Tuesday, May 19, 2015

~ රතුපස්වලින් එපිට ඇහෙන කතා ~

ජහමනයන් කෙරෙහි නැමී
මහරජ මහ මිහිදු හිමී
පෙව්වෙ වසයි අපිට හිමි
පුත උඹටත් පොවමි එමී


මේ රට රන් විමනක් වේ
සකල සිරින් පිරි පුර වේ
හඩ නැගුවොත් මේ පොළොවේ
වෙඩි කන්නට බොට සිදු වේ

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද කළහොත් උඹව පුතේ
දවස් හතෙන් අමතක වේ

අමන රැලක් මේ රට තුම්
ඇස් ඉදිරියෙ කෙලසනකම්
නොදකින්නට පුළුවන් නම්
උඹයි මගේ පුතා උතුම්

උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
උගතුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වන්නේ



No comments:

Post a Comment