Wednesday, May 20, 2015

උන්ගෙ කකුල් දෙක මැද්දෙ තියෙන එක පාලනය කරන්න බැරුවට
උඹේ කකුල් දෙක මැද්දෙ තියෙන එක පාලනය කරන්න පොරකන රටක
නිදහසේ පාරක යන්න බැරි, ඇහැක් පියන් බස් එකේ යන්න බැරි රටක
කන්තෝරුවෙදි බොසාගෙ කරදර ඉවසන්න වෙන රටක
සෞදියෙදි බාබගෙ මීයො අල්ලන්න යන්න වෙන රටක
වැලක යට ඇදුමක් වනන්න බැරි, රැට තනියම ගෙදර ඉන්න බැරි රටක
අති උත්තම පුරුස ධාතුව උඹ කෑ ගහද්දි ම උඹේ කරඩුවේ තැන්පත් කරලා උඹටම වේසි කියන රටක
දූෂණේ වෙච්චි උඹ 'වේසි' නිසා රටේම උන්ට උඹව බැද්දට ඇදන් යන්න ලයිසන් ලැබෙන රටක
සාරුව සුනිල්ලා බුරුතු ගනන් සැරි සරන රටක
කෝකත් අන්තිමේදි උඹේම වරද වෙන රටක
උගේ එක සරම ඇතුලෙ තියා ගන්න බැරුවට උඹට නීතිපොත් ලියන රටක
හුස්ම ගන්නෙපා නංගියේ
නොපතං ආයිත් ඉපදෙන්නට



No comments:

Post a Comment