තෝර්ගෙ කුළුගෙඩි පාර
කණ ලඟින්ම ඇදිලා යද්දි
උඹ එල්ලුණා මගේ දකුණු අතේ..
බට කොළ ආච්චිගෙ වගේ
දික් උල් නියපොතු
මගෙ අත
හිතට දැනුණු සනීපයට අතට නොරිදුනත්,
කොන්ඩේ දිගේ නලලට බේරුණු වතුර බිංදු
ඇහි පිල්ලම් අගින් බිමට වැටෙද්දි,
තෙත බරිත උඹෙ මූණ
වෙව්ලන හීනි තොල් දෙක
දකින්න දුකයි මට
ඔව් ආන්කා උඹ පව්!
මේ වගේම නා කපන වැහි වැටුණු දවසක
ඔලු ගෙඩි උඩිං පියෑඹුව
එපිට දේශෙ උත්තමයගෙ යකඩ කුරුල්ලෝ
ගිණි බින්දෙ අපි හැදුණු වැඩුණු ගෙවල් දොරවල් වලට නෙවෙයි
අපේ ආත්මෙට..
රැක ගන්න කියලා පණ විතරක් ඉතිරි උනාම
ඇදං හිටි ගවුම් කොටේ පිටිං දිව් උඹ
කණා මැදිරි එළියටත් බය ඇති
ඔව් ආන්කා උඹ පව්!!
ඒත්..
හිත රිදෙයි කියලා නොකීවට
බය උනාමත් ලස්සනයි උඹ..
මඩ තලන්න ආසවක් නැති නිසා නොදිව්වට
හුස්ම පවා ඇහෙන්න උඹ ලඟින් ඉද්දි
දැන් නම් කොහෙවත් යන්න හිතෙන්නෑ මට.
දිගට ම ලියමු බොල...........
ReplyDeleteබොහෝම ඉස්තූතියි :)
Deleteමට නං තේරේන්නෑ
ReplyDeleteපරණ සටහන් වගයක් අතරෙ තිබිලා හම්බුනේ. ඒ දවස් වල කියෝපු රුසියානු නවකතාවල උණ ඇසුරෙන් ලියපු එකක් මං හිතන්නේ :D
DeleteLove sick da???
ReplyDeleteLove Sick තිබිච්ච කාලෙ ලිව් එකක් තමා :D
ReplyDelete