Sunday, August 30, 2015

දෙයියංගෙ බාරෙ

යම් කතාවක් අතරතුර

ආච්චී : පඬුරක් නොදා දේවාලයක් පහු කරන් යන්න හොඳ නෑලු

මම : ඔව් නැත්තම් දෙයියො මාසෙ ඇදගන්නෙ කොහොමද

ආච්චි : එහෙම නෙවෙයි ළමයො. දේවාලෙ ලයිට් බිල් ගෙවන්න වගේනේ ඕව දාන්නේ

මම : ඒක තමයි නේ? දෙයියන්ට ඔක්කොම සෙල්ලං පුලුවන්, ලයිට් බිල ගෙවා ගන්න තමා බැරි


4 comments:

  1. ළඟකදි ඉඳල පරණ බ්ලොග් හොය හොය කියවන විනෝදාංශය නිසා Beyond Frame බ්ලොග් එකේ දැක්ක පොඩි කතාවක් මතක් වුනා මෙතනදි,

    "මිනිස්සුන්ගේ නැතිවුන දේවල් හොයලා දෙන, මිනිස්සුන්ගේ බඩු හොරකං කරපු හොරුන්ව අල්ලලා දෙන දෙවියෝ ඉන්න දේවාලේ හොරු කැඩුවාම කපු මහත්තයා හොරා අල්ලගන්න පොලිසියට එන්නේ ඇයි කියලා තේරෙන්නේ නැත"

    පට්ට කතාව නේ?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. තිලොව දෙස නෙත් විදහා බලං ඉන්න දෙයියංට තමන්ගෙ පිං පෙට්ටිය උස්සන් යනකල් නොපෙනුණු එකත් සෑහෙනම අවුල්..

      Delete