Tuesday, May 17, 2016

රිලව්

5 වසරෙ විතර ඉද්දි අපිට අඳුන්නලා දුන්නා පොත් හුවමාරු කරන සිස්ටම් එකක්. ඒක හරියට හැම පංතියකටම තියෙන පුංචි පුස්තකාලයක් වගේ. ළමයි තමන්ට කැමති පොත් ගානක් ගෙනත් දුන්නම ඒවා එකතු කරලා කබඩ් එකේ දානවා. හැමදාම එතනින් පොතක් අරගෙන කියවන්න වෙලාවක් දෙනවා.
ඔහොමකියෝපු පොතක තිබ්බ කතාවක් මතක් උනා අද. ඊසොප් ගෙ එකක් වෙන්නෝනි
 සරලව කතාව මේකයි

ඔන්න එකෝමත් එක කැලෑවක කොනක ඇතිවෙනවා ලැව් ගින්නක්. ඔය ළඟ බෙනේක ජීවත් වුණු බකමූණෙක් මේක දැක්කම තේරුම් ගන්නවා වැඩි කාලයක් යන්න කලින් මේ පොඩි ගින්න ලොකු වෙලා ලොකු විනාශයක් කරන්න පුළුවන් බව. බකමූණා ළඟම ගුහාවක ජීවත් වෙන හිවලා ළඟට පියාඹගෙන ගිහින් කියනවා ඉක්මනින් දෙයක් නොකරොත් සිද්ධවෙන විනාශය ගැන. ඒකට නරියා දෙන්නේ " ඇයි අනිත් හැමදාම වගේ ගිහින් නිදා ගන්නෙ නැතුව මට වද දෙන්නේ" වගේ උත්තරයක්. තමන්ට පුළුවන් දෙයක් කරන්න හිතාගත්තු බකමූණා ශිය කඩිත්තෙන් තමන්ගෙ පිහාටු පොඟවගෙන ඇවිත් ගින්නට ඉහිනවා.  හිවලා මේ තේරුමක් නැති වැඩේ දිහා දිහා හිනාවෙවී බලන් ඉන්නවා.

නමුත් කාලෙත් එක්කම ගින්නත් මේ ආරංචියත් පැතිරෙනවා. සත්තු එතනට එකතු වෙනවා. කුරුල්ලෝ පිහාටු සලලා ගින්න කැලේ ඇතුලට පැතිරෙන එක වලක්වනවා. අලියා දිය කඩිත්තෙන් වතුර ගෙනත් විදිනවා. යම් වෙලාවකට පස්සේ කට්ටියට පුළුවන් වෙනවා එකතුවෙලා මේ ගින්න නවත්තගන්න. 


මිනිස්සු රටට ලෝකෙට යහපතක් කරන්න හදන හැමවෙලාවකම ඒක වඩාත්ම ඵලෝත්පාදක ක්‍රමය නෙවෙයි කියලා තමන්ට හිතෙන්න පුළුවන්. තමන්ට එහෙම හිතෙන ඕනම වෙලාවක තමන්ට පුළුවන් තමන්ට හිතෙන වඩාත්ම ඵලෝත්පාදක ක්‍රමයට ඒ වැඩය පටන් ගන්න. නමුත් එහෙම නොකර කකුලෙන් අදින හිනාවෙන හැම පාරම  අපි හැසිරෙන්නේ අර ඉනිමඟ සහ කෙසෙල් කැන පරීක්ෂණයේ වඳුරො වගේ බව අමතක කරන්න එපා.

ස්තූතියි.


2 comments: