Wednesday, May 20, 2015

~බුරිය...ලේසි නෑ~


දැන් ජුන්ඩකට කලින් ඇති වෙච්ච සංවාදයක් එක්ක ඇතිවෙච්චි ප්රශ්නයක් වෙනුවෙන් ගොඩ නගපු තර්ක පහත දැක්වේ

1) දෙවියන් වහන්සෙ තමයි අපිව මවන්නේ
2) ඒ හදන්නේ තමන්ගෙ රූපයට අනුව


අතුරු තර්කය.


3) බුරියක් හැදෙන්නෙ පෙකිනි වැලේ සම්බන්දයත් එක්ක
4) ඒ අනුව දෙවියන් වහන්සේට කොහෙත්ම බුරියක් තියෙන්න බෑ
5) ඒ අනුව ආදම්ට සහ ඒව ට හෝ බිහි වුණු පළමු මිනිසාට සහ ගැහැණියට බුරියකුත් නෑ
6) ජීව විද්යාත්මක පහළ වීම්, පරිණාමන අනන් මනන් කතා දේව මැවීම් වාද වල නෑ.ලෝකයේ යමක් පවතීද, ඒ සියල්ලම දේව මැවීමයි
7) ඒ අනුව මිනිසාගේ බුරියද දේව මැවීමකි.
8) එය එසේ නම් දෙවියන් වහන්සේට ද බුරියක් තිබිය යුතුය..එනම් දෙවියන් වහන්සේට මවක් ඇත.
9) නො එසේ නම් විශ්වයෙහි දේව් මැවීමෙන් පරිභාහිර වූ එකම දෙය බුරියයි


දේව මැවුම් වාදය එක් ආගමකට සීමා නොවූවක් බැවින් කළබල නොවී ගැටලුව විසදන්න උදව් වෙන්ට

ප.ලි. බුරිය යනු කුණුහරපයක් නොවේ



2 comments:

  1. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් අපව මැව්ව නිසා දෙවියන්ට බුරියක් තියෙනවා කිව්වම චූට්ටං ප්‍රශ්නයක් පැන නැඟෙනවා. ඒක තමයි මේක.

    දැන් දෙවියන් වහන්සේ අපව මැව්වේ උන්වහන්සේගේ ස්වරූපයට නම්, ඒ නිසා උන්වහන්සේට බුරියක් තියෙන්න ඕනය කියලා කියනවානම්,, දෙවියන්වහන්සේගේ සවරූපය පිරිමිද ගැහැණුද? මොකද එක්කෝ උන්වහන්සේට බුරියක් විතරක් නෙමේ ශිෂ්ණයක් තියෙන්න ඕන. නැත්නම් යෝනියක් තියෙන්න ඕන. ඔය දෙකෙන් මොකක්ද තියෙන්නෙ උන්වහන්සෙට. නිකමට හිතමු උන්වහන්සේට තියෙන්නේ ශිෂ්ණයක් කියල. එහෙම බැලුවම උන්වහන්සේ ගැහැණුන්ව මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරූපයට නෙමේද? (පියයුරු ගැන අමතකත් වුනා. ඒකත් ප්‍රශ්නයක් නෙ)

    ඇයි මේ ගෑණුන්ට අසාධාරණය. පිරිමින්ව මැව්වේ උන්වහන්සේගේ ස්වරූපයට නම්, ගෑණුන්ව මැව්වේ කාගේ ස්වරූපයටද?

    ReplyDelete
    Replies
    1. ආදම් ව තමන්ගෙ ස්වරූපයට මවලා ආදම්ගෙ තනියට (අවශ්‍යතාවන් වලට හරියන්න ) ඒවා මැව්වා කියලනේ කියන්නේ. එතකොට ය්ටතුරට හරියන්න යතුරු කටක් එක්ක මවන්න ඇති :D

      Delete