Friday, March 17, 2017

Aris 13 ගැලීම් සටහන



1• එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයත් Aris 13 නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගත් බවට ආරංචි වේ. මෙය 2012න් පසු ඔවුන්ට වාණිජ නෞකාවක් අත්පත් කර ගැනීමට හැකිවූ පළමු අවස්ථාව වන අතර සම්පූර්ණ කාර්‍ය මණ්ඩලයම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයකි.


2• ඔවුන් කාර්‍ය මණ්ඩලය ඇතුලු නෞකාව නිදහස් කිරීමට විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින බවට මාධ්‍යය වාර්තා කරයි.


3•  2012 වසරේ සිට 2015 වසර දක්වා වූ කාල සීමාව තුළ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම වෙනුවෙන් අතඩංගුවට පත් වූ ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී නිශ්ශංක සේනාධිපති මෙම පැහැර ගැනීමට හේතුව තම සමාගම තහනම් කිරීම බවත්. මෙය නිදහස් කිරීම ලංකා නාවික හමුදාවට තබා ඇමරිකන් හමුදාවටවත් කළ නොහැකි බවත් එම ශක්‍යතාවය ඇත්තේ තම සමාගමට පමණක් බවත් මධ්‍යයට පවසයි.


4• හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම පැහැරගැනීමට හේතුව ඇවන්ට්ගාඩ් නොමැතිකම බවමාධ්‍යයට පවසයි.


5• සෝමාලියානු නාවික පිරිස් මුහුදු කොල්ලකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කළ බවත් ශ්‍රී ලංකා ජනාධිපතිගේ ඉල්ලීම මත නැවට එල්ල කළ වෙඩි ප්‍රහාර නැවතූ බවත්පුවත් වාර්තා කරයි


6•  කිසිඳු කප්පම් ගෙවීමකින් තොරව අදාල නැව නිදහස් කළ බවත් මීට හේතුව අදාල තෙල් නැව තෙල් ප්‍රවාහනය කලේ සෝමාලියානු බලවත් ව්‍යාපාරිකයින් වෙනුවෙන් බව අදාල මුහුදු කොල්ලකරුවන් දැන ගැනීම නිසා බවත් අද උදෑසන පුවත් වාර්තා කරයි.


මේ අනුව අපට ගොඩ නගා ගත හැකි අසමානතාවය පහත පරිදිය


ශ්‍රී ලංකා නාවික හමුදාව > ඇමරිකානු නාවික හමුදාව > සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් > ඇවන්ට්ගාඩ් සමාගම > සෝමාලියානු නාවුක හමුදාව > මෛත්‍රීපාල සිරිසේන > සෝමාලියානු බලවත් ව්‍යාපාරිකයින්


ෆීලිං ඕසම් නිරිතදිග මෝසම්