Wednesday, May 20, 2015

මනසා සංවුතා ධීරා

මොකද්දෝ හේතුවක් හන්දා
හැමදාමත් ආදරේ කරා මේකට
රතු පාට පසුබිමේ
සිදුපාට නෙළුම් මල
හරි හැඩයි මට නම්
මනසා සංවුතා ධීරා
ලොකු තේරුමක් තියෙනවා ඒකට




2 comments:

  1. එකින් එක කියවගෙන ගියා.. අන්තිම එකට අදහසක් දාල යන්න..
    මේකත් එක්ක තව ගොඩක් ඒවා මම එක පාරකට වඩා බුකියෙදී කියවපු පෝස්ට්.. හැබෑව.
    මේ පෝස්ට් එක දැක්ක දවසෙත්, මොකද්ද මතක නැතුවට මොනාදෝ මම කොටලා ආවා මතකයි..

    ජීවිතේට ආසාවට පෑනක් කොලයක් තියා කීබෝඩ් එකක් අල්ලන්න, කාටවත් උවමනා දේ මිසක් මට උවමනා දේ ලියන්න උවමනාවක් නොතිබ්බ මං, අද මෙතන ඉන්නේ (කොහෙද කියලා උඹ දන්නවා මචං) ඔන්න ඔය නෙලුම් මල නිසා.

    ලියපු කඩදාසි ලැබුන කඩදාසි මහ කන්දක් අතරට දාලා අදත් ඔය නෙලුම් මල මම සුරැකිව තියාගෙන ඉන්නේ,
    පෙම්වතුන් ආගන්තුකයන් වුන දා පවා නෙලුම් මල මට තවත් ප්ලාස්ටික් කෑල්ලක් විතරක් නොවුන නිසා.

    සිදුපාට නෙළුම් මල
    හරි හැඩයි මටත්
    මනසා සංවුතා ධීරා
    ලොකු තේරුමක් එකතු කළා ජීවිතේට

    ජීවිතේට පය නොගහපු තැනක් වුනත්..

    ReplyDelete
    Replies
    1. මට මතකයි උඹ නේද අර ලැබ් එකේ ප්‍රස්තාර කොල පිටිපස්සෙ ලියුම් ලිව්වා කිව්වේ.
      මාත් ඒ වැඩේම කරලා තියෙනවා. :)
      good old times brother. good old times

      Delete