටම හිතං ඉන්නෙ පැකර් 93,800,000,000 ක විතර මීයක් කඩන්නෙ අත ලෙවකන්න කියලා.
ප්රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙකුත් කියල තිබ්බ ෆොරිනර්ස් ඔන්ලි කැසිනෝ නං හොදා කියලා.
ඒක හරියට 
ගෙදර එව්වොන්ට බොන්න නොදී ගෙදර කෂිෆ්ෆු පෙරනෝ වගේ.
ඒමත් නැත්තං ගෙදර එවුන්ට පාවිච්චියට ඉඩ නොදී ගෙදර ගණිකා මඩමක් දානව වගේ.
එතකොට අපිට කියන්ඩ පුළුවං නේ "අපේ එවුං ඔව්ව පාවිච්චියක් නෑනේ ආයුබෝවන්ඩ..අපි ධර්මද්වීපයක ඉපදුනු සුජාත ආර්ය පුත්තු නෙව..ඇල්වතුරත් නිමලයි බොන්නේ"
අතේ පයේ හැමතැනම කක්කි ගෑවිලා තමා.. ඒත් සංවර්ධනේ වෙනව බොලල්ලා සං වර්ධනේ වෙනවා. සංවර්දනේ වෙන්නෙ ආවල් එකක්ද කියල අපි දන්නෑ ඒත් මුකක් හරි උණ්ඩුක පුච්ඡයක් සංවර්ධනේ වෙනෝ ඇති කියල අපි දන්නෝ.
ඈස්චර්යට ජය



No comments:

Post a Comment