Showing posts with label education. Show all posts
Showing posts with label education. Show all posts

Friday, May 27, 2016

ආගමික පාසල් සහ වෙනත් හුටපට (අසම්පූර්ණ සටහනකි)



 බෞද්ධ ඔන්ලි, හිංදු ඔන්ලි, කතෝලික ඔන්ලි, ඉස්ලාම් ඔන්ලි ලෙස පාසල් බෙදීම දීර්ඝකාලීනව රටට බලපාන පිළිලයක් පෝෂණයකළ හැකි බව අකමැත්තෙන් වුවද පිළිගත යුතු දෙයකි.

තමන්ට නොතේරෙන දෙය සැක කිරීම හා ඊට බිය විම මනුෂ්‍යයන් ඇතුළු සියලුම සත්ත්වයන්ට පොදු ලක්ෂණයකි. කල්ලි බෙදීමත් සාමූහික ප්‍රචණ්ඩත්වයත් මේ හරහා මතුවීම වීම සුලබ ය. පාලකයන්ගේ පහසුවට 'බෙදා පාලනය කිරීම' එදා පටන් සිදු කළත් අප සදාකාලිකවම තුන්වන ලෝකයේ රටක්ව පැවතීම පසුපස මෙහි අඳුරු සෙවණැලි පවතින බව බැහැර කළ නොහැකි සත්‍යයකි. දරුවෙකුට තමන්ගෙ ආගමට අදාල වටපිටාවක ආගමික අධ්‍යාපනයක් ලබාදීමට කැමති දෙමව්පියන් බොහෝ දෙනෙක් සිටින අතර එය සාධාරණ සිතුවිල්ලකි. මෙහිදී ඇතිවන අර්බුධකාරී තත්ත්වයට පිළිතුරු සැපයීමේදී රජයකින් විය යුත්තේ දහම්පාසල් පද්ධතිය දියුණු කිරීම, රටේ අධ්‍යාපන ක්‍රමය ක්‍රමවත් කිරීම හා අධ්‍යාපනයය වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන ඉහළ දැමීම මගින් මතුවී ඇති අනවශ්‍ය තරඟකාරීත්වය නැතිකිරීමත් ඒ හරහා දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට (හා අනෙක් බාහිර ක්‍රියාකාරකම් වල යෙදීමට) දරුවන් පෙළඹවීම ය.

නමුත් අවාසනාවකට අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වන මුදල ඉහළ දැමීමට කරන ඉල්ලීම් සිනහවෙන් ඉවතදැමීමත් පාලකයන්ගේ සුඛවිහරණයට වෙන් වන මුදල් ඉහළ යාමත් සිදුවන අතර අප අහවල් ජාතියේ අහවල් එක ගැන බලමින් විරිත්තමින් සිටින්නෙමු.


Thursday, October 29, 2015

කාකි (අසම්පූර්ණ සටහනකි)

"එස්. බී. දිසානායකගේ වෙන මොන වැරදි තිබුණත් මම ඔහුට එක දේකට ගරු කළෙමි. ඒ ඔහු මේ අන්තරය කියන ඉබ්බා පුච්චන හරි පිට දැන සිටි නිසාය. සිරිසේන උන්නැහේ බලයට එද්දී නැවත ඉබ්බා වැරදි පිට පුච්චන්න පටන් ගනීද මට සැකයක් විය. අද නම් ඒ බියත් නැති විය. කළ යුතු දෙය කළ යුතු විදිහට කරන ආණ්ඩු වලට හැමදාම මා කැමැතිය.
මේ උපහාසයට කියන කතාවක් නොවේ. මහ ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබන රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුන් ඒ මහජනතාවටම හිරිහැරයක් සේ කරන මේ ඊනියා උද්ඝෝෂණ නතර විය යුතුය. නතර කළ යුතුය. මහා මාර්ගය කියන්නේ මොවුන්ට ඕනැ ඕනැ විදිහට, ඕනැ ඕනැ වෙලාවට වසා ගත හැකි අම්මගෙ අප්පගෙ බූදලයක් නොව මෙරට මහ ජනතාව භාවිතා කරන පොදු දේපළකි.
ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ප්‍රශ්න තියේ. අනෙක් ප්‍රශ්න මෙන්ම ඒවාද විසඳා ගත යුතුය. ඒවා විසඳා ගැනීමට මාර්ගය තවම මාස දෙකකට වඩා වයස නැති ආණ්ඩුවකට විරුද්ධව උද්ඝෝෂණ කිරීම නොවේ. එසේම ලොව පුරා යථාර්ථයක් වී ඇති ගාස්තු ගෙවා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීම නතර කළ යුතුය කියන පසුගාමී ආස්ථානයට ගමන් කිරීමද නොවේ. මෙතෙක් කල් ලංකාවේ සරසවි සිසුන්ට ලැබී ඇති යම් දෙයක් වෙත් නම් ඒ ලැබී ඇත්තේද මෙවැනි පුහු උද්ඝෝෂණ පවත්වාද නොවේ.
මේ ඊනියා උද්ඝෝෂණ නැවත 88-89 කාලයේ මෙන් සරසවි වැසීමක් දක්වා ගමන් නොකරන තැනට පාලනය කිරීම රජයේ වගකීමක් පමණක් බව මතක් කරමි. එසේ වුවහොත් තැලෙන්නේද තවත් අහිංසක සිසු පිරිසක්ම නිසාය."
සාකච්ඡාව පටන් ගන්නේ යාලුවෙක් ඉන්බොක්ස් එකට ඔය ස්ටේටස් අප්ඩේට් එක එවීමත් එක්ක.
ඉන්පසු ඔහු
  "නිකන් උඹට එව්වෙ. :)
උන් ටවුන් හෝල් පාර බ්ලොක් කරලලු හිටියෙ
හිතහන් මහදවල් ටවුන් හෝල් පාර බ්ලොක් කලාම
මේකෙ දැපැත්තක් තියෙනව බං
සමහරු රැළි හදනව. ස්ක්‍රිප්ට් ලියනව බන්
මිනිස්සුන්ගෙ සහ අපේ ස්නායු වලට දැනෙන තැන් අල්ලනව
ඒත් අන්තිම ටාර්ගට් ටිකක් ගඹුරුයි
මම නම් මේ වගේ දේවල් ගැන දෙපාරක් හිතනව
:)
උද්ඝෝෂණයක් විසුරවන එක ලේසි නෑ. කොහොමත් එහෙම කරද්දි ලස්සන චිත්‍රයක් නෙමේ අන්තිමට ඉතුරු වෙන්නෙ. පොලිසිය ලිමිට් පැන්න එක අවිවාදයෙන් පිළිගන්නව.
ඒත්, දෙපැත්තක් තියෙනව කියලයි මට හිතෙන්නෙ. එක පැත්තකටම කළු ලේබලේ අලවන්න පූළ්වන්ද කියන එකයි මම කල්පනා කලේ :)
මොකද හිතන්නෙ?"
මම
"අනිවාර්‍යෙන්ම ඕනම දේක දෙපැත්තක් තියෙනවා. ඒ නිසා මාත් කෑලි ටිකක් එල්ලන්නම්. ### ### කියන නිළධාරියා අන්තරේ කියන ඉබ්බා පිච්චිය යුතු බවත් උද්ගෝෂණ නතර කළ යුතු බවත් කියද්දි චානුක අමතක කරනවා ගම්පහ වෛද්‍ය විද්‍යාලය විදිහට රාගම වෛද්‍යපීඨය ලැබෙන්නේ 9 දෙනෙක්ගෙ මළකඳන් උඩින් අන්තරේ සහ ඔය කියන උද්ගෝෂණ යකා නිසා කියලා. ඇරත් උද්ගෝෂණ කරන්නේ අන්තරේ විතරක් නෙවෙයි. උද්ගෝෂණ කරන්නෙ හරක්කුත් නෙවෙයි. අන්තරේ කැඳවුම්කරු වෙලා ඉඳලා අමාත්‍යාංශ ඒසී කාමරේක සැප පුටුවක වාඩි උනු එස්බීට අමතක වෙන මහපොළොවෙ යතාර්ථය අපිත් අමතක කරන්නෝනි නෑ. කාර් වලින් ඇවිත් බහින පොෂ් අල සෙට් එක ඇරුනම කැම්පස් යන බහුතරයක් දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො. (මගේ කියවීම නම් ලංකාවෙ තියෙන්නෙ දුගී සහ මධ්‍යම පන්ති විතරයි) ඒ මිනිස්සු තමන් නිකං ඉගෙනගන්න දේට වටිනකමක් ඉල්ලන්නෙ උන්ගෙ දෙමව්පියන්ට යට කරන්න ලක්ෂ ගනන් නැති නිසා මිසක් රජයේ රස්සා හිඟාකන්නම නෙවෙයි. කලා පීඨයෙන් පරිභාහිරව දැන් ඒ ට්‍රෙන්ඩ් එක මැරීගෙන යන්නේ. මම ඉගෙන ගන්නෙ ප්‍රයිවට් යුනිවසිටි එකක..ඒත් මුං උඩ පැන පැන මේ පොඩි උංට තලද්දි එ අවුල මටත් දැනෙනවා..ඇයි..මුං මේ කොල්ලො කෙල්ලොන්ගෙ චන්ද කඩාවඩා ගත්තෙ ගිය ආණ්ඩුව උන්ට පොලු පාරවල් දෙනවා පෙන්න පෙන්න. මේවා හිඟන වැඩ :)
 මං දන්න තරමින් උද්ගෝෂනේට හේතුව උන්ගෙ පාඨමාලාවෙ අගය කප්පාදු කිරීම. හිතන්ඩ මම දාහක් හීන අස්සෙ පටන් ගත්තු කෝස් එක මැද්දෙදි ඒක බලු බෙට්ටක් කලාය කියලා. කාළකණ්නි වැඩනේ. මේ ලෝකෙ වටිනම දේ මොකද්ද කියලා ඇහුවොත් මං කියන්නේ ඒ ඒ මිනිස්සුන්ට තමන් ගැන තියෙන හීන කියලා. අඩුම තරමෙ ඒකට උදව් කරන්න බැරි ජහපාලනයක් රෝල් කරලා අධෝමාර්ගෙ ඔබාගත්තත් කමක් නෑ.
සහ, ප්‍රශ්නෙ තියෙන්නේ සිසුන් සහ අමාත්‍යාංශය අතර. පොලීසිය කරන්නෙ ප්‍රොටොකෝල් එක අනුව අතරමැදි කාර්‍යයක්. ඒක හරි. ඒත් උන් ඒක කරන විදිහයි වැරදි. පොලීසියට බැදිච්ච මිනිහෙක් ඒ පරිසරෙ ගිල ගන්නවා ඌ නොදැනීම. 'පොලිස් අංශු' උගේ ඇඟේ මොලේ තැන්පත් වෙනවා. බොහෝ දුරට රිසල්ට් එක ගස් කාළකණ්නියෙක්. උන් පොඩි කොල්ලො කෙල්ලොන්ට උඩ පැන පැන ගහන්නෙ රාජකාරියට නෙවෙයි ආතල් එකට. නිකමට හිතන්න ඔය අත වැරදි කරපු ලොක්කෙක් නෙවෙයි ලොක්කෙක්ගෙ ගෝලයෙක්ටවත් ඉස්සෙනවද? මේක රාජකාරිය නම් ඒකත් රාජකාරිය වෙන්නෝනි. ඒත් එහෙම නෑනේ. උන් කරන්නේ තැලෙන යකඩෙ උඩ පැන පැන තලන එක. සහ උන්ට නැති උනු අධ්‍යාපන ජීවිතය ගැන ඇතිවෙච්ච කුහක වෛරය පිරිමහගන්න් එක. ආණ්ඩුවෙන් තුවක්කු අතට දුන්නු අත් කරන්නේ ආණ්ඩුවට ඕන පැත්තට ඒ තුවක්කු මානන එක. ඒකට රාජකාරිය කියනවා නම් ඒ කරන්නෙ තඩි  ගොංබෙට්ටක් සුදු පිරුවටේකින් එතීමක්"
මිතුරාගේ ඉල්ලීම් නිසා පලකරන ලදි.
කැමැත්තෝ කැමති කැමති ආකාරයට පූර්වාපර සන්ධි ගලපා භාර ගනිත්වා !