1• එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයත් Aris 13 නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගත් බවට ආරංචි වේ. මෙය 2012න් පසු ඔවුන්ට වාණිජ නෞකාවක් අත්පත් කර ගැනීමට හැකිවූ පළමු අවස්ථාව වන අතර සම්පූර්ණ කාර්ය මණ්ඩලයම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයකි.
2• ඔවුන් කාර්ය මණ්ඩලය ඇතුලු නෞකාව නිදහස් කිරීමට විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින බවට මාධ්‍යය වාර්තා කරයි.
3• 2012 වසරේ සිට 2015 වසර දක්වා වූ කාල සීමාව තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම වෙනුවෙන් අතඩංගුවට පත් වූ ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති මෙම පැහැර ගැනීමට හේතුව තම සමාගම තහනම් කිරීම බවත්. මෙය නිදහස් කිරීම ලංකා නාවික හමුදාවට තබා ඇමරිකන් හමුදාවටවත් කළ නොහැකි බවත් එම ශක්‍යතාවය ඇත්තේ තම සමාගමට පමණක් බවත් මධ්‍යයට පවසයි.
4• හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම පැහැරගැනීමට හේතුව ඇවන්ට්ගාඩ් නොමැතිකම බවමාධ්යයට පවසයි.
5• සෝමාලියානු නාවික පිරිස් මුහුදු කොල්ලකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කළ බවත් ශ්‍රී ලංකා ජනාධිපතිගේ ඉල්ලීම මත නැවට එල්ල කළ වෙඩි ප්‍රහාර නැවතූ බවත්පුවත් වාර්තා කරයි
6• කිසිඳු කප්පම් ගෙවීමකින් තොරව අදාල නැව නිදහස් කළ බවත් මීට හේතුව අදාල තෙල් නැව තෙල් ප්‍රවාහනය කලේ සෝමාලියානු බලවත් ව්‍යාපාරිකයින් වෙනුවෙන් බව අදාල මුහුදු කොල්ලකරුවන් දැන ගැනීම නිසා බවත් අද උදෑසන පුවත් වාර්තා කරයි.
මේ අනුව අපට ගොඩ නගා ගත හැකි අසමානතාවය පහත පරිදිය
ශ්‍රී ලංකා නාවික හමුදාව > ඇමරිකානු නාවික හමුදාව > සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් > ඇවන්ට්ගාඩ් සමාගම > සෝමාලියානු නාවුක හමුදාව > මෛත්‍රීපාල සිරිසේන > සෝමාලියානු බලවත් ව්‍යාපාරිකයින්
ෆීලිං ඕසම් නිරිතදිග මෝසම්
බෞද්ධ ඔන්ලි, හිංදු ඔන්ලි, කතෝලික ඔන්ලි, ඉස්ලාම් ඔන්ලි ලෙස පාසල් බෙදීම දීර්ඝකාලීනව රටට බලපාන පිළිලයක් පෝෂණයකළ හැකි බව අකමැත්තෙන් වුවද පිළිගත යුතු දෙයකි.
තමන්ට නොතේරෙන දෙය සැක කිරීම හා ඊට බිය විම මනුෂ්‍යයන් ඇතුළු සියලුම සත්ත්වයන්ට පොදු ලක්ෂණයකි. කල්ලි බෙදීමත් සාමූහික ප්‍රචණ්ඩත්වයත් මේ හරහා මතුවීම වීම සුලබ ය. පාලකයන්ගේ පහසුවට 'බෙදා පාලනය කිරීම' එදා පටන් සිදු කළත් අප සදාකාලිකවම තුන්වන ලෝකයේ රටක්ව පැවතීම පසුපස මෙහි අඳුරු සෙවණැලි පවතින බව බැහැර කළ නොහැකි සත්‍යයකි. දරුවෙකුට තමන්ගෙ ආගමට අදාල වටපිටාවක ආගමික අධ්‍යාපනයක් ලබාදීමට කැමති දෙමව්පියන් බොහෝ දෙනෙක් සිටින අතර එය සාධාරණ සිතුවිල්ලකි. මෙහිදී ඇතිවන අර්බුධකාරී තත්ත්වයට පිළිතුරු සැපයීමේදී රජයකින් විය යුත්තේ දහම්පාසල් පද්ධතිය දියුණු කිරීම, රටේ අධ්‍යාපන ක්‍රමය ක්‍රමවත් කිරීම හා අධ්‍යාපනයය වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන ඉහළ දැමීම මගින් මතුවී ඇති අනවශ්‍ය තරඟකාරීත්වය නැතිකිරීමත් ඒ හරහා දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට (හා අනෙක් බාහිර ක්‍රියාකාරකම් වල යෙදීමට) දරුවන් පෙළඹවීම ය.
නමුත් අවාසනාවකට අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වන මුදල ඉහළ දැමීමට කරන ඉල්ලීම් සිනහවෙන් ඉවතදැමීමත් පාලකයන්ගේ සුඛවිහරණයට වෙන් වන මුදල් ඉහළ යාමත් සිදුවන අතර අප අහවල් ජාතියේ අහවල් එක ගැන බලමින් විරිත්තමින් සිටින්නෙමු.
මං හිතන විදිහට ලෝකෙ වැදගත්ම දේවල් දෙකම පටන් ගන්නේ 'හි'යන්නෙන්. ඒකෙන් එකක් 'හිතීම'.
'ලංකාවට ආණ්ඩුවක් ඕන ද?' කියන ප්රශ්නය මතු කරපු පුද්ගලයා අදහස් කළේ "අවශ්‍ය නෑ" කියන එක වෙන්න පුළුවන්. නමුත් වචනාර්ථයෙන් ඒක ප්‍රශ්නයක්. පුරුද්දට පාලනය වෙනවා වෙනුවට තමන් පාලනය වෙන්නේ ඇයි? කොහොමද? කියන දේ ගැන පොඩ්ඩක් නැවතිලා බලන්න එක පුද්ගලයෙක් හරි පෙළඹුණා නම් ඒක නරක දෙයක් ද?
කොයි හැටි වෙතත්, පහළින් තියෙන්නේ මකුළුවා සහ අඟුටුමිට්ටා අතර ඇතිවෙච්ච සංවාදයක්. (ඒ කවුද කියලා Game of Thrones බලන අය දන්නවා :D )
“Three great men sit in a room, a king, a priest and the rich man. Between them stands a common sellsword. Each great man bids the sellsword kill the other two. Who lives? Who dies?”
“Depends on the sellsword”
“Does it? He has neither the crown, nor gold, nor favor with the gods”
“He’s has a sword, the power of life and death”
“But if it is the swordsman who rules, why do we pretend kings hold all the power? When Ned Stark lost his head, who was truly responsible? Joffrey, the executioner, or something else?”
“I have decided I don’t like riddles”
“Power resides where men believe it resides, it’s a trick, a shadow on the wall, and a very small man can cast a very large shadow”