Thursday, November 3, 2016

෴ පොල් පැළේ ෴

යාපනේ සිද්ධිය, එටිසලාට් සහ ශ්‍රීපාදය සමඟ හොයා ගන්නවත් නොමැතිව සිටි එකම කාසියේ දෙපැත්තවන බො.බ.සෙ ය සහ තව්හීඩ් ජමාත් හි ක්ෂණික ආගමනය හුදුඅහම්බයන් ලෙස බැහැර කිරීමට පූර්ව අත්දැකීම් ඉඩ නොදේ.
දේශපාලඥයාට යකුන් අවශ්‍ය ය.
මෙවැනි සෑම විටම සිහියට එන ඇඩොල්ෆ් හිට්ලර්ගේ සුප්‍රකට ප්‍රකාශය සටහනක් ලෙස තබමි

"සුප්‍රකට දේශපාලකයෙකු, ජනතාවගේ ශ්‍රේශ්ඨ නායකයෙකු වීමට නම් දේශපාලකයා විශින් තම දේශයේ සාමය ඇති වීමට ඉඩ නොදිය යුතුය. ඔහු හැමවිටම කලබල ඇති කළ යුතුය. මිනිසුන් තුළ බිය, අනාරක්ෂාව, දුක වේදනාව ඇති කළ යුතුය. මිනිසුන්ට දේශපාලකයා නැතිව බැරිය යන හැඟීම ඇති කළ යුතුය. සෑම විටම තම ළඟපාත අය සම්බන්ධකොට සැබෑ හෝ ව්යාජ සතුරන් මැවිය යුතුයි. එම සතුරන් වෙන්කොට දැක්විය යුතුයි. ඉතින් ඔබේ නායකත්වය පල දරන බව හැගුණු විට යුද්ධයක් ඇති කරන්න. මක් නිසාද  ශ්‍රේෂ්ඨ නායකයන් බිහි වන්නේ යුද්ධයෙනි"

෴ඇඩෝල්ෆ් හිට්ලර්෴



1 comment: