Wednesday, May 20, 2015

නොදනිම්

නැවත නොඑන නියාව දනිම්
නමුත් ඒබව සිතට ඒත්තු ගන්වන්නට නොදනිම්

මෙළොව ඇත්තේ යාම් ඊම් පමණක් බැව් දනිම්
නමුත් අංශුමාත්‍රික කාලපරතර අනන්තයක ඇති,
මූසල නිහැඬියාවට පිළියම් නොදනිම්

සියක් ඇස් අග කඳුළු වියැලේදැයි නොදනිම්
නමුත් හිත්වල ඇඳුණු මනෝරූපය,
කාලයේ වැලි ධූලි වලින් යට නොවන නියාවද දනිම්

නැවත නොඑන නියාව දනිම්
නමුත් ඒබව සිතට ඒත්තු ගන්වන්නට නොදනිම්

ඉන්න තැනක හොඳින් ඉඳපන් අයියේ


5 May ·



සන්නා

මට දැන් දැන් සන්නස්ගලගෙ හැසිරීම දිරවන්නැති උනාට ඊයෙ සත්‍යාගාර අවසන් වැඩසටහනේදි සන්නා මීට කලිනුත් කියපු දෙයක් ආයෙ අහනවා.

"උඹලා හදන නීති උඹලාවත් රකින්නැත්තම් උඹලගෙ නීති අපි රකින්නෝනි ඇයි?"

ඒ වචන ටික මගේ කන ඇතුලෙ කූං කූං ගානවා වගේ...



රැස්පැට්

අනේ මන්දා වෙලාව අරන් මේවා ලියන එකත් එක අතකින් තේරුමක් නෑ. ඒත් ළඟදි දැකපු අප්‍රසන්න දෙයක් නිසා ලියන්නම හිතුනා.
මිනිසා බුකුං බුකුං ගාපු මානවයාගේ කාලයේ ඉඳන්, ගස් බෙනේකට - කොටේකට තට්ටුවක් දාන්න ගත්තු තැනේ ඉඳන් අද වෙනකල් සංගීතයේ ගමන් මග සරල රේඛීය නෙවෙයි. 
ලක්ෂයකින් පටන් ගත්තම සිව් දිසාවටම විහිදෙමින්, අතු බෙදෙමින්, අතු වලින් අතු බෙදෙමින් නොකඩවා ඉදිරියට යන පද්ධතියක් හෝ පද්ධති සමූහයකුයි සංගීතය කියන්නේ.
මිනිස්සු එකක් බදාගෙන එකක් විවේචනය කරනවට මම අකමැතිම එකක් නිසා. ඒ තර්ක වල පදනමම වැරදියි.
අමරදේව ෂා..බොබ් මාලෙ චා..
එහෙමත් නැත්තම්, ස්ලිප්නොට්, එමිනම් ෂා..ලතා මංගේෂ්කාර් චා..
එහෙම එහෙම කියන්න කාටවත් අයිතියකුත් නෑ, කිව්වත් ඒක ඇත්ත වටිනකමකුත් නෑ.
දිවට දැනෙන රහ වගේම කනට දැනෙන රහ කියලා එකකුත් තියෙනවා. අපිට හුරු නැති රහවල්, සංගීත සම්ප්‍රදායන් අපිට සමහර විට දිරව ගන්න අමාරු වෙන්න පුලුවන්. ඒ වෙලේට ඒවා නොඅහ ඉන්න එක සම්පූර්ණයෙන්ම තමන්ගෙ අයිතිය.
ඒත් ආයෙමත් කියනවා, ක්ලැසිකල් තමයි මියුසික්, මේ මොන ජරාවක්ද කියලා සමහර මවු දෙමව්පියෝ ළමයිගෙ ඔලු හෝදන එක හරි වැඩක් නෙවෙයි.


8 miles අනිවාර්යෙන්ම මම වැඩිම වාර ගණනක් බලපු මූවීස් අතර තියෙනවා. ඒ එකක් මමEminem ටලව් නිසා. අනික මම රැප් වලට ලව් නිසා. ඒත් රැප් ලංකාවට ගලප ගැනීම අතින් තිබුණේ රොක් ලංකාවට ගලප ගැනීමටත් වඩා පිටිපස්සෙන්. ඒ අතරතුර කොළ එළියක් පේන්න ගත්තේ DRILL TEAM නිසා. Hasanka වගේ උන් ප්ලේ කරන්නෙ සෙල්ලම දැනගෙන බව පැහැදිලිවම පේන්න තිබුණා. උන් ටාගට් කරන ක්‍රවුඩ් එකකට හොඳ ප්‍රඩක්ට් එකක් ලස්සනට පොසිෂන් කරනවා.
කොහොම හරි ඔය අස්සෙ Srilankan Selfie Rap සීන් එක පටන් ගද්දි ඩබල් හැපි. ඒ වැඩේ හරියට කරොත් රැප් වෙනුවෙන් ලංකාවේ කරපු ධනාත්මකම සහ සාර්ථකම කැම්පේන් එක මේක වෙන නිසා.
ඒත් වැඩේ කැරකුනේ ඒ අතට නෙවෙයි.
බලලා සතුටට මූනට හිනාවක් එන සෙල්ෆි රැප් තුන හතර තිබුනෙත් තව කක්කා ගොඩක් මැද්දේ.
රැප් ප්‍රමෝට් වෙනවා වෙනුවට උනේ රැප් කාපු එක වනසපු එක මිනිස්සුන්ට රැප් එපා කරපු එක.
මුලදි Home Page එකට සෙල්ෆි රැප් එකක් ආවම කුතුහලේට හරි බලපු මිනිස්සුන්ට අන්තිමේදි මේක කරුමයක් වෙනතැනට පත් උනේ ඇයි කියන ඒක ඔබම ඔබේ හිතින් අහලා බැලිය යුතු දෙයක්.
ලංකාවෙ මිනිස්සු කොච්චර ඈලි මෑලි පිරිසක් උනත් යම් වෙලාවක් එනවා රතු කට්ට පනින. තමන්ගෙ පුද්ගලික දේශපාලන වාසි වෙනුවෙන් සංගීතෙ විකුණන් කාපු බුවෙක්ට ආයෙ ෆේස්බුක් පේජ් එක පැත්තෙ පස් නොපාගන්න හිතෙන තැනට වැඩ කලේ ඒ නිසා.
මේක පිටිපස්සෙ ඉන්නෙත් පොර බව දැන ගත්තෙ පස්සෙ. කොහොම හරි රැප් වනසලා හරි මිනිහට වෙන්න ඕන දේ උනා.
රටට ලෝකෙට මූණ දෙන්න බැරුව හිටි පොරට ආයෙමත් ලොකු සීන් එකෙන් ගොංපාට් දාන්න ඉඩ හැදුනා.
හැබැයි මේකෙන් රැප් වලට වෙච්ච හානිය කොස්සක් අතට ගත්තු බටකොළ ආච්චි වගේ ගැන්ග්ස්ටර් පොරක් චිත්‍රාල්ට ඩිස් කිරීම දක්වාත්, එතනින් මිනිස්සු ඒ මානසිකයාට බැනලා නතර නොවී රැප් වලටත් බනින තැනට ඔඩු දිවීම සම්බන්ධ වගකීම නම් උන්නැහේ නොගන්න බව විශ්වාසයි.

යේ යේ ජියා ජියා අගේන් අ බිග් ශව්ටවුට් ටු පිල්ටී විරාජ් හැටනවයේ කල්ලිය



වැදි ජාතික ගීය

අතිශයින්ම ලොල් සහගත බැවින් උපුටාගෙන සංස්කරණය කරන ලදි
(වැදි ජාතික ගීය)


සිරි ලංකා අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ සිරි...ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
සුන්‍දර පොජ්ජ සිරිබරිනී සුරැඳි විසාල පොජ්ජ සෝබමාන ලංකා
අඩුම කුඩුම කාසි නෙක මල් පලුපල පිරි ජය බිම්පොජ්ජ රම්‍යා
මෙයැත්තන් හට සැප සිරි සෙත්සාන්ති මන්දො කරනා ජීවනයේ අම්මිලැත්තෝ
බාර පොජ්ජ මන්දො කරනු මැන මෙයැත්තන්ගේ භක්‍තී පූජා
නමෝ නමෝ අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
තොපන් වේ මෙයැත්තන්ගේ හත්ති
මෙයැත්තන්ගේ හද තුළ භක්‍තී
තොපන් මෙයැත්තන්ගේ ආලෝකේ
මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
තොපන් මෙයැත්තන්ගේ ජීවන වේ
මෙයැත්තන්ගේ මුක්‍තිය තොපන් වේ
නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
බුද්දි පොජ්ජ සක්ති පොජ්ජ වඩවමින රැගෙන මංගච්චනු මැන ජය බිම්පොජ්ජ කරා
එක අම්මිලැත්තගෙ පැටව් ඇත්තන් බැවිනා
මංගච්චමු මංගච්චමු වී නොපමා
ආල වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ මා දෙයියා

(වැද්දා වරිග පොජ්ජට ජාතික ගීයක් මන්දො වීම ගැන ආඩම්බරනම් ශෙයා පොජ්ජ මංදො කරන්න.)



.සමණලුන්ට වෙඩි තියන්න

සමණලුන්ට වෙඩි තියන්න

-මීට වන බඹරා



-'56 නැවතත්' හෙවත් සිරිපාලගෙ පළා මල්ල-


ජාතික ගීය දෙමළෙන් ගැයීමේ අනභිභවනීය මෙව්වා එක ගැන වගේම ඒකෙන් සිංහලබෞද්ධ මෙව්වා එකට මෙව්වා වෙන ආකාරය ගැන ඕනවටත් වඩා විචාර බුකියෙ ඇලවිලා තියන නිසා ඒ දේවල් වෙනුවෙන් කාලය වැය නොකර ඉතිහාසය පොඩ්ඩක් මතක් කරදෙන්න හිතුවා.

කෙනෙක් පිලිගත්තත් නැතත් දේශපාලනය කියන්නෙම ඉතිහාසය.
හර්තාලයෙන් පසු කාලයේදී අගමැති ඩඩ්ලි අසනීපව ඉල්ලා අස් වීම නිසා සර් ජෝන් කොතලාවල අගමැති බවට පත්විය.
අගමැති කොතලාවල 54 යාපනයේ කළ සංචාරයකදී රැස්වීමකදී සිංහල දමිළ භාෂා ද්විත්වයටම රාජ්‍යය භාෂා තත්ත්වයක් ලැබෙන ආකාරයට ඉක්මනින් නීති සම්පාදනය කරන බවට සර් කොතලාවල කල ප්‍රකාශය ඒ සමයේ දේශ්ප්රේමී අයියලාගේ දැඩි විරෝධයට ලක්විය. 
අවස්ථාවෙන් ප්රයෝජනය ගත් ශ්රී.ලං.නි.ප. ය 'සිංහල භාෂාව පමණක්' යන්න තම තේමා පාඨය කර ගත්හ.

ඒ අනුව වඩාත් ගෝත්‍රික ස්වරූපයක් ගන්නා 56 මැතිවරණයේ ප්‍රධාන තේමාව වන්නේ රටේ අන් කිසි ගැටලුවක් නොව රාජ්‍ය භාෂාව කර ගන්නේ මොකක්ද යන්නයි.
ඒ අනුව පැහැදිලි ජයක් ලබන බණ්ඩාරණායකටද ක්‍රමක්‍රමයෙන් පීඩනය යොමු වන්නට විය.

මැතිවරණ වේදිකාවෙදි දුන් 'සිංහල පමණක්' පොරොන්දුවෙහි ප්‍රායෝගිකව නොහැකියාව සහ භයානක කම 'දේශ්ප්‍රේමීන්ට' වටහා දිය හැකි දෙයක් නොවීය.
ආණ්ඩුවේ ප්‍රධාන ආධාරකරුවෙකු සිදුකළ උපවාසයක් නැවැත්වීම උදෙසා සුලුජාතීන්ට සහන සලසන සියලු උපවගන්ති ඉවත් කිරීමට රජයට සිදු විය.

කතන්දරය එයින් නවතින්නේ නැත. එම රාජ්‍ය භාෂා පණතට එරෙහිව ෆෙඩරල් පක්ෂයේ (දැන් ටී.එන්.ඒ.) චෙල්වනායගම් සත්‍යග්‍රහයක් පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ අතර එම විරෝධයට විරෝධය පළ කිරීමට තවත් විරෝධතාවයක් (දැන් සිදුවන්නාක් මෙන්ම) සංවිධානය වී දිබුණි.
මුහුණට මුහුණ බලන් පැවති මෙම විරෝධතාවය අවසන් වූයේ ගුටිකෙළියකිනි.

ෆෙඩරල් පක්ෂය විසින් දසවෙනි නිදහස ඉලක්ක කරමින් දියත් කළ විරෝධතා නිසා සිවිල් පාලනය බිද වැටුණි.
භාෂා පණතටත් එහා ගිය උතුරු නැගෙනහිර පදිංචිකිරීම් නැවැත්වීම වැනි බලකිරීම් ද ඔවුන්ගේ ඉල්ලීම් අතරට ඔවුන් එකතු කර තිබුණි.
ඉල්ලීම් ඉටු නොකළොත් සිවිල් නීතිය කඩන බවට කරන ලද ඉල්ලීම් හමුවේ බණ්ඩාරනායකට චෙල්වනායගම් සමග ගිවිසුම් එකඟතාවයකට එකඟවීමට විය.

ඊට විරුද්ධව රොස්මිඩ් පෙදෙසේ අගමැති නිවස වැටලූ එවකට බොදු සේනා සතුටු කෙරුමට නැවතත් එම ගිවිසුම අත්හිටුවීමට පොරොන්දු විය
ඉන් පසුව උතුරේ සිවිල් නීතිය කැඩීම් ආදියෙන් ඇරඹුණු දේශපාලන සාපය වසර දිහක් දක්වා සන්නද්ධවද අදටත් සන්නද්ධ නොවන ආකාරයටද පැසවමින් පවතී.

අහක ඇති දෙබර වලට ගල් ගැසීම දේශපාලුවන්ට ලෙහෙසියෙන්ම කළ හැකි නමුත් ඊට ජීවිත වලින් වන්දි ගෙවන්නෝ ඔවුන් නොවෙත්.
ජාතික සංහිදියාවට අමුඩෙ ගහමුද?
මෛත්‍රී, අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා පලයන් හිටන්




"නරසීහ ගාථා"

"නරසීහ ගාථා" පුදුම ලස්සනයි

තමන් ඉපදුනු දවසෙම ගිහිගෙයින් නික්මුනු තමන්ගෙ තාත්තව අවුරුදු ගාණකට පස්සෙ පළවෙනි වතාවට දකින රාහුලට තමන්ගෙ පියාව අඳුන්නලා දෙන්න යශෝධරාව ගායනා කරන නරසීහ ගාථා පුදුම ලස්සනට උදේට නෙත් fm යනවා. මම මුලින් හිතන් හිටියේ ඒ දෙමළ ඇක්සන්ට් එකක් කියලා පස්සෙයි දැන ගත්තේ බංගලි ඇක්සන්ට් එක බව.
උදේ පාන්දර ඇහෙද්දි දැනෙන්නේ පුදුම හැඟීමක්
අහලා බලන්න. පුදුම ලස්සනයි.

"නරසීහ ගාථා සිංහලෙන්"

සක් ලකුණෙන් වර රත් සොඳ පාදේ
ලස්සනයෙන් වැඩුණු විළුඹැත් දික්
සේමර සත් බැබළුු දෙපතුල් ඇත්
මේ තෙම තා නරපිය වේ නරසී වූ

පුන් සස ලක් සඳවන් මුහුණක් ඇත්
දෙව් මිනිසුන් ප්‍රිය වූ නරනාථා
මත් ගිජිඳුන්ගේ විලස් ගමනැත්තේ
මේ තෙම තා පිය වේ නරසී වූ

සක් කුමරා වර සිව්මැලි වූ ඒ
ලස්සනයෙන් පළ පුන් සිරුරද ඇත්
ලෝ වැඩෙහී ඇලුණූ නරවීරා
මේ තෙම තා පිය වේ නරසී වූ

කැත් කුලයෙන් පළ වූ කුලවත් වූ
දෙව් මිනිසුන්ගෙ වැඳුම් ලද පා ඇත්
සීල සමාධි ගුණෙන් සිත තැන්පත්
මේ තෙම තා පිය වේ නරසී වූ

දික්ව ද උස්ව ද පිහිටිය නාසේ
ගෝ පිය වන් පිය වන් නිලුවන් නෙත්
දෙව්දුනු තුල් අබිනිල් දෙබැමින් යුත්
මේ තෙම තා පිය වේ නරසී වූ

ආවට වූ මට වූ ගෙල ඇත්තේ
සීහනු යුත් මුව රාජ සරීරැත්
රන් පැහැ යුත් සිරියෙන් පැහැපත්වූ
මේ තෙම තා පිය වේ නර සී වූ



අපි

අපි හරිම අමුතු සත්ත්ව කොට්ඨාශයක්. 
මොන දේ ලැබුණත් අන්තිමේදි අපිට ඕන ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.
තමන්ට ඇත්තටම ඕන මොකද්ද කියන එක තේරුම් ගත්ත එක හෝමෝ සේපියන්ස් කෙනෙක්වත් මේ පොලව මත නම් නැතිව ඇති


෴සිරි සාර බුලත් විට කාලා බලන්෴


හොරෙක් උස්සලා දිල්ලියෙදි විකුණපු රිමෝට් එක හොයන් යද්දි පීකේට එයාගෙ රිමෝට් එක හම්බවෙන්නෙ තපස්වි මහරාජ් කියන ආගමික ඩිල්කාරයා ළඟ තිබිලා.
තපස්වි මහරාජ් ඒක අනුගාමිකයොන්ට පෙන්නලා කියන්නේ එයා හිමාලෙ ඉන්නකොට හම්බුණ ශිව දමාරු කොටසක් කියලා.
ඒ වෙලේ ආගමික සුරාන්තයට පත්වෙලා "බොලො බෝලේ බෝලේ බං බං බෝලේ" කියන මිනිස්සුන්ගෙයි පිටිදූවේ උන්නන්සෙගෙ ධර්ම මාකටිං වලට " සාදු සාදු සාආආආ" කියන මිනිස්සුන්ගෙයි වෙනසක් නැති තරම්.

පිටිදූවෙ උන්නන්සෙගෙන් තියෙන අනතුර ඇහැ කන තියෙන මිනිස්සු දැක්කෙ උන්නාංසෙගෙ කැමරාවෙ තිබිලා පිරිමි ළමයෙක් එක්ක ගත්ත ෆොටෝස් හම්බෙන්නත්, සමන්තභද්‍ර වෙලා පිස්සු නටන්න පටන් ගන්නත් ගොඩක් කලින්.
ඉන්දියාව කියන්නෙ ආගම ලස්සනට තොග වශයෙන් මාකට් කරන, ආගමෙන් සල්ලි උල්පතවල් හොයන රටක්.
අපේ මිනිස්සු කරේ ඉන්දියාවෙ එකම එහෙම්පිටින් අරන් දෙවියො මාකට් කරලා කීය කීය හරි හොයා ගත්තු එක.
බුදු දහම හරියට වෙළඳ භාණ්ඩයක් කරගෙන දක්ෂ විදිහට තොග වශයෙන් විකුණන්න පුලුවන් වෙළෙන්දෙක් පහළ උනේම නැති තරම්. පිටිදූවේ උන්නාන්සෙ කියන්නෙ ඒ වෙළඳපොල හිඩැස දක්ෂ විදිහට දැකපු, ඒ වෙනුවෙන් මේක බුදු දහමද නැද්ද කියලා නොතේරෙන ගානට තමන්ගෙම ප්‍රඩක්ට් එකක් හදපු සහ සේල්ස් අවස්ථාව වෙනකල් වෙනකල් පැහැදිලි මාකටිං ස්ට්‍රැටජි එකක් තමන්ම හදා ගත්තු දක්ෂ වෙළෙන්දෙක්.

හැබැයි මුලදි, බණ කියන්න යන බණ ගෙවල් වලදි තමන්ගෙ වාහනේ පිටිපස්සෙ දොර ඇරලා පොත් - සීඩී විකුණපු වෙලේ දී, මොන්ටෙරෝ එකට තෙල් ගහන්න බණ ගෙදර මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලපු, මේ මොකද කියලා මිනිස්සු පුදුම උනොත් අඩි පොලේ ගහලා කෑ ගහපු, උන්නන්සෙ මෙච්චර දුරක් තමන්ගෙ බිස්නස් එක ගෙනෙයි කියලා නොහිතපු බවත් පිළිගන්නෝනි.

ඔය දැන් උනත් කරන මස් මාලු දාන වලින් වෙන්නේ තමන්ට අවාසියක් නේද, එහෙමත් නැත්තම් මේ ඇටෙන්ෂන් හෝ අවධානය හොයන කෙනෙක් වෙන්න හදනවද කියලා කෙනෙක් වෙන්න පුලුවන්, ඒත් නෙගටිව් රෙපයුටේෂන් කියන්නේ අතිෂයින්ම කාර්යක්ෂම මාකටිං මෙතඩ් එකක්.

කොහොම හරි, "මේ අපේ ඩර්මය හු**" කියලා රකින ධර්මාරක්ෂක අයියලාට අවශ්‍ය නම් දැන්ම රැක ගන්ඩ. මොකද අද කිව්වා කියලා මතක තියා ගන්න ඉස්සරහට මේ අඩිපාරෙ යන ධර්ම ඩීල්කාරයො තව 4ක් 5ක් ඇති උනත් ඇති බුදුදහම වෙනම විකෘතියක් බවට පත් වෙන්න.
අපි වගේ ස්පැගටි රාක්ෂතුමා අදහන පැස්ටෆේරියානුවන්ට නම් දක්ෂ ව්යාපාරික ගලායාම දිහා බලං ඉන්නවා ඇරෙන්න ඕවා වැඩක් නෑනේ.

ඔබට අවශ්යනම් කරදමුංගු කරාබුනැටි, සාදික්කා, වසාවාසි එහෙම යහමින් දාපු පිටිදූවේ සිරිධම්ම..අහ් සොරි සමන්තබද්‍ර හිමිගෙ සාර බුලත් විට කාලා බලන්න.

ස්පැගටි රාක්ෂ සරණයි!
රාමේන්!!


හැමදේම වෙන්නේ හොඳට හොඳට හොඳට.

ජීවිතේ පරණ පිටු වල මුන ගැහුණු, හැමෝගෙම යහපතට ආයෙමත් කවදාවත් මුණ නොගැහෙන්න හිතපු අය ආයෙමත් අහම්බෙන් මුණගැහුනම, මුලින්ම දැනෙන්නෙ පොඩි ෂොක් එකක්..
ඒත් දෙවනියට වෙන දේ හරියට මේ වගේ,
අපි පොඩි කාලෙ බලපු සමහර ෆිල්ම්ස් තියෙනවා හිතේ අමුතු ලස්සන සටහනක් තියපු. අහම්බෙන් හරි ඒක ආයෙ බලන්න ලැබෙද්දි අපිට පේන්නෙම අඩුපාඩු වැරදි. ඒ නැතත් අර එදා දැනුන දේ නෙවෙයි කොහෙත්ම දැනෙන්නේ.
අන්න ඒ වෙලේට තේරුම් ගන්නවා ඒ කාලෙ දුකක් දැනුනත් වෙච්ච හැමදේම උනේ හොඳටයි කියලා.
ජීවිතේ ප්‍රශ්න එද්දි අපි හිතනවනේ 
හැමදේම වෙන්නෙ නරකට 
නරකට 
නරකට කියලා. 
ඒත් ඇත්ත කතන්දරේ තමයි 
හැමදේම වෙන්නේ හොඳට 
හොඳට 
හොඳට.
එකම කතන්දරේ ඒ වෙලේට අපිට ඒක නොපෙනෙන එක.. 



සමහර මිනිස්සුත් පළිබෝධනාශක වගේ

ප්‍රවේශමෙන් පරිහරණය කරන්නෝනි.


රතු ආදරය

පරිමිතය අවකාශය
හරිම හරි හතරැස් රාමු
නීති රෙගුලාසි
බවුන්ඩ්‍රි
ගිණි අරං දැවෙනවා
කඩාගෙන වැටෙනවා
අග්නි වරුසාවෙන් තෙමී
මෝසම් සුළඟෙන් වැනී
උඹෙන් මම
මගෙන් උඹ
වෙනස් වෙන ආදරය
නික්ලේෂී උනත්
නොවුනත්
ක්‍රෂ්ටේෂීය නොවන
රතුම රතු
රතු ආදරය

should thank ‪#‎Aluth_Parapura‬ for organizing sucha pakka awesome event.
thumbs up!


මං

මං ලොකු වෙලා ගෝත්‍රික නායකයෙක් වෙනවා


අපි කොච්චර විවෘත මිනිස්සු උනත් අපි කවදාවත් 100%ක් විවෘත වෙන්නෙ නෑ.
විවිධ මිනිස්සු දන්නේ අපේ ජීවිතයෙන් විවිධ සිරස්කඩවල් පැතිකඩවල් ගැන.
අපිට කොහොමත් පරිපූර්ණව විවෘත වෙන්න බෑ මොකද අපේ ජීවිතේ මොකක්ම හරි පැත්තක් කොයිම හරි කෙනෙක්ට ඇලජික් වෙන්න පුලුවන් නිසා.
අපි ජීවත් වෙන්නේ ඒ ඒ කෙනාගෙන් ඒ ඒ පැති ආවරණය කරගෙන.
ඒත් අපි හැමෝටම දවසක් එනවා 

අපේ මහ බර පොදියෙ බර ඉවසන්න අමාරු වෙන..
අහසින් පාත්වෙලා හරි අපිව 100%ක් තේරුම් ගන්න එකෙක් ඉස්සරහා මල්ල බිම තියන්න, අපිව කනපිට ගහන්න හිතෙන..
ඒත් ඇත්ත තමයි අපි කාටවත් එහෙම දෙයක් නොලැබෙන බව.
මේ මල්ල අපි අපේ වල වෙනකල් ගෙනියනවා.
කරන්න බැරි වෙච්ච දේවල්, කිරීම නිසා පසුතැවෙන දේවල් වලින් පටන් ගත්තම කාලය ආපහු හරවන්න හිතෙන දේවල් දක්වා පරාසයක දේවල්,
අපිත් එක්කම පස් වෙනවා.
සුපිරි මිනිස්සු අපි. ගොඩක් දේවල් කරන්න පුළුවන් උනාට ඕනම දේවල් කරන්න බැරි


1 February 



චූං උන චූං පාං කාරයොන්ට මතක්කර දෙන වග නම්,


සෙට් එකක් ඉන්නවා චන්දෙ එවර වෙලා හුස්මක් ගත්තෙ නැතුව එක හුස්මට ජවිපෙට ගහන්න පටන් ගත්තු.
පොරවල් කියන්නේ නම් ජවිපෙට චන්ද නෑ, ජවිපෙ තර්ජනයක් නෙවෙයි අරකයි මේකයි. ඒත් උන් පුදුමාකර මහන්සියකින් ජවිපෙට ගහන්න හදද්දි අපිට නම් පේන්නෙ වෙනම දෙයක්.
අලුත්ම පොයින්ට් එක පොරවල් කියන්නේ ජවිපෙට ජෙලලු බජට් එකට.
මචං.
චන්දෙදි උදේ රෑ වෙනසක් නැතුව පුද්ගලයො විදිහට සහ යම් යම් කණ්ඩායම් වල පාර්ශව කරුවො විදිහට මෛත්‍රී දිනවන්න කරන්න පුලුවන් උපරිම දේ කරා අපි.
ජෙප්පෙක් විදිහට ඇඟේ ලේබල් අලවගත්තා නොගත්තා මම ජවිපෙට චන්දෙ දීපු දෙන කෙනෙක්.
එහෙමයි කියලා අපේ කොහෙවත් කසන්නෙ නෑ මිනිස්සුන්ට හොඳක් වෙද්දි.
අපි මැරුනෙ මේක දකින්න තමයි.
රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න ජවිපෙ තරම් මහන්සි උනේ නෑ කවුරුවත්. දූෂණ වංචා වචන මිනිස්සුන්ට හුරු කරේ, බය නැතුව හොරාට හොරා කිව්වෙ ජවිපය.
හැමෝම දැන් හයේ හතරෙ ඒවාගහන්නේ ජවිපය ලෙවල් කරලා දුන්න ග්‍රවුන්ඩ් එකේ.
මිනිස්සුන්ට හොඳක් වෙනවා නම් හදවතින්ම ඒ ගැන සතුටු වෙන සමූහයක් වෙන කොහෙවත් නෑ ජවිපය තරම්.
මේක සාමූහික ජයග්‍රහණයක්.
ඒ නිසා නිකං අමන ආතල් ගන්නැතුව කරන්න වැඩක් නැත්තං ආප්පයක් කාලා බුදිය ගනිං


ජවිපෙට චන්ද නෑ අරක නෑ මේක නෑ ජවිපෙ දියාරුයි කියද්දි මතක් කරන්න කැමතියි ඔය කතාවම මීට නුදුරු අතීතෙකදි හිටපු ආණ්ඩුව,  යූඇන්පියට කිව් වග. 
යූඇන්පියක් දැන්තියෙනවද, යූඇන්පිය දියාරුයි, අරකයි මේකයි.

මචංලා දේශපාලන පෙරළි කියන්නේ නියමිත දිශානතියකට යන දෙයක් නෙවෙයි. ජවිපෙ කියන්නේ අතීතේ ෆ්ලැට් වෙන්න කීපවතාවක්ම ගුටි කාලත් තාම කෙලින් ඉන්න පක්ෂයක් කණ්ඩායමක්. ඒකට හේතුව ජවිපෙ මුල් තියෙන්නෙ ජනතාව අතර වීම. මිනිස්සු ජවිපෙට ආදරෙයි. ඔව් ඒක චන්ද බවට හැරෙද්දි ප්‍රශ්නයක් තියෙනවා. ඒත් ඒක සදාකාලිකයි කියන ලස්සන මනෝ ලෝකෙ ඉන්න කට්ටිය ආස උනාට සොරි ඒක එහෙම නෑ.
අහලා තියෙන කතාවක් අන්තිමට කියන්නම්
"ඔබට සියලුම පුෂ්පයන් පොඩිකර දැමිය හැක, නමුත් වසන්තයේ පැමිණීම ඔබට නැවතීමට නොහැක"
ජය!



සත්‍යමෙව් ජයතේ ! හිටං


සියල්ල පරයා සත්‍ය ජය ගනියි. මේ රටේ විශාල ප්‍රමාණයකට දැනුණු, තවත් පිරිසකට දැනුනද නොතේරුණු යම් සත්‍යයක් විය. මැතිවරණයකට පෙර සහ මැතිවරණය ප්‍රකාශ කළ දින සිට ඇරඹුනේ එම සත්‍ය ඔවුන්ට තේරුම් කිරීමේ සටනයි.
සමුදුරේ නොගිලෙන තරුව ටයිටැනික් ගිලුනේය. සදාකල් රජයමියි උදම් ඇනූ ඒකාධිපති පාලනය ද බිඳ වැටුණි.
බලයේ රැදී සිටින්නට මහින්ද නොකළ දෙයක් නැත. ලැස්තුගත කළහොත් ඒ අගය කිලෝමීටරයක් තුළ ඇති මහින්ද පුවරු ගණනට වඩා වැඩි වනු ඇත. මහින්දට බලයේ සිටීමට නොයෙකුත් හේතු තිබුණි. අපට ඔහු එලවන්නටත් ඒ තරම් ම හේතු තිබුණි.
කාරණා කෙසේ වුවත් දූෂිතයා පරාජය කොට අවසන් ය. නමුත් මින් ඔබගේ කාර්ය අවසන් නොවේ. තවත් හොර රැලක් දියවන්නාවේ සිටියි. එළැඹෙන මහමැතිවරණයකදී ඔවුන් පන්නා දමා ඔබේ සැබෑ නියෝජිතයින් පත් කර ගැනීම ඔබේ අයිතියයි යුතුකමයි.
පාලකයා වෙනස් කිරීමෙන් සියලු දේ වෙනස් වන්නේ නැත. කේතුමතීන් පහළ වන්නේ නැත.
බලයේ සිටින්නේ කුමන පාළකයා වුවත් ජනතාව සැමදා සිටිය යුත්තේ විපක්ෂයේය.
ඒකාධිපතින් බිහි වීමට ඉඩ නොදීමේ සමීකරණය එයයි.
කරුණාකර ජනතාවට කොටි ලේබල් ඇලවීම නතර කරන්න.
වෙනසක්ද විනාසයක්ද ඔබම බලා ගන්න
මඩ බලය තාවකාලිකය
ජනබලය උතුම්ය
ඔබට ජය..හිටං



ස්වාසිලන්තෙ ස්වාසිලන්තෙ

ඡන්ද කතා අහලා මහන්සිත් ඇතිනේ මාමේ..බොමුද සීතල වතුර වීදුරුවක්?

ටටා ටටා ටා...ටට ටටා ටටා ටා..

රෑ හීනෙන් දවසක් මම රජ ගෙදරට ගියානේ
තිස්ස පවා කෑම මේසෙ තලප තමයි හපන්නේ
බේබි පැටව් ජංගි ඇඳන් වැලි කිරිබත් උයන්නේ
හැබැයි මට පෙනුනේ හීනයක් අනේ
අනේ ඇයිද හීන හැබෑ නොවන්නේ

කුඩු ඇමතිලා තොග ගානට කුඩු ගේන්නේ කොයි රටේද
ලල්ලාලා ලලා ලල්ලාලා
ඒවා ගහලා පොඩි දරුවන් මැරිලා යන්නෙ කොයි රටේද
ලල්ලාලා ලලා ලල්ලාලා
මිනී මරලා මතක නැතුව නිදහස් උනෙ කොයි රටේද
ස්වාසිලන්තෙ ස්වාසිලන්තෙ
ඉන්දියාවෙ කුඩු පොරවල් නිදහස් කළෙ කොයි රටේද
ස්වාසිලන්තෙ ස්වාසිලන්තෙ
ස්වාසිලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
අපෙ ඇමතිලා කුඩු ගේන්නෙ නෑ

මතට තිතේ ඇමතියන්ට බාර් තිබුණෙ කොයි රටේ ද
ලල්ලාලා ලලා ලල්ලාලා
කැසිනො වලට අත උස්සපු මන්තිරිලා කොයි රටේද
ලල්ලාලා ලලා ලල්ලාලා
සභාපතිලා සුද්දියන්ව කෙළසන්නේ කොයි රටේද
ස්වාසිලන්තෙ ස්වාසිලන්තෙ
පොඩි දරුවන් කෙළෙසීමට නඩු නැත්තේ කොයි රටේද
ස්වාසිලන්තෙ ස්වාසිලන්තෙ
ස්වාසිලන්තෙ එහෙම උනත් අපෙ කට්ටිය ඕවා දන්නෙ නෑ
දැන ගත්තත් අපිට වඩක් නෑ

චීනෙට එන්න කියමු
අපේ රට හදන්න කියමු
හදාලා ආස්චර්ය කරමු අපි
බටහිර බලවේගෙට කෙළිමු අපි

සංවේදී නායකයෙක් පහළ උනේ කොයි රටේ ද
ලංකාවේ අපේ ලංකාවේ
වකුගඩු ප්‍රශ්නෙට විසඳුම් හොයා ගත්තෙ කොයි රටේද
ලංකාවේ අපේ ලංකාවේ
ඒ ගොවියගෙ ප්‍රජෙක්ට්ස් වලින් ගසා කෑවේ කොයි රටේද
ස්වාසිලන්තෙ ස්වාසිලන්තෙ
ගොවි මහතුන් මැරිලා ගියත් වගක් නැත්තේ කොයි රටේද
ස්වාසිලන්තෙ ස්වාසිලන්තෙ
ස්වාසිලන්තෙ එහෙම් උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
වතුර ටිකත් ගසා කන්නෙ නෑ

කැලේ මැද්දෙ එයාපෝට් හැදුවෙ නැත්තෙ කොයි රටේද
ලංකාවේ අපේ ලංකාවේ
ගිණි ගන්නා බලාගාර හැදුවෙ නැත්තෙ කොයි රටේ ද
ලංකාවේ අපේ ලංකාවේ
කෝටි ගණන් ණයට අරන් කාලා දැම්මෙ කොයි රටේද
එංගලන්තෙ එංගලන්තෙ
මහ පාරෙන් ලක්ෂ ගණන් කොමිස් ගැහුවෙ කොයි රටේද
එංගලන්තෙ එංගලන්තෙ
එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නැ
අපෙ සෙට් එක කොමිස් ගහන්නෑ

චීනෙට එන්න කියමු
අපේ රට හදන්න කියමු
හදාලා ආස්චර්ය කරමු අපි
බටහිර බලවේගෙට කෙළිමු අපි

මිණී මරපු හපු කොටියට සැප දෙන්නේ කොයි රටේද
ලල්ලාලා ලලා ලල්ලාලා
යුද්ධෙ කරපු රණවිරුවව මරවන්නේ කොයි රටේද
ලල්ලාලා ලලා ලල්ලාලා
එහෙම කරලා වේදිකාවෙ රඟ දෙන්නේ කොයි රටේද
ස්වාසිලන්තෙ ස්වාසිලන්තෙ
"හාංදුරුවනේ" පපුවට ගහ ගත්තේ කොයි රටේ ද
ස්වාසිලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
අපි කොටියව විකුනන්නේ නෑ

ඉන්දියාවෙ නළු නිළියන් ගෙන්නනේ කොයි රටේද
ලල්ලාලා ලලා ලල්ලාලා
කලාකරුවො සල්ලි වලට කඩේ යන්නෙ කොයි රටේද
ලල්ලාලා ලලා ලල්ලාලා
කඩේ නොගිය නළු පිරිසට පහරදුන්නෙ කොයි රටේද
එංගලන්තෙ එංගලන්තෙ
මහරජතුමා ජනතාවට 'ගොන්නු' කිව්වේ කොයි රටේද
එංගලන්තෙ එංගලන්තෙ

කෑම බීම වලට පවා බදු ගහන්නෙ කොයි රටේද
ලල්ලාලා ලලා ලල්ලාලා
රොකට් යවලා අද වෙනකල් කතා නැත්තෙ කොයි රටේද
ලල්ලාලා ලලා ලල්ලාලා
සපත්තු නැති පොඩි දරුවන් එල්ලෙන්නේ කොයි රටේද
ස්වාසිලන්තෙ ස්වාසිලන්තෙ
කන්න නැතත් කාර් රේස් පෙන්නන්නේ කොයි රටේද
ස්වාසිලන්තෙ ස්වාසිලන්තෙ
ස්වාසිලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
අපේ අයට ප්‍රශ්න අත්තෙ නෑ

චීනෙට එන්න කියමු
අපේ රට හදන්න කියමු
හදාලා ආස්චර්ය කරමු අපි
බටහිර බලවේගෙට කෙළිමු අපි



උන්ගෙ කකුල් දෙක මැද්දෙ තියෙන එක පාලනය කරන්න බැරුවට
උඹේ කකුල් දෙක මැද්දෙ තියෙන එක පාලනය කරන්න පොරකන රටක
නිදහසේ පාරක යන්න බැරි, ඇහැක් පියන් බස් එකේ යන්න බැරි රටක
කන්තෝරුවෙදි බොසාගෙ කරදර ඉවසන්න වෙන රටක
සෞදියෙදි බාබගෙ මීයො අල්ලන්න යන්න වෙන රටක
වැලක යට ඇදුමක් වනන්න බැරි, රැට තනියම ගෙදර ඉන්න බැරි රටක
අති උත්තම පුරුස ධාතුව උඹ කෑ ගහද්දි ම උඹේ කරඩුවේ තැන්පත් කරලා උඹටම වේසි කියන රටක
දූෂණේ වෙච්චි උඹ 'වේසි' නිසා රටේම උන්ට උඹව බැද්දට ඇදන් යන්න ලයිසන් ලැබෙන රටක
සාරුව සුනිල්ලා බුරුතු ගනන් සැරි සරන රටක
කෝකත් අන්තිමේදි උඹේම වරද වෙන රටක
උගේ එක සරම ඇතුලෙ තියා ගන්න බැරුවට උඹට නීතිපොත් ලියන රටක
හුස්ම ගන්නෙපා නංගියේ
නොපතං ආයිත් ඉපදෙන්නට



හනේ වාසනා

හනේ වාසනා

මට කටු දෙන්න ලෙව කන්න හනේ වාසනා
තව රෙදි දෙන්න අපුලන්න හනේ වාසනා
මට කටු දෙන්න ලෙව කන්න හනේ වාසනා
තව රෙදි දෙන්න අපුලන්න හනේ වාසනා
රැව් දේ හඬ රැව් දේ
මිනිසුන් කුසගින්නේ
රැව් දේ හඬ රැව් දේ
මිනිසුන් කුසගින්නේ
ලොකු ලොකු වාහන තව මට දේනම්
මීක් නැතුව ඉන්නම්
මට කටු දෙන්න...
සිහිනෙන් රජු එනවා
පිටපත පවසනවා
සිහිනෙන් රජු එනවා
පිටපත පවසනවා
ඔබෙ රජ වචනය මතක තියාගෙන
මම ලෙසටම දෙන්නම්
මට කටු දෙන්න...



ඉබෝලා මඩින්නට බුදු දහමට කළ හැක්කේ කුමක් ද?

අල් කුරාණයට අනුව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් සකස් කරගන්නේ කෙසේ ද?

මහා බද්‍රකාලී ආනුභාවයෙන් බ්‍රේන් ටියුමර් එකක් සාර්ථක ලෙස ඉවත් කරගන්නේ කෙසේ ද?

යාඥාවක් මගින් සිදුවිය හැකි ග්‍රාහක ගැටුමක් වලක්වාගන්නා ආකාරය කෙසේ ද?

සමහරුන්ගෙ බටහිර විද්‍යා මෙව්වා එකත් ^මේ වගේ


අද තනියෙන් මා..


අද තනියෙන් මා..
හඬන්නෙ නෑ මා
මා දමා උං ගියා කියා
මා දමා ගියා..මෙයා.. cry emoticon


පක්ෂෙත් මට නෑ
උස්සපු අත් නෑ
උං නෑ මෙයා
සාටකයෙන් එල්ලෙමී
උං නෑ මෙයා..ගියා..


පාඨලි කෝ අද මගේ
මෛත්‍රීත් නෑ ඌ ගිහිං
තොපි දන්නෑ
හෙට මැරුවත් රජ පුටුවෙං..මම යන්නෑ..

අද තනියෙන් මා..

රට විකුණන චේතනා
හරියන්නෑ කෙළ උණා
රට විකුණන චේතනා
හරියන්නෑ කෙළ උණා
ඇප නැති දා
මර්වින් මෙහෙ වරෙං..මං වඩා ගනිං..

අද තනියෙන් මා...

සුමනයා කී පච කතා
ඇහු හින්දා හිර වෙලා
සුමනයා කී පච කතා
ඇහු හින්දා හිර වෙලා
තොපි ගිය දා..
මා හඬවා..මට නොකියා..මා දමා..

අද තනියෙන් මා..




අසම්පූර්ණ සටහනක්


ඔය උන්නාන්සෙ 2005 දි ආවෙ යුද්ධ කරන්න නෙවෙයි. සාම සාකච්ඡා ඉදිරියට ගෙනියනවා කියාගෙන. ආයෙ මේ යුද්ධෙ වෙනින් හමුදාපති කෙනෙක්ට දෙන්නෑ කියලා වැඩේට අතගහපු යුධහමුදාපති කෙනෙකුයි මැරෙන්න බය නැති කොල්ලො ටිකකුයි නැත්තම් කොරයි මේකා. යුද්ධෙ කරපු එකාව වීදුරු කූඩු අස්සෙ හිටපු එකා හිරේ දානකල් බලන් හිටපු, යුද්ධෙ කරපු කොල්ලො ටික රජ පුත්තුන්ට රේස් පදින්න වැලි කොට්ට අදිනකල් බලන් හිටපු කොදු නැති මිනිස්සු දැන්වත් ඇහැ අරිනවනම් ලොකු දෙයක්.
මැරිලා ඉපදුනේ නැත්තම් උඹලට මතක ඇති යුද්ධෙ දිනපු ගමන් කිව්වේ "රට දිනා දුන් රණවිරුවන්" කියලා. විනාඩි 5න් 5ට ඇහුනේ අපේ කොල්ලොන්ට හැදුනු සිංදු. පස්සෙ උන්නාන්සෙ ඒක "රට දිනා දුන් ජනාධිපති තුමන් සහ රණවිරුවන්" කර ගත්තා. ඊටත් පස්සේ උන්නාන්න්සෙ ඒක "රට දිනාදුන් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්" කරගත්තා. ඔටුණු දා ගත්තා. කොල්ලොන්ගෙ සිංදු වෙනුවට තමන්ට ප්රශස්ති කියාගෙන 'රජ' උනා. දැන් මර්වින් සිල්වලා දුමින්ද සිල්වලා වගේ කැනහිල්ලුත් ස්ටේජ් වලදි කියන්නෙ 'අපි කරපු යුද්ධෙ' කියලා. රණවිරුවා කෝ? රණවිරුවට මොකද උනේ? රජ ගෙදර සැප ගන්න කොටි නායකයගෙ ඉදන් කොටි රැලට වෙච්ච දේ ගැන නම් අපි දන්නවා.
යුද්ධෙ තියෙද්දි අයවැයෙන් ලොකුම කුට්ටියක් වෙන් උනේ යුද්ධෙ වෙනුවෙන්. අපේ මිනිස්සු පටි තද කරන් හිටියා. මිනිස්සු හිතුවෙ යුද්ධෙන් පස්සෙ පටි බුරුල් වෙයි කියලා. ඒත් බඩ බුරුල් වෙනකල් මේකා තාමත් දෙසන්නේ යුධ ජාතකය.
වැඩ කරන්නැති ප්රමිතියක් නැති බලාගාර, ගල් තියෙන වරායවල්, ප්ලේන් එන්නැති වනාන්තර මැද්දෙ හදපු එයාපෝට්, ඩොලර් මිලියන වලින් කොමිස් කුට්ටි කඩන පාරවල් ඔක්කොම පුහු ආටෝප හදන්නේ 7% පොලියට වෙනම රට රටවල් වලින් ගත්තු ණය වලින්. ඒ උනාට කට ඇරියොත් ජාත්යන්තර කුමණ්ත්රණ. රට දැනටමත් චීනට ලියලා හමාරයි.
කුඩු මුදලාලිලව නාකොටික් එක ඇල්ලුවම රටේ රාජ්ය නායකයා කුඩ්ඩව බදාගන්න යන්නෙ හෙලිකොප්ටරෙන්, භාරත මරපු ලෝක කුඩ්ඩා ජනතා විරෝධය අඩු වෙනකල් රට සවාරියක් දාල ආවම අදටත් නඩු නෑ. ගැණු 100ක් දූෂණේ කරලා පාටි දාපු කාළකණ්නි දේශපාලුවො නිදැල්ලේ. ඒතනෝල් රන් කරන්නේ කැබිනට් ඇමතිලා. බාර් දුවවන්නේ ඇමතිලා. මතට තිත කියලා කිව්වා. තිබ්බා මතට තිත මේන් කියලා. ජනතා විරෝධය මැදෙන් කැසිනෝ ගේන්න කරපු නැති මගඩියක් නෑ. මු ං හම්බ කරන්නෙ කුඩු,එතනෝල්,කැසිනෝ,කොමිස් වලින්. ඒ උනාට අපිට කියන්නේ මහපාරවල් දිහා බලන් ලෙවකාපල්ලා කියලා.
රංගලගෙ ගුප්තාලගෙ ලණු උඹලා අද ගිලියි හෙට ගිලියි ඒත් දවසක් එයි උඹලටත් ඇස් පෑදෙන. එදාට ඉස්සරහට එද්දි උඹළට වෙන්නේ හලාවත ඉස්සරහට ආපු ධීවරයින්ට වෙච්ච දේ. රතුපස්වල අසාධාරණේදි ඉස්සරහට ආපු මිනිස්සුන්ට වෙච්ච දේ. චන්දයක් කටේ තියාගෙන වෙන මර්ධනේ ඇස් දෙකට පේද්දි ඉස්සරහට එන දේ ගැන අපිට හිතා ගන්න බැරි නැ.
ඇස් අරින්න පරක්කු වෙන්නෙපා. අරයට චන්දෙ දෙන්න මෙයාට චන්දෙ දෙන්න කියන්නෙ නෑ. ඉල්ලන එකම දේ ඇස් ඇරලා වට පිට බලන්න කියන එක. නැත්තම් ඊසොප් කියපු පල්ලමට ගිය බූරුවගෙ කතන්දරේට වඩා අපේ කතන්දරේ වෙනස් වෙන එකක් නෑ.
හිතන්න.