Tuesday, May 19, 2015

*****සැමියා බිරිදගේ සැමියා ය*******

*****සැමියා බිරිදගේ සැමියා ය*******

පිළිවෙලින් විමල්ගේ වෙනස්වීම් දිහාත් ජාතික නිදහස් පෙරමුණේ දෙවන මහා (?) සමුළුවේ විමල් ගේ කතාව දිහාත් එපිටට කතන්දර දිහාත් බලන විට විමල් ගේ අරමුණෙහි ක්‍රමික පැහැදිලි වීමක් දක්නට ලැබේ.
පළමුව ඔහු ඉගි පළ කරයි
කැසිනෝ සම්බන්ධ නිහඩතාවය එම ඉගි බිගි වල අවසන් කාලයේදී දක්නට ලැබෙන්නෙකි.

ඉන්පසු වේදිකාවේ දිහ ඇරෙන්නේ චම්පික සමග විමල් රගන "ඕන්න යනෝ..තව චුට්ටයි" ජවනිකාවයි. එය ජාතික නිදහස් පෙරමුණේ දෙවන මහා (?) සමුළුව වන විට එය උව්ඡස්ථානයකට පත්වන් අතර ප්‍රසිද්ධියේ මහා පරිමාණ විවේචන රජයට එල්ලවේ.
(පසු දින ජනාධිපති විමර්ෂණ අන්ශය විමල්ගේ කාර්යාලය පරීක්ෂා කරයි)
360 දි කතාව වෙනස්ය.
360 මුල සිට අග දක්වා විශාල විපරිණාම ගනනක් සිදුවේ
විමල්ගේ අරමුණ ඔහුම හෙළි කරයි.
චෝදනා රැසක් මැද්දෙන් "අති ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්.." ආකාරයේ ජැක්සන් පන්නයේ කෑලිද ඇසේ.


~සැමියා බිරිදගේ දෙවියාය~ 

මුල් කතාව සාරාන්ශ ගත කළ විට ඇසෙන්නේ
"මේක මහා පට්ට රජයකි. මේකෙ වැරදි සිදුවේ. අපි කළ යුත්තේ මේකෙ වැරදි හදා ගන්න බල කිරීමයි." ආකාරයේ දෙයකි.
තවත් සරල කරහොත් ඔහුගේ කතාව " කසාද මිනිහ බේබද්දා තමයි. අපි කරන්නෝනි හදාගන්න එක. ගෙදර ඉදන් බැරි නම් අම්මලහැ ගොහොල්ලා හරි කරන්නෝනි ඒක" ආකාර වේ.
ඔහු සියුම් ලෙස ජනතාවට රජය කෙරෙහි පතිභක්තියක් සම්ප්‍රේශනය කරයි.
නාට්යයේ තීරණාත්මකම අවස්තාව එන්නේ ඉන් පසුවයි. 


~දුෂ්ඨයා හා පයිට් කෑලි~

වේදිකාවට පී. බී ජයසුන්දර නැමති දුෂ්ටයා පැමිනෙයි. ප්‍රේක්ෂකාගාරයට ඔහුව නොපෙනුනත් නානාප්‍රකාර කඩු හරඹ පාමින් අදිසි පුද්ගලයෙකු හා සටන් වදින වීරයා පෙනෙයි.
විමල්ට අනුව රටේ ආර්ථිකය හසුරවන්නේ පී. බී නැමති ආර්ථික ඝාතකයාගේ ඒකාධිකාරයක් යටතේය.
ජනාඩිපටි බබා සිටින්නේද පී බී ගේ යටතේය.
පී බී ජනාඩිපටි බබාට වම් අතින් කුරුල්ලා පෙන්වා දකුණු අතින් කිරිපිටි ගනන් යවයි.
පී බී ලෝක බැන්කුවෙන් අයි.එම්.එෆ් එකෙන් වැඩි පොලියට ණය ගනී. එව්වා මාටියා ගහයි.
නමුත් උටුමාණන් ඒවා නොදනී ය. උන්නාන්සේ පව් ය.
පී බී වැඩිම ආත්ම තෘප්තියක් ලබන්නේ රටේ අපරි ව්යුහයට දැනෙන්න කුඩුකේඩුකම් කිරීමෙනි.
අපට ජීවන බර ලෙස දැනෙන්නේ එයයි.
එයට ජනාඩිපටි බබාට කරන්න දෙයක් නැත.
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම උන්නැහේ බබාය.


තිරය වැසේ.

ප්‍රේක්ෂකාගරයෙන් අප්පුඩි.

සියල්ලෝම සතුටින් විසිර යති.




No comments:

Post a Comment