Wednesday, May 20, 2015

දයාබර නොරිකො,

පරණ නෝට් බුක් එකක් හම්බුනා පරණ පොත් අදිද්දි. මේ ඒකෙ තිබ්බ මම චූටි එකා කාලෙ ලිව් එකක් 😊
දයාබර නොරිකො,
එලූ තතමි පැදුරක් මත
දිග හරින්නට ඇත්නනම් 
ජීවිතය...
එකින් එක තෝරා
විදින්ට ඇත්නම්
අතීතය..
නිදන්ගත කොට,
සොහොන් බැදි
වල දැමූ
'නිවන් නොදුටු'
ජීවිතය..
හාරා
ගොඩ දමා
ගලන ඕජස් සෝදා
සිප වැළද ගන්නට ඇත්නම්..
පිරුවටයෙන් ඔතා
තුරුලු කර ගන්නට
ඇත්නම්..
ජීවිතය..
මගේ ජීවිතය...
මළවුන් සමග යන්නට පෙර
කියන්නෙමි මම
miss you my dear life
miss you so damn much


බෲටස්, ඇනපං මගෙ පිටට

දෙවියන් හට ටොකු දුන් පවට
සාතන්, බාරයි මම උඹට
ලීජන්, රීජන් මට මොකට
නීරෝ, නටපං වෙණ නදට
ඇති දැං...ඇති දැං මට හොදට
බෲටස්, ඇනපං මගෙ පිටට



෴පුතුනේ෴


හිරිමල් වියට
මෝදු වෙන
හීන කප්පරක්ම තිබුණා මට 
පුතුණේ..
අරූ මාව ඇදන් යනකන්ම
ලදු කැලැවට..
උගේ අති උත්ත්හම පුරුෂ ධාතුවට
දිය වෙළා ගියා මගේ හිරිමල් හීන..
ඒ තිරිසන් වනචරයගේ
තිරිසන් කමේ තෑග්ග උඹ..
උත්තම පුරුෂ බලයට යට උන
සදාචාර සමාජයේ අනාගත 'වේසිය' මම..
බඩකුත් එක්ක තනි උණ..
මගේ ජීවිතය බර කළ, වැනසුව
ඩැහි අඩුවෙන් උඹව ඇද දමවමි
කුණු බක්කියකට යට කරමි
උගෙන් උරුම වෙච්ච අනාගතය..
තෝරමින් මම මගේ අනාගතය..


සතියකට විතර උඩදි කෙනෙක්ගෙ කවියකට ලිව් රිප්ලයි කවියක්





*සචල මූල ද්‍රවය-
Na,P,K,Mg,Cl
(නාමල්ගේ *කේ මැග්නීසියම් ක්ලෝරයිඩ්)
*අචල මූලද්‍රවය-
Ca,Fe,B
(කාළකන්ණි ෆේස් බුක්) :3



මියුසික් මොන පාට ද?

මගේ රැප් රසඥතාවය අවුලක් වූ මහත්තයා වෙත
මහත්තයෝ
ඔබතුමාට ගුද වාත යන්නෙත් 'පොලිටික්ස්' 'පොලිටික්ස්' හඬින් බව පේනවා.
ඒත් ඒක මට අදාල දෙයක් නෙවෙයි.
ඔබතුමාට අනුව රැප් අහන්නේ තිරිසන්නු.
ඒත් මහත්තයෝ සංගීතයට මායිම් බඳින්නේ බවුන්ඩ්‍රි ලයින් අඳින්නේ ඊට වඩා ගොබ්බ එවුං.
යමකට තට්ටු කිරීමෙන් හඬ නිපදවීමේ පූර්ව අතීතෙක ඉඳන් මේ වෙනකල් සංගීතය දියුණු උනේ බවුන්ඩ්‍රිලස් මිනිස්සු නිසා.
ඊට අමතරව සංගීතය දියුණු උනේ එක පාරක ගිහින් නෙවේ විවිද මාවත් හා විවිධ අතුරු මාවත් ඔස්සේ.
රැප්, රොක්, හිප්පොප්, පොප්, ජෑස්, හින්දුස්ථානි, රෙගේ, ඉලෙක්ට්‍රො, ඩබ්ස්ටෙප් මොක උනත් ඒකට තමන්ගේ අනන්යතාවක් තියෙනවා..ඒ සංගීත සංස්කෘතිය තුල මිනිස්සු උප සංගීත සංස්කෘතීන් බිහි කරනවා
රොක් සංගීතය තුලත් ඇෆ්‍රො පන්ක්, පොප් පන්ක්, ඩෙත් මෙටල්, ඩෙත් රොක්, ග්ලෑම් මෙටල් යනාදී වශයෙන් විවිධතා බිහිවෙන්නේ පර්යේශනාත්මක උත්සාහයන්ගේ ප්‍රතිපල ලෙස.
කොටින්ම සංගීතය කියන්නේ අනන්ත පර්යේශන රැසක ප්‍රතිපලයක්.
ඒතුලින් බිහිවෙන ඒ ඒ ප්‍රඩක්ක්ට්ස් වලට ආස කරන පුද්ගල කණ්ඩායම් ඉන්නවා ඒ ඒ සංගීත සංස්කෘතීන් එක්ක එකතුවෙන.
ඒක අතිශන්ම පුද්ගලාබද්ධයි සහ තමන්ගෙ රසඥ්යතාවයට අනුගතයි..
ඒකට බවුන්ඩ්‍රි ලයින් දාන්නේ එක්කෝ සංගීතය ගැන මෙලෝ දෙයක් නොදන්න එකෙක්.
නැත්තම් සංගීතය කියලා මොකද්ද එකක් තමන් දන්නවා කියලා 'හිතන් ඉන්න' ඒත් ඒක එහෙම නොවන එකෙක්.
එහෙමත් නැත්තම් කුණු දේශපාලනය හැම මගුලටම ඈඳගන්න දේශපාලන කුහකයෙක්
මහත්තයට කැමති නැත්තම් රැප් අහන්න, අහන්නෙපා.
ඒකයි සංගීතයේ නිදහස.
"ඒත් ඒත්.." කියලා කියන්න දෙයක් තියෙනවා නම් මෙච්චරයි කියන්නේ...
ඉට්ස් ඕකේ බේබි
දැං පලයං


ගෑල්ලමයි ලොකු බබාලා වෙන පාටි මට නං මේ වගේ..
.
.
.
.
.

.
.
.
.
.
"අඩෝ වරෙල්ලා...
ඩිම්බයක් පිට උනා!
ඩිම්බයක් පිට උනා!"



28 July 2014 


෴ඇවිලුනාම අවුල් ද?෴

සරලව කතන්දරේ මේකයි.
*ඉවෙන්ට් එකක් තිබ්බා.
*කතන්දරේ ජූලිය ගැන නිසා හැමෝම වගේ ගියා (එක එක අච්චුවේ ඔලු තියෙන මිනිස්සු)
*ඉවෙන්ට් එකේ මේන් කන්සෙප්ට් එක රැඩිකල්
*ඒක දිරව ගන්න පුලුවන් මිනිස්සු ඒකත් එක්ක සෙට් උනා
*දිරවන්න බැරි මිනිස්සු, ගෑනි හොර මිනිහෙක් එක්ක ඉන්නවා දැකපු කසාද මිනිහා වගේ පුපුර පුපුර ඉදලා ගෙදර ඇවිත් දැම්මා බ්ලොග් පෝස්ට්ස්..ෆේස්බුක් පෝස්ට්ස්.
*ඒවා කියෝපු සමහරු අප්පට උඩු පෝස්ට් එකක් දාල චරිතයක් වෙන්න චාන්ස් එක කියලා දැම්මා 'ආදරෙන් ඇවිලී කෙළ විය'
*ඍණ අදහස් මාකට් වෙද්දි කරන්න පුලුවන් ලේසිම දේ හැටියට සමහරු සිං ගාල පාට මාරු කරා.
සරලව කතන්දරේ ඕකයි
පශ්චාත් මරණ පරීක්ශනේකුත් කලොත්,
ඕනම දෙයක් ගැන අපිට වෙනස් වෙනස් සංවේදන තියෙනවා.
ජූලිය වගේ මාතෘකාවකදී ඒක වඩා තීව්‍රයි.
අව්රුදු ගානක් තිස්සේ ජූලිය කළු ජූලියක් කරගෙන අපි හිත් කොනේ තියෙන පරන කක්කි ගොඩ අවුස්සගෙන කරන්නේ "තිස් අවුරුදු යුද්ධය නිමාකළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්" ජාතියේ අයි.ටී.ඒන් වර්ගයේ අවර ගනයේ වැරැද්දක් කියලා දැකපු කට්ටියක් ජූලිය පාට කරන්න ඉවෙන්ට් එකක් හැදුවා.
යුද්ධය, ජූලිය ඕන වෙන්නේ අතීත කුණු අවුස්සමින් වර්තමාන ගමනක් යන්න තනන මිනිස්සුන්ට.
මිනිස් ජීවිත අප්රමාණ ගාණක් මේ වෙනකලුත් මේ මහ පොළවට යට වෙලා ඇති පාදඩ දේශපාලනය නිසා.
අදත්, මේ දැනුත් ඒක වෙනවා.
උන්ම ඒක කර කර උන්ම ඒකට කළු තවරලා උන්ගේ ගමන යන්න හදන එක කොච්චර කුජීතද...?
වෙච්චි දේවල් මතක තියා ගමු, හැබැයි අතීතයට විලාප තියෙන එකෙන් ඈත් වෙලා වර්තමානය පාට කරමු..
මල් පිපිච්ච දවසට මල් බලන්න මාලතී ඇරුනම කමලා සුමනා තුවාන් ලා සෙල්වදොරේලත් එයි..
ගාන්ධි ද කොහෙද කිව් කතාවක් අගට අමුණන්නම්
ඔබ අලුතෙන් යමක් පටන් ගන්න,
මිනිසුන් ඔබව විවේචනය කරයි,ගර්හා කරයි.
ඔබ ඒත් නොනැවතුනොත් ඔවුන් ඔබව වට්ටන්න සියලු දේ කරයි.
ඔබ කිසිවකින් නොසැලී ඔබේ ගමන යන බව ප්රත්යක්ෂය වූ විට ඔවුන් ඔබව අගයයි, ඔබ හා එක් වෙයි.
එච්චරයි

 · 26 July 2014