Wednesday, May 20, 2015

හැමදේම වෙන්නේ හොඳට හොඳට හොඳට.

ජීවිතේ පරණ පිටු වල මුන ගැහුණු, හැමෝගෙම යහපතට ආයෙමත් කවදාවත් මුණ නොගැහෙන්න හිතපු අය ආයෙමත් අහම්බෙන් මුණගැහුනම, මුලින්ම දැනෙන්නෙ පොඩි ෂොක් එකක්..
ඒත් දෙවනියට වෙන දේ හරියට මේ වගේ,
අපි පොඩි කාලෙ බලපු සමහර ෆිල්ම්ස් තියෙනවා හිතේ අමුතු ලස්සන සටහනක් තියපු. අහම්බෙන් හරි ඒක ආයෙ බලන්න ලැබෙද්දි අපිට පේන්නෙම අඩුපාඩු වැරදි. ඒ නැතත් අර එදා දැනුන දේ නෙවෙයි කොහෙත්ම දැනෙන්නේ.
අන්න ඒ වෙලේට තේරුම් ගන්නවා ඒ කාලෙ දුකක් දැනුනත් වෙච්ච හැමදේම උනේ හොඳටයි කියලා.
ජීවිතේ ප්‍රශ්න එද්දි අපි හිතනවනේ 
හැමදේම වෙන්නෙ නරකට 
නරකට 
නරකට කියලා. 
ඒත් ඇත්ත කතන්දරේ තමයි 
හැමදේම වෙන්නේ හොඳට 
හොඳට 
හොඳට.
එකම කතන්දරේ ඒ වෙලේට අපිට ඒක නොපෙනෙන එක.. 



2 comments:

  1. හැම දේම වෙන්නේ හොඳට(ද?),, හැමදේම වෙන්නේ මගේ හොඳට(ද?),,අනිත් කෙනාගේ හොඳට(ද?),, හැමෝගෙම හොඳට(ද?)

    හැමෝගෙම හොඳට දේවල් සිද්ද වෙනව නම් 'නරක' කියන්නෙ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. මංදා..ඒ මට හිතෙන විදිහ.. මං හිතන්න කැමති විදිහ.. ඒ විදිහට ගොඩක් ලේසියි :)

      Delete