Thursday, October 29, 2015

කාකි (අසම්පූර්ණ සටහනකි)

"එස්. බී. දිසානායකගේ වෙන මොන වැරදි තිබුණත් මම ඔහුට එක දේකට ගරු කළෙමි. ඒ ඔහු මේ අන්තරය කියන ඉබ්බා පුච්චන හරි පිට දැන සිටි නිසාය. සිරිසේන උන්නැහේ බලයට එද්දී නැවත ඉබ්බා වැරදි පිට පුච්චන්න පටන් ගනීද මට සැකයක් විය. අද නම් ඒ බියත් නැති විය. කළ යුතු දෙය කළ යුතු විදිහට කරන ආණ්ඩු වලට හැමදාම මා කැමැතිය.
මේ උපහාසයට කියන කතාවක් නොවේ. මහ ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබන රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුන් ඒ මහජනතාවටම හිරිහැරයක් සේ කරන මේ ඊනියා උද්ඝෝෂණ නතර විය යුතුය. නතර කළ යුතුය. මහා මාර්ගය කියන්නේ මොවුන්ට ඕනැ ඕනැ විදිහට, ඕනැ ඕනැ වෙලාවට වසා ගත හැකි අම්මගෙ අප්පගෙ බූදලයක් නොව මෙරට මහ ජනතාව භාවිතා කරන පොදු දේපළකි.
ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ප්‍රශ්න තියේ. අනෙක් ප්‍රශ්න මෙන්ම ඒවාද විසඳා ගත යුතුය. ඒවා විසඳා ගැනීමට මාර්ගය තවම මාස දෙකකට වඩා වයස නැති ආණ්ඩුවකට විරුද්ධව උද්ඝෝෂණ කිරීම නොවේ. එසේම ලොව පුරා යථාර්ථයක් වී ඇති ගාස්තු ගෙවා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීම නතර කළ යුතුය කියන පසුගාමී ආස්ථානයට ගමන් කිරීමද නොවේ. මෙතෙක් කල් ලංකාවේ සරසවි සිසුන්ට ලැබී ඇති යම් දෙයක් වෙත් නම් ඒ ලැබී ඇත්තේද මෙවැනි පුහු උද්ඝෝෂණ පවත්වාද නොවේ.
මේ ඊනියා උද්ඝෝෂණ නැවත 88-89 කාලයේ මෙන් සරසවි වැසීමක් දක්වා ගමන් නොකරන තැනට පාලනය කිරීම රජයේ වගකීමක් පමණක් බව මතක් කරමි. එසේ වුවහොත් තැලෙන්නේද තවත් අහිංසක සිසු පිරිසක්ම නිසාය."
සාකච්ඡාව පටන් ගන්නේ යාලුවෙක් ඉන්බොක්ස් එකට ඔය ස්ටේටස් අප්ඩේට් එක එවීමත් එක්ක.
ඉන්පසු ඔහු
  "නිකන් උඹට එව්වෙ. :)
උන් ටවුන් හෝල් පාර බ්ලොක් කරලලු හිටියෙ
හිතහන් මහදවල් ටවුන් හෝල් පාර බ්ලොක් කලාම
මේකෙ දැපැත්තක් තියෙනව බං
සමහරු රැළි හදනව. ස්ක්‍රිප්ට් ලියනව බන්
මිනිස්සුන්ගෙ සහ අපේ ස්නායු වලට දැනෙන තැන් අල්ලනව
ඒත් අන්තිම ටාර්ගට් ටිකක් ගඹුරුයි
මම නම් මේ වගේ දේවල් ගැන දෙපාරක් හිතනව
:)
උද්ඝෝෂණයක් විසුරවන එක ලේසි නෑ. කොහොමත් එහෙම කරද්දි ලස්සන චිත්‍රයක් නෙමේ අන්තිමට ඉතුරු වෙන්නෙ. පොලිසිය ලිමිට් පැන්න එක අවිවාදයෙන් පිළිගන්නව.
ඒත්, දෙපැත්තක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. එක පැත්තකටම කළු ලේබලේ අලවන්න පූළ්වන්ද කියන එකයි මම කල්පනා කලේ :)
මොකද හිතන්නෙ?"
මම
"අනිවාර්‍යෙන්ම ඕනම දේක දෙපැත්තක් තියෙනවා. ඒ නිසා මාත් කෑලි ටිකක් එල්ලන්නම්. ### ### කියන නිළධාරියා අන්තරේ කියන ඉබ්බා පිච්චිය යුතු බවත් උද්ගෝෂණ නතර කළ යුතු බවත් කියද්දි චානුක අමතක කරනවා ගම්පහ වෛද්‍ය විද්‍යාලය විදිහට රාගම වෛද්‍යපීඨය ලැබෙන්නේ 9 දෙනෙක්ගෙ මළකඳන් උඩින් අන්තරේ සහ ඔය කියන උද්ගෝෂණ යකා නිසා කියලා. ඇරත් උද්ගෝෂණ කරන්නේ අන්තරේ විතරක් නෙවෙයි. උද්ගෝෂණ කරන්නෙ හරක්කුත් නෙවෙයි. අන්තරේ කැඳවුම්කරු වෙලා ඉඳලා අමාත්‍යාංශ ඒසී කාමරේක සැප පුටුවක වාඩි උනු එස්බීට අමතක වෙන මහපොළොවෙ යතාර්ථය අපිත් අමතක කරන්නෝනි නෑ. කාර් වලින් ඇවිත් බහින පොෂ් අල සෙට් එක ඇරුනම කැම්පස් යන බහුතරයක් දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො. (මගේ කියවීම නම් ලංකාවෙ තියෙන්නෙ දුගී සහ මධ්‍යම පන්ති විතරයි) ඒ මිනිස්සු තමන් නිකං ඉගෙනගන්න දේට වටිනකමක් ඉල්ලන්නෙ උන්ගෙ දෙමව්පියන්ට යට කරන්න ලක්ෂ ගනන් නැති නිසා මිසක් රජයේ රස්සා හිඟාකන්නම නෙවෙයි. කලා පීඨයෙන් පරිභාහිරව දැන් ඒ ට්‍රෙන්ඩ් එක මැරීගෙන යන්නේ. මම ඉගෙන ගන්නෙ ප්‍රයිවට් යුනිවසිටි එකක..ඒත් මුං උඩ පැන පැන මේ පොඩි උංට තලද්දි එ අවුල මටත් දැනෙනවා..ඇයි..මුං මේ කොල්ලො කෙල්ලොන්ගෙ චන්ද කඩාවඩා ගත්තෙ ගිය ආණ්ඩුව උන්ට පොලු පාරවල් දෙනවා පෙන්න පෙන්න. මේවා හිඟන වැඩ :)
 මං දන්න තරමින් උද්ගෝෂනේට හේතුව උන්ගෙ පාඨමාලාවෙ අගය කප්පාදු කිරීම. හිතන්ඩ මම දාහක් හීන අස්සෙ පටන් ගත්තු කෝස් එක මැද්දෙදි ඒක බලු බෙට්ටක් කලාය කියලා. කාළකණ්නි වැඩනේ. මේ ලෝකෙ වටිනම දේ මොකද්ද කියලා ඇහුවොත් මං කියන්නේ ඒ ඒ මිනිස්සුන්ට තමන් ගැන තියෙන හීන කියලා. අඩුම තරමෙ ඒකට උදව් කරන්න බැරි ජහපාලනයක් රෝල් කරලා අධෝමාර්ගෙ ඔබාගත්තත් කමක් නෑ.
සහ, ප්‍රශ්නෙ තියෙන්නේ සිසුන් සහ අමාත්‍යාංශය අතර. පොලීසිය කරන්නෙ ප්‍රොටොකෝල් එක අනුව අතරමැදි කාර්‍යයක්. ඒක හරි. ඒත් උන් ඒක කරන විදිහයි වැරදි. පොලීසියට බැදිච්ච මිනිහෙක් ඒ පරිසරෙ ගිල ගන්නවා ඌ නොදැනීම. 'පොලිස් අංශු' උගේ ඇඟේ මොලේ තැන්පත් වෙනවා. බොහෝ දුරට රිසල්ට් එක ගස් කාළකණ්නියෙක්. උන් පොඩි කොල්ලො කෙල්ලොන්ට උඩ පැන පැන ගහන්නෙ රාජකාරියට නෙවෙයි ආතල් එකට. නිකමට හිතන්න ඔය අත වැරදි කරපු ලොක්කෙක් නෙවෙයි ලොක්කෙක්ගෙ ගෝලයෙක්ටවත් ඉස්සෙනවද? මේක රාජකාරිය නම් ඒකත් රාජකාරිය වෙන්නෝනි. ඒත් එහෙම නෑනේ. උන් කරන්නේ තැලෙන යකඩෙ උඩ පැන පැන තලන එක. සහ උන්ට නැති උනු අධ්‍යාපන ජීවිතය ගැන ඇතිවෙච්ච කුහක වෛරය පිරිමහගන්න් එක. ආණ්ඩුවෙන් තුවක්කු අතට දුන්නු අත් කරන්නේ ආණ්ඩුවට ඕන පැත්තට ඒ තුවක්කු මානන එක. ඒකට රාජකාරිය කියනවා නම් ඒ කරන්නෙ තඩි  ගොංබෙට්ටක් සුදු පිරුවටේකින් එතීමක්"
මිතුරාගේ ඉල්ලීම් නිසා පලකරන ලදි.
කැමැත්තෝ කැමති කැමති ආකාරයට පූර්වාපර සන්ධි ගලපා භාර ගනිත්වා !

Sunday, August 30, 2015

දෙයියංගෙ බාරෙ

යම් කතාවක් අතරතුර

ආච්චී : පඬුරක් නොදා දේවාලයක් පහු කරන් යන්න හොඳ නෑලු

මම : ඔව් නැත්තම් දෙයියො මාසෙ ඇදගන්නෙ කොහොමද

ආච්චි : එහෙම නෙවෙයි ළමයො. දේවාලෙ ලයිට් බිල් ගෙවන්න වගේනේ ඕව දාන්නේ

මම : ඒක තමයි නේ? දෙයියන්ට ඔක්කොම සෙල්ලං පුලුවන්, ලයිට් බිල ගෙවා ගන්න තමා බැරි


Wednesday, May 20, 2015

නොදනිම්

නැවත නොඑන නියාව දනිම්
නමුත් ඒබව සිතට ඒත්තු ගන්වන්නට නොදනිම්

මෙළොව ඇත්තේ යාම් ඊම් පමණක් බැව් දනිම්
නමුත් අංශුමාත්‍රික කාලපරතර අනන්තයක ඇති,
මූසල නිහැඬියාවට පිළියම් නොදනිම්

සියක් ඇස් අග කඳුළු වියැලේදැයි නොදනිම්
නමුත් හිත්වල ඇඳුණු මනෝරූපය,
කාලයේ වැලි ධූලි වලින් යට නොවන නියාවද දනිම්

නැවත නොඑන නියාව දනිම්
නමුත් ඒබව සිතට ඒත්තු ගන්වන්නට නොදනිම්

ඉන්න තැනක හොඳින් ඉඳපන් අයියේ


5 May ·



සන්නා

මට දැන් දැන් සන්නස්ගලගෙ හැසිරීම දිරවන්නැති උනාට ඊයෙ සත්‍යාගාර අවසන් වැඩසටහනේදි සන්නා මීට කලිනුත් කියපු දෙයක් ආයෙ අහනවා.

"උඹලා හදන නීති උඹලාවත් රකින්නැත්තම් උඹලගෙ නීති අපි රකින්නෝනි ඇයි?"

ඒ වචන ටික මගේ කන ඇතුලෙ කූං කූං ගානවා වගේ...



රැස්පැට්

අනේ මන්දා වෙලාව අරන් මේවා ලියන එකත් එක අතකින් තේරුමක් නෑ. ඒත් ළඟදි දැකපු අප්‍රසන්න දෙයක් නිසා ලියන්නම හිතුනා.
මිනිසා බුකුං බුකුං ගාපු මානවයාගේ කාලයේ ඉඳන්, ගස් බෙනේකට - කොටේකට තට්ටුවක් දාන්න ගත්තු තැනේ ඉඳන් අද වෙනකල් සංගීතයේ ගමන් මග සරල රේඛීය නෙවෙයි. 
ලක්ෂයකින් පටන් ගත්තම සිව් දිසාවටම විහිදෙමින්, අතු බෙදෙමින්, අතු වලින් අතු බෙදෙමින් නොකඩවා ඉදිරියට යන පද්ධතියක් හෝ පද්ධති සමූහයකුයි සංගීතය කියන්නේ.
මිනිස්සු එකක් බදාගෙන එකක් විවේචනය කරනවට මම අකමැතිම එකක් නිසා. ඒ තර්ක වල පදනමම වැරදියි.
අමරදේව ෂා..බොබ් මාලෙ චා..
එහෙමත් නැත්තම්, ස්ලිප්නොට්, එමිනම් ෂා..ලතා මංගේෂ්කාර් චා..
එහෙම එහෙම කියන්න කාටවත් අයිතියකුත් නෑ, කිව්වත් ඒක ඇත්ත වටිනකමකුත් නෑ.
දිවට දැනෙන රහ වගේම කනට දැනෙන රහ කියලා එකකුත් තියෙනවා. අපිට හුරු නැති රහවල්, සංගීත සම්ප්‍රදායන් අපිට සමහර විට දිරව ගන්න අමාරු වෙන්න පුලුවන්. ඒ වෙලේට ඒවා නොඅහ ඉන්න එක සම්පූර්ණයෙන්ම තමන්ගෙ අයිතිය.
ඒත් ආයෙමත් කියනවා, ක්ලැසිකල් තමයි මියුසික්, මේ මොන ජරාවක්ද කියලා සමහර මවු දෙමව්පියෝ ළමයිගෙ ඔලු හෝදන එක හරි වැඩක් නෙවෙයි.


8 miles අනිවාර්යෙන්ම මම වැඩිම වාර ගණනක් බලපු මූවීස් අතර තියෙනවා. ඒ එකක් මමEminem ටලව් නිසා. අනික මම රැප් වලට ලව් නිසා. ඒත් රැප් ලංකාවට ගලප ගැනීම අතින් තිබුණේ රොක් ලංකාවට ගලප ගැනීමටත් වඩා පිටිපස්සෙන්. ඒ අතරතුර කොළ එළියක් පේන්න ගත්තේ DRILL TEAM නිසා. Hasanka වගේ උන් ප්ලේ කරන්නෙ සෙල්ලම දැනගෙන බව පැහැදිලිවම පේන්න තිබුණා. උන් ටාගට් කරන ක්‍රවුඩ් එකකට හොඳ ප්‍රඩක්ට් එකක් ලස්සනට පොසිෂන් කරනවා.
කොහොම හරි ඔය අස්සෙ Srilankan Selfie Rap සීන් එක පටන් ගද්දි ඩබල් හැපි. ඒ වැඩේ හරියට කරොත් රැප් වෙනුවෙන් ලංකාවේ කරපු ධනාත්මකම සහ සාර්ථකම කැම්පේන් එක මේක වෙන නිසා.
ඒත් වැඩේ කැරකුනේ ඒ අතට නෙවෙයි.
බලලා සතුටට මූනට හිනාවක් එන සෙල්ෆි රැප් තුන හතර තිබුනෙත් තව කක්කා ගොඩක් මැද්දේ.
රැප් ප්‍රමෝට් වෙනවා වෙනුවට උනේ රැප් කාපු එක වනසපු එක මිනිස්සුන්ට රැප් එපා කරපු එක.
මුලදි Home Page එකට සෙල්ෆි රැප් එකක් ආවම කුතුහලේට හරි බලපු මිනිස්සුන්ට අන්තිමේදි මේක කරුමයක් වෙනතැනට පත් උනේ ඇයි කියන ඒක ඔබම ඔබේ හිතින් අහලා බැලිය යුතු දෙයක්.
ලංකාවෙ මිනිස්සු කොච්චර ඈලි මෑලි පිරිසක් උනත් යම් වෙලාවක් එනවා රතු කට්ට පනින. තමන්ගෙ පුද්ගලික දේශපාලන වාසි වෙනුවෙන් සංගීතෙ විකුණන් කාපු බුවෙක්ට ආයෙ ෆේස්බුක් පේජ් එක පැත්තෙ පස් නොපාගන්න හිතෙන තැනට වැඩ කලේ ඒ නිසා.
මේක පිටිපස්සෙ ඉන්නෙත් පොර බව දැන ගත්තෙ පස්සෙ. කොහොම හරි රැප් වනසලා හරි මිනිහට වෙන්න ඕන දේ උනා.
රටට ලෝකෙට මූණ දෙන්න බැරුව හිටි පොරට ආයෙමත් ලොකු සීන් එකෙන් ගොංපාට් දාන්න ඉඩ හැදුනා.
හැබැයි මේකෙන් රැප් වලට වෙච්ච හානිය කොස්සක් අතට ගත්තු බටකොළ ආච්චි වගේ ගැන්ග්ස්ටර් පොරක් චිත්‍රාල්ට ඩිස් කිරීම දක්වාත්, එතනින් මිනිස්සු ඒ මානසිකයාට බැනලා නතර නොවී රැප් වලටත් බනින තැනට ඔඩු දිවීම සම්බන්ධ වගකීම නම් උන්නැහේ නොගන්න බව විශ්වාසයි.

යේ යේ ජියා ජියා අගේන් අ බිග් ශව්ටවුට් ටු පිල්ටී විරාජ් හැටනවයේ කල්ලිය



වැදි ජාතික ගීය

අතිශයින්ම ලොල් සහගත බැවින් උපුටාගෙන සංස්කරණය කරන ලදි
(වැදි ජාතික ගීය)


සිරි ලංකා අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ සිරි...ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
සුන්‍දර පොජ්ජ සිරිබරිනී සුරැඳි විසාල පොජ්ජ සෝබමාන ලංකා
අඩුම කුඩුම කාසි නෙක මල් පලුපල පිරි ජය බිම්පොජ්ජ රම්‍යා
මෙයැත්තන් හට සැප සිරි සෙත්සාන්ති මන්දො කරනා ජීවනයේ අම්මිලැත්තෝ
බාර පොජ්ජ මන්දො කරනු මැන මෙයැත්තන්ගේ භක්‍තී පූජා
නමෝ නමෝ අම්මිලැත්තෝ
මෙයැත්තන්ගේ ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ
තොපන් වේ මෙයැත්තන්ගේ විජ්ජා
තොපන් මය මෙයැත්තන්ගේ සත්‍යා
තොපන් වේ මෙයැත්තන්ගේ හත්ති
මෙයැත්තන්ගේ හද තුළ භක්‍තී
තොපන් මෙයැත්තන්ගේ ආලෝකේ
මෙයැත්තන්ගේ අනුප්‍රාණේ
තොපන් මෙයැත්තන්ගේ ජීවන වේ
මෙයැත්තන්ගේ මුක්‍තිය තොපන් වේ
නව ජීවන පොජ්ජ දෙමිනේ නිතින මෙයැත්තන් පුබුදු කරන් අම්මිලැත්තෝ
බුද්දි පොජ්ජ සක්ති පොජ්ජ වඩවමින රැගෙන මංගච්චනු මැන ජය බිම්පොජ්ජ කරා
එක අම්මිලැත්තගෙ පැටව් ඇත්තන් බැවිනා
මංගච්චමු මංගච්චමු වී නොපමා
ආල වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ අම්මිලැත්තෝ
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ අම්මිලැත්තෝ මා දෙයියා

(වැද්දා වරිග පොජ්ජට ජාතික ගීයක් මන්දො වීම ගැන ආඩම්බරනම් ශෙයා පොජ්ජ මංදො කරන්න.)



.සමණලුන්ට වෙඩි තියන්න

සමණලුන්ට වෙඩි තියන්න

-මීට වන බඹරා