Tuesday, May 19, 2015

~ජාතිය අවජාත වීම~

මහා ලැව් ගින්නක් වුව ඇරඹෙන්නේ කුඩා ගිණි පුපුරු වලිනි.
වහා ගිණි ඇවිලෙන සුලු, ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු මාතෘකා අවිචාරශීලීව, තමන්ගේ දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් භාවිතා කල හෙයින් මේ කේතුමතී පුරයට ගිණි ඇවිලුණේ වරක් දෙවරක් නම් නොවේ.
කුමන මතයක් කුමන අදහසක් වෙනුවෙන් පෙනී සිටින කුමන පාර්ශවයක් වුවද ජනතාවට සංවේදී ඇතැම් 
මාතෘකා සම්බන්ධව පෙනී සිටීමේදී ඉදිරි දැක්මකින් යුතුව විචාර ශීලී විය යුතුය.
තමන්ට 'සත්‍ය' යැයි හැඟෙන දේ නිසා වුව මතු අනාගතයට අවසානයේ අවැඩක් වේ යයි පෙනෙන්නේ නම් 
හැඟෙන්නේ නම් තම පියවරයන් ගැන වඩාත් බුද්ධිමත් ව සිතා බැලිය යුතුය යුතුය.

කැමැත්තෝ පූර්වාපර සන්ධි ගලපා ගනිත්වා!

1) අගමැති සර් ජෝන් කොතලාවල 1954 සැප්තැම්බර් 23 දින යාපනයේ කරන ලද සංචාරයකදී කොකුවිල්වල පවත්වන ලද රැස්වීමකදී සිංහල හා දෙමළ යන භාෂා දෙකට රාජ්ය භාෂා තත්ත්වයක් ලැබෙන ආකාරයට නීති සම්පාදනය කරන බව ප්රකාශ කරයි.
(සිංහල 
භාෂා ප්රේමීන්ගේ දැඩි විරෝධය එල්ල විය.
56' මැතිවරණ වේදිකාවේ තීරණාත්මක සාධකය බවට පත්විය.)

2) ඒ වන විටත් රටේ තිබුණු ප්‍රශ්න පසෙකලා භාෂාවට වැටුණු ඡන්ද මත බණ්ඩාරණායක බලයට පත්වේ.
එක්සත් ජාතික පක්ෂය ආසන 8ක් දිනාගන්නාවිට 1949 බිහිවූ ෆෙඩරල් පක්ශය (ඉලංගෙයි තමිල් අරසු කච්චි) ආසන 10ක් දිනා ගැනීමෙන් ඡන්දයේ ටර්නින්ග් පොයින්ට් එක ගැන වැටහේ.

3) සුළුජාතීන්ට සහන සලසන සියලු උප වගන්ති රාජ්ය භාෂා පණතෙන් ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතා මතුවන අතර, ඒවා ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කරයි.

4) පණතට එරෙහිව ෆෙඩරල් පක්ෂය විරෝධතාවයේ යෙදේ.
(මෙහිදී සිහල භාෂා ප්රේමීන්ගේ අතින් ඔවුන් පහර කෑමකට ලක් වේ)


5) උතුරු නැගෙනහිර විරෝධතා ඇතිවේ.
නිදහසේ දහවැනි සැමරුම් දින එම ප්රදේශ වල සිවිල් පාලනය බිද වැටේ.

6) ඇතිවූ දමිළ ආවේගය මඩින්ට ෆෙඩරල් නායකයන් සමග සාකච්ඡා කර 1957.06.26 දින බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ඇති කරයි.
මූලික විරෝධය භාෂාව වෙනුවෙන් වුවද අවස්ථාවේ වසිය ලබා ගන්න ෆෙඩරල් පක්ෂය උතුරු පළාත එක රට සභාවකටත් නැගෙනහිර රට සභා දෙකකට හෝ වැඩි ගණනකටත් බෙදීමට රජය එකඟ කරවා ගනියි.

7) 1958.04.09 දින භික්ෂූන් ප්රමුඛ සිංහල භාෂා ප්‍රේමීන් රොස්මිඩ් පෙදෙසේ අගමැති නිවසට කඩා වැදී එහිදී ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා උපවාසයක් අරඹයි.
ගිවිසුම අහෝසි කිරීමට අගමැතිට සිදුවන අතර මෙය ෆෙඩරල් පක්ෂයේ කෝපයට හේතුවේ.

8) ෆෙඩරල් පක්ෂයේ පස්වන සමුළුවට සහභාගි වී ආපසු එමින් සිටි දමිළ නියෝජිතයින් පිරිසක් රැගත් දුම්රියකට පොළොන්නරුවේදී එල්ල කළ පහර දීමක් සමග 58' ජාතිවාදී කෝලාහල ආරම්භ වේ.
දමිළ ප්රදේශ වල ජීවත් වූ සිංහලුන්ට පහර දී ඔවුන්ගේ දේපළ කොල්ල කයි.
ගමන් කරන වාහන නතර කර ගමන් කල අය අනුකම්පා විරහිතව පහර දීම්, පණ පිටින් ගිණි තැබීම් වාර්තා වේ.
මිලේච්ඡත්වය හමුවේ පොලිසිය අසරණ විය.

9) 1961 දී බලයට පත්වූ සිරිමාවෝ ආණ්ඩුව නැවතත් භාෂා පණත ක්රියාත්මක කරන බවට ප්රකාශ කිරීමෙන් උතුරේ සිවිල් නීති කැඩීමට ෆෙඩරල් පක්ෂය තීරණය කරයි.
උතුර නැගෙනහිර දිස්ත්රික්ක 5කට ඇදිරි නීතියද මුලු රටටම බල පාන ලෙස හදිසි නීතියද පනවා ෆෙඩරල් පක්ෂය තහනම් කිරීමට ආණ්ඩුව ක්රියා කරයි.
ෆෙඩරල් නායකයන් 51ක් අතඩංගුවට ගනියි.
මෙය දමිල අවිහිංසාවාදී අවසන් අරගලය වේ.

10) 1965 ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම ඇතිකර ගන්නා අතර, පක්ෂ 7ක ජාතික ආණ්ඩුවක් ලෙස සිරිමාවෝ පරදවමින් ඩඩ්ලි අගමැති බවට පත්වේ.

11) ආණ්ඩුවේ සහනදායී භාෂා ප්රතිපත්තියට එරෙහි වෙමින් බුදු දහම දිවිහිමියෙන් ආරක්ෂා කිරීමට විහාරමහ දේවී පිළිරුව ඉදිරියේ දිවුරුම් දුන් සිරිමාවෝ මැතිණියගේ සමගි පෙරමුණ 1970 දී බලයට පත් විය.

12) 'චේ ගුවේරා ව්යාපාරය' ලෙස ජනතාව හැදුන්වූ ජනතා විමුක්ති පෙරමුණ 1971 දී දේශීය වශයෙන් නිපදවාගත් අත්බෝම්බ වැනි අවි ආයුධවලින් පොලිස් ස්ථාන 93කට පහර දෙන අතර, ආණ්ඩුව හදිසි තත්වයක් ප්රකාශ කර හමුදා බලය මගින් කැරැල්ල මර්ධනය කරයි.
නිල ලේඛන අනුව කැරැල්ලේදී හා මර්ධනයේදී මිය ගිය පිරිස 1200කි. සැබෑ ගණන එමෙන් දෙගුණයක් පමණ විය හැක.

13) විශ්ව විද්යාල ප්රමිතිකරණ නීති වලට ද්රවිඩ සිසු විරෝධයක් ඇති වන අතර සන්නද්ධ අරගලයක් මගින් දමිළ රජ්‍යයක් දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටින සටන් කාමී තරුණ සංවිධාන ගණනාවක් උතුරු ප්රදේශයේ බිහි වෙයි

14) යාපනයේ පුරපති වූ දොරෙ අප්පා1975.07.27 දී එවකට තරුණයෙකු වූ ප්රභාකරන් විසින් වෙඩි තබා ඝාතනය කරන අතර එය හේතුවෙන් ප්රචණ්ඩ දේශපාලන බලවේග අතර ඔහුට පිළිගැනීමක් ලැබේ.

15) උතුරේ සේවයේ නිරත සෙබළුන් 13 බිම් බෝම්බ ප්රහාරයකින් එක වර මිය යාමෙන් දකුණේ ජනතාව ප්රකෝපයට පතේ. සිරුරු බොරැල්ල කනත්තට ගෙන එන්නේ 1983 ජූලි 24 දාය.
එතැන රැස්ව සිටි කළහකාරී පිරිස් දෙමළ කඩ සාප්පු වලට පහර දෙන්නටත් ගිණි තියන්නටත් පටන් ගනියි.
කොල්ල කෑම් සහ ජාතියේ නාමයෙන් සිදු වූ ස්ත්රී දූෂණ වර්තා වේ.
නිල ලේඛන අනුව මිය ගිය පිරිස 471ක් වුවද රාජන් හූල් තක්සේරුව මත එය 2000ක් පමණ විය හැක.
තුවාල ලැබීම් 3769.
මංකොල්ල කෑම් 3835
මීට අමතරව ලක්ශයක් පමණ පිරිසට අනාථ කදවුරු වල සරණ පැතීමට සිදු විය.

16) සන්නද් අරගල ගැන කතා කළ දේශපාලන කල්ලි වලට මින් පෙර විශාල අනුගාමික පිරිසක් නොසිටි නමුත් 83' කළු ජූලියෙන් පසු ඉතාමත් වේගයෙන් තරුණ පිරිස් එම කල්ලි වලට ඇදී ගියේය.
උතුරේ දෙමළ තරුණයන් ඉන්දියාවට ගෙන්වා යුධ පුහුණුව ලබා දෙන ලදි.

17) අනුරාධපුර සංහාරය සිදු වේ.
මියගිය පිරිස 146කි

18) කටුනායක දී ගුවන් යානයක් පුපුරවයි.
මිය ගිය පිරිස 17යි. තුවාල වූ පිරිස 40යි.

19) අරන්තලාව භික්ෂු ඝාතනය සිදු වේ.
භික්ෂූන් 32ක් එල්ටීටීය කපා කොටා 
ඝාතනය කරයි

20) ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව 'බෝ ගහ යට විප්ලවය' සිදු වේ.
මිය ගිය පිරිස 132යි.
අතඩංගුවට ගත් පිරිස 712යි.
ගිණිතබූ රජයේ ගොඩනැගිලු ගණන 520යි.

21) ඉන්දීය සාම සාධක හමුදාව 1987 දී පැමිණේ. දේශප්රේමී ජනතා ව්යාපාරය ඔවුන්ව හැදින්වූයේ 'වදුරු හමුදාව' ලෙසය.

22) දේශප්රේමි ජනතා ව්යාපාරය අගෝස්තු මස මුල සිට හම්බන්තොට හා මාතර දිස්ත්රික්ක දෙකට බලපාන පරිදි දේශපාලන සතුරන් ඝාතනය කිරීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරයි.
මරා දමන අයගේ අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබදව ද විධි විධාන පණවයි.

23) ජවිපය මර්ධනය කිරීමට දකුණේ ත්රස්ත විරෝධී කටයුතු භාර ප්රධාන පොලිස් නිළධාරියා ලෙස ප්රේමදාස උඩුගම්පොළ පත්විය.
ජවිපය සිය විරුද්ධවාදීන් ඝාතනය කොට ඔවුන්ගේ මළ සිරුරු ප්රදර්ශනය කොට ඔවුන්ගේ මළ සිරුරු ප්රදර්ශනය කළ ආකාරයටම ජවිප ක්රියාකරුවන් ඝාතනය කර ප්රදර්ශනය කිරීමේ 'ඇහැට ඇහැක් දතට දතක්' ක්රමයක් පොලිසිය විසින් ආරම්භ කරයි.

24) සාම කතා බිද දමමින් කොටි දෙවන ඊළාම් යුද්ධය 1990 දී අරඹයි.

25) මහ බැංකු ගොඩනැගිල්ලට 1996 දී කොටි බෝම්බ ප්රහාරයක් එල්ල වේ.
මිය ගිය පිරිස 86යි.
තුවාල වූ පිරිස 338යි

26) දළදා මාලිගාවට 1998 දී කොටි ප්රහාරයක් එල්ල වේ.
මිය ගිය පිරිස 09යි
තුවාල වූ පිරිස 110යි.

27) සාම කතා බිද වැටීම නිසා ඇතිවූ ජනතා අප්රසාදය මත 2004 පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රීලංනිප-ජවිපෙ සන්ධානය ජය ගනී.
මහින්ද රාජක්ෂ අගමැති වරයා ලෙස දිවුරුම් දේ.
2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගත් මහින්ද රාජපක්ෂ බලයට පත් වහාම එල්ටීටීඊ යට එරෙහිව දැඩි ප්රතිපත්තියක පිහිටා ක්රියා නොකළද එල්ල වූ දැඩි පීඩනය හමුවේ යුද්ධයකට තල්ලු විය.

28) 2009 මැයි 15 16 හා 17 දින වල සටන් වලින් සියලුම එල්ටීටීඊ නායකයින් මරණයට පත්වූ අතර,
උතුර නැගෙන හිර සන්නද්ධ අරගලය එයින් නිමා වූයේ ජාතිය ආගම දඩමීමා කරගත් නරුම දේශපාලකයින්ගේ දොළදුක ගණන් කළ නොහැකි ජීවිත ගණනකින් ගෙවා පියවමිනි .
වචන වලට කළ හැකි දේ විශාලය.
විශේෂයෙන් දේශපාලන කරළියේදී වචන වලින් වාසි ගන්නා ගිජුලිහිණියන් බොහෝමයක් වේ.
එබැවින් තමන් සටහන් තබන භාවිතා කරන වදන් වගකීමකින් යුතුව භාවිතා කරන ලෙස ඉල්ලමි.
මන්ද අවසානයේ ජය ගත යුත්තේ ජනතාව මිස ඔබේ මතය නොවන බැවිනි.


සටහන 
නිමයි.

ප.ලි. දීර්ඝ සටහනක් බැවින් අක්ෂර දෝෂ මග හරින්න

*පිංතූරයේ කතාව*
1) බොරැල්ල ප්රධාන බස් නැවතුම්පොළේ ඇති නව පාර්ලිමේන්තු බස් නැවතුම ඉදිරියේ මෙම පිරිස දෙමළ ජාතිකයෙකු නිරුවත් කොට මැරනතෙක් පහර දුන්නේ නටමින් හා ගී ගයමිනි
2) බොරැල්ලේ දමිළ කඩ ගිණි තබා ඒ නිසා ඇති කර ගත් උද්දාමයෙන් ඔල්වරසන් දෙන පිරිසක්
3) අරන්තලා භික්ෂු ඝාතනය.
4) දේශප්රේමී ජනතා ව්යාපාරය විසින් ලාම්පු කණුවක බැද ඝාතනය කළ බෙංගමුව ප්රදේශයේ ව්යාපරික බී.ආර්.ජයසේකර
5) 1988 මාර්තු මස ජවිපෙ විසින් පොලිස් කොස්තාපල්වරයෙකු මරා දැමීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයින් තිදෙනෙකු මරා ඔවුන්ගේ විකුර්ති කරන ලද සිරුරු මහජන ප්රදර්ශනයට තබා තිබූ ආකාරය.
(ඇහැට ඇහැක්-දතට දතක්)
6) මහ බැංකු ගොඩනැගිල්ලට පහර දීම
7) එල්ටීටිය ප්රණ ඇපයට තබා ගත් ලක්ෂ ගණනක් ජනතාවගේ නැවතුම් පොළ වූ නන්දිකඩාල් කූඩාරම් නගරය
8) අනුරාධපුර ගුවන් හමුදා කදවුරට ප්රහාරයක්
9) ප්රභාකරන්ගේ අවසානය



No comments:

Post a Comment