Wednesday, May 20, 2015

මියුසික් මොන පාට ද?

මගේ රැප් රසඥතාවය අවුලක් වූ මහත්තයා වෙත
මහත්තයෝ
ඔබතුමාට ගුද වාත යන්නෙත් 'පොලිටික්ස්' 'පොලිටික්ස්' හඬින් බව පේනවා.
ඒත් ඒක මට අදාල දෙයක් නෙවෙයි.
ඔබතුමාට අනුව රැප් අහන්නේ තිරිසන්නු.
ඒත් මහත්තයෝ සංගීතයට මායිම් බඳින්නේ බවුන්ඩ්‍රි ලයින් අඳින්නේ ඊට වඩා ගොබ්බ එවුං.
යමකට තට්ටු කිරීමෙන් හඬ නිපදවීමේ පූර්ව අතීතෙක ඉඳන් මේ වෙනකල් සංගීතය දියුණු උනේ බවුන්ඩ්‍රිලස් මිනිස්සු නිසා.
ඊට අමතරව සංගීතය දියුණු උනේ එක පාරක ගිහින් නෙවේ විවිද මාවත් හා විවිධ අතුරු මාවත් ඔස්සේ.
රැප්, රොක්, හිප්පොප්, පොප්, ජෑස්, හින්දුස්ථානි, රෙගේ, ඉලෙක්ට්‍රො, ඩබ්ස්ටෙප් මොක උනත් ඒකට තමන්ගේ අනන්යතාවක් තියෙනවා..ඒ සංගීත සංස්කෘතිය තුල මිනිස්සු උප සංගීත සංස්කෘතීන් බිහි කරනවා
රොක් සංගීතය තුලත් ඇෆ්‍රො පන්ක්, පොප් පන්ක්, ඩෙත් මෙටල්, ඩෙත් රොක්, ග්ලෑම් මෙටල් යනාදී වශයෙන් විවිධතා බිහිවෙන්නේ පර්යේශනාත්මක උත්සාහයන්ගේ ප්‍රතිපල ලෙස.
කොටින්ම සංගීතය කියන්නේ අනන්ත පර්යේශන රැසක ප්‍රතිපලයක්.
ඒතුලින් බිහිවෙන ඒ ඒ ප්‍රඩක්ක්ට්ස් වලට ආස කරන පුද්ගල කණ්ඩායම් ඉන්නවා ඒ ඒ සංගීත සංස්කෘතීන් එක්ක එකතුවෙන.
ඒක අතිශන්ම පුද්ගලාබද්ධයි සහ තමන්ගෙ රසඥ්යතාවයට අනුගතයි..
ඒකට බවුන්ඩ්‍රි ලයින් දාන්නේ එක්කෝ සංගීතය ගැන මෙලෝ දෙයක් නොදන්න එකෙක්.
නැත්තම් සංගීතය කියලා මොකද්ද එකක් තමන් දන්නවා කියලා 'හිතන් ඉන්න' ඒත් ඒක එහෙම නොවන එකෙක්.
එහෙමත් නැත්තම් කුණු දේශපාලනය හැම මගුලටම ඈඳගන්න දේශපාලන කුහකයෙක්
මහත්තයට කැමති නැත්තම් රැප් අහන්න, අහන්නෙපා.
ඒකයි සංගීතයේ නිදහස.
"ඒත් ඒත්.." කියලා කියන්න දෙයක් තියෙනවා නම් මෙච්චරයි කියන්නේ...
ඉට්ස් ඕකේ බේබි
දැං පලයං


2 comments:

  1. රතු පාටට වඩා නිල් පාට ලස්සනයි බූරුවෝ. රතු පාට ලස්සනයි කියන්නෙ බූරුවො. නිල් පාට ලස්සනයි කියන්නෙ.. හ්ම්.. මං වගේ ප්‍රබුද්ධයො.

    ReplyDelete
    Replies
    1. ආන්න අල්ල ගත්තා හරිම තැනින් :)

      Delete